IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉතාලි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ජනපතිට විරෝධය

බෙදුම්වාදී කොටි ත්‍රස්තයන්ගේ මතය නියෝජනය කරන ආර්.සම්බන්දන් වැනි අයකු විපක්ෂ නායක ධූරයට පත් කිරීමත් ජාතික ලැයිස්තුවෙන් පරාජිත අපේක්ෂකයන් පත් කිරීමත් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැඩි අප්‍රසාදය පළ කරමින් සැප්තැම්බර් 5 වැනිදා ඉතාලියේ මිලානෝ නුවරදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව කටයුතු කළේය.

සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ශ්‍රී ලාංකිකයෝ මෙම උද්ඝෝෂණයට සම්බන්ධවූ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම ශක්තිමත් කිරීමට උදව් උපකාර කළ අයට ස්තූතිය පළ කිරීමද එහිදී සිදුවිය.

 

 



අදහස් (0)

ඉතාලි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ජනපතිට විරෝධය

පෙරේරා Monday, 07 September 2015 06:50 AM

අනේ ,ඉතාලියේ ඉන්න දේශපාලනය කරන අය ගැන අපි දන්නවා.අපි ඉන්නෙත් ඉතාලියේ. (නි)

:       0       0

මොහාන් Monday, 07 September 2015 07:01 AM

අයියෝ! වැඩක් නැහැ කතා කරලා. ඡන්දෙ දෙන්නවත් ලංකාවට එන්නේ නැති මිනිස්සු.අපි තමා පරිප්පුව කන්න ඕනෑ. (නි)

:       0       0

නාමල් Monday, 07 September 2015 07:11 AM

25 වත් එන්න නැතුව ඇති. අපි දන්නෙ නැති ඉතාලි ශ්‍රී ලංකාකාරයො...! දැන් ඔහෙලගෙ නායකයා අවුරුදු 9ක් තිස්සෙ රට හැදුවයි කිව්වා නේද? ඇයි ඉතාලි ගිහින් ඉන්නෙ? (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 07 September 2015 07:15 AM

රටට හරි ආදරේ කට්ටිය... (නි)

:       0       0

රොහාන් Monday, 07 September 2015 07:16 AM

තවම රකුසු සෙවණැලි යුරෝපය තුළ... (නි)

:       0       0

ඩෝසන් Monday, 07 September 2015 07:18 AM

ඉතාලියට වෙලා ඇයි මේ සද්ද? (නි)

:       0       0

බාලසූරිය Monday, 07 September 2015 07:19 AM

කවුද මේ කට්ටිය හැබෑටම? (නි)

:       0       0

ශ්‍රීමාන් Monday, 07 September 2015 02:41 PM

සිල්වි, ඔයා හරි. (නි)

:       0       0

නිශාන්ත Monday, 07 September 2015 07:25 AM

අනේ මන්දා මේවා! මෙහෙම කළා කියලා මොකක්ද වෙන වෙනස? (නි)

:       0       0

සමන් Monday, 07 September 2015 07:30 AM

අහිමි වූ මොළයේ අගය ලොවට දැනේ! (නි)

:       0       0

විජයබාහු Monday, 07 September 2015 07:40 AM

නාමල් පෙරේරාගෙන්ද ඇහැව්වේ (ම)

:       0       0

අචිනි Monday, 07 September 2015 07:51 AM

ජනපතිවරණය වෙලාවේදී රටේ වියදමෙන් මේ කට්ටියගෙන් කොටසක් ලංකාවට ගෙන්නුවා. පැරදුනාම ආපසු යද්දී බැණ බැණ ගියේ.තාම ලැජ්ජා නැහැ (නි)

:       0       0

ගාමිණී Monday, 07 September 2015 07:56 AM

ඉතාලිය අපිට එපා. අපේ රට ගැන ඔයාලා කතා කරන්නත් එපා. (නි)

:       0       0

ඩෝසන් Monday, 07 September 2015 08:01 AM

ඔච්චරම ලංකාවට ආදරේ නම් ඇයි දෙවියනේ ඉතාලිය ගොඩදාන්න ඔහෙට වෙලා වැඩකරන්නේ? එන්නකෝ ලංකාවට. ඇවිල්ලා කුඹුරක් හේනක් කොටලා රට නංවන්නකෝ (නි)

:       0       0

මැක්ස් Monday, 07 September 2015 08:18 AM

සිංහල මිනිසුන් හිතන පතන විදිහ මෙතැන ඇති අදහස් වලින් පෙනේ. (නි)

:       0       0

සේපාල Monday, 07 September 2015 05:06 PM

තව අවුරුදු ගානක් ඔයාලට ඉතාලියේ ඉන්න පුළුවන් කරදරයක් නැතුව. ඊටපස්සේ ඔයාලගේ යෝජනා අරගෙන එන්නකෝ (නි)

:       0       0

නුවන් Monday, 07 September 2015 08:59 AM

බොරුවට මුලාවිම කොපමණ දැයි මේ අදහස් වලින් පෙනේ. මේ අයට පෙන්නේ පක්ෂයත් පාටත් පමණි (ම)

:       0       0

ශානික Monday, 07 September 2015 10:06 AM

ඕවා ඉතින් දවසයි දෙකයි. ඊට පස්සෙ වැඩට යන්න ඕනෙනෙ. බලාගෙන යනකොට රටට ආදරේ අය ඔක්කොම වෙන රටවල වගේ. (අ)

:       0       0

නුවන් මිලාන් Monday, 07 September 2015 11:17 AM

නුවන් ඔබ හරි (අ)

:       0       0

සිල්වි Monday, 07 September 2015 11:38 AM

මෙතන අදහස් දාලා තිබෙන ගොඩක් අය කොළ පාට කණ්ණාඩි දාගෙනයි ඉන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site