IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉතාලි ලංකා ගෙදරක පිහි ඇනුමක්

ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ්‍රී ලාංකික නිවසක අඹු සැමි අවුලකට මැදිවූ නෑයකුගේ උදරයට ඉරිදා අලූයම පිහියෙන් අනින ලදැයි සැකපිට සමීප නෑයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. අඟල් 22 ක පිහියෙන් ඇනීමේ සිද්ධිය සැලවූ වහාම එහි ආ ඉතාලි පොලිසිය තුවාලකරුට ප‍්‍රථමාධාර දී රෝහලට යවා සැකකරු අසල පාරක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මාසයක් පමණ තම නිවසේ නවාතැන්ගෙන සිටි නෑනාට පසුදා ඉන් පිටවී යන ලෙස මස්සිනා විසින් තර්ජනය කරන ලදැයි ඉතාලි පුවත්පත් පවසයි.



අදහස් (0)

ඉතාලි ලංකා ගෙදරක පිහි ඇනුමක්

සමන් (ඉතාලි) Monday, 20 August 2012 11:08 PM

ඉතාලියේ නම් කතාකරන පරක්කුවට පොලීසියෙන් එනවා. ලංකාවේ නම් මරලා දාලා ගියත් පොලීසියත් නැහැ. අහළ පහළ අයත් නැහ, නෑයෝත් නැහ. (නි)

:       0       0

පුලස්ති Monday, 20 August 2012 03:07 PM

ආරේ ගුණ නෑරේ...(ස)

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 21 August 2012 11:48 AM

මොනවා බෙදාගන්න බැරුවද දන්නේ නෑ.(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Monday, 20 August 2012 10:45 AM

අගල් 22ක පිහියක් කියන්නේ මාලු කපන පිහියක් වෙන්න ඇති. (නි)

:       0       0

රම්‍යා Monday, 20 August 2012 04:25 PM

ලංකාවෙ අය කියන්නත් ලැජ්ජයි..ගිය තැන ඉවරයි...(ස)

:       0       0

සෝමේ Monday, 20 August 2012 04:44 PM

ලාංකික ඉතාලි පවුල් අතර ඇතිවන ගැටුම් සියල්ලටම වගේ මුල කාන්තාවක්. මටත් තියෙනවා අත්දැකීම් රාශියක්. මම ලංකාවට ඇවිල්ලා ලියනවා පොතක්. (නි)

:       0       0

අයිවන් Monday, 20 August 2012 04:59 PM

ඉවසීම නැත්නම් වෙන්නේ මේ ටික තමයි කාට කාටත්. ඔය සියලු දෙනාම තමන්ගේ ජීවිතයේදී එක වැරැද්දක් හරි කරලා තියෙනවා. ඒ නිසා අනුන්ගේ වැරදි හොයන්නේ නැතුව තමන්ගේ අඩුපාඩු හදා ගත්තොත් තමයි හොද. (නි)

:       0       0

රම්‍යා Monday, 20 August 2012 05:26 PM

මම ඉන්නේ පින්ලන්තේ. කියන්න ලැජ්ජයි, මෙහේ ලංකාවේ පිරිමි ගෑණුත් එක්ක රණ්ඩු කරනවා කාර් අරන් දෙන්න කියලා. (නි)

:       0       0

මධූ Sunday, 19 August 2012 08:15 PM

හැමරටම විනාසකරන්න......(ස)

:       0       0

නදී Sunday, 19 August 2012 08:48 PM

ලංකාවේ මිනිස්සු ගිය තැන ඉවරයි. (නි)

:       0       0

කවින්ද Monday, 20 August 2012 06:46 PM

ෂුවර් එකටද වෙන්නප්පුවේ කට්ටියක් වෙන්න ඇති (නි)

:       0       0

නිරෝෂණි Sunday, 19 August 2012 09:55 PM

දරාගන්න බැරි සතුටක් දැනුණා. අපේ ලංකාවෙ අය ගැන ආඩම්බරයි. (නි)

:       0       0

ශර්මිලා Sunday, 19 August 2012 10:28 PM

ලංකාව වනසලා ගිය රටත් වනසනවා ලංකා පිස්සෝ....(ස)

:       0       0

කැටවල Sunday, 19 August 2012 10:40 PM

ඉතාලි වල ඉන්න අපිටත් ලැජ්ජයි. (නි)

:       0       0

කුරේ නාවලගේ Monday, 20 August 2012 12:42 PM

ඒක තමයි අපි කියන්නේ හවුල් වැඩ කරන්න එපා කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 893 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site