ඉතාලියේ බොලොඤ්ඤා නුවර පිහිටි විදුලි ගේට්ටු නිෂ්පාදන කම්හලේ (පාක්) හිමිකරු මයිකල් ඇන්ජලෝ මානිනීගේ මුළු බූදලයම කතෝලික පල්ලියට හිමි විය. ඔහු සතු කම්පල් ගණන 12කි. හෘදයාබාදයකින් මනිනී මිය ගියේය. ඔහු අවිවාහකයෙකි. මාපියන් ද මිය ගොසිනි. ඔහුගේ දේපළේ හිමිකාරිත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඒ සමගම ඇති විය. යුරෝ කෝටි 177.5 හෙවත් රුපියල් කෝටි 30175 ක් වටිනා මනිනීගේ දේපළේ හිමිකාරීත්වය ඔහු අන්තිම කැමැති ලියවිලි පත්‍රයෙන් බොලොඤ්ඤා කතෝලික දේවස්ථානයට ලියා තිබිණි. 2011 වර්ෂයේ දී පමණක් ‘ෆාක්‘ ආයතනය ලැබූ ආදායම යුරෝ කෝටි 21.4 හෙවත් රුපියල් කෝටි 363.8කි. ඔහුගේ කම්හල් හි සේවය කරන දහස් ගණන් සේවකයන්ගේ අනාගතය ද දැන් එම පල්ලිය සතුය.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි ව්‍යාපරික සේසතම පල්ලියට
ඩිල්ශාන් Friday, 06 April 2012 11:55 AM
මීට වඩා හොදයි අප්‍රිකාවේ වගේ දුප්පත් මිනිස්සුන්ට දුන්නනම්. මොකද පල්ලියට ඕනතරම් සල්ලි තියෙනවා. කුණු තියෙන තැනටමයි කුණු උනන්නේ.
නිස්සංක Thursday, 05 April 2012 11:05 AM
පල්ලියේ ස්වාමි ගොඩ
උදයකාන්ත- ඇෆ්ගනිස්ථාන් Thursday, 05 April 2012 12:46 PM
හොද වැඩක්. කාට කාටත් හොද ආදර්ශයක්.
ඇන්ටන් Thursday, 05 April 2012 02:08 PM
ඔහුට දෙවි පිහිට ලැබේවා..
සංජය සේනාරත Thursday, 05 April 2012 05:14 PM
ස්වාමීනි ඔහුගේ ආත්මයට නිත්‍ය සැනදීස දුන මැනව..
අශෝක - සයිප්‍රස් Thursday, 05 April 2012 06:50 PM
අනේ, යහපතක්ම සිද්ධ වේවා !
යූනුස් අලවි. Thursday, 05 April 2012 11:15 PM
කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ අන්තිමට වෙන කව්දෝ බුක්ති විදින්නේ....ඔවා අපේ ඇමතිවරුන්ට හා අනිත් අයට හොද පාඩම්.....