IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉතාලි පොසොන් දන්සලින්

පොසොන් පුර පසළොස්වක පොහොය දින  නිමිති කරමින්  මිලානෝ රෝ නගරයේ පිහිටි MAK restaurant අධිපතිනියන් වන මිනෝලි ප්‍රනාන්දු හා අප්සරා හේරත් මහත්මියගේ පුද්ගලික මුදලින් හා එම කාර්ය මණ්ඩලය සහයෝගයෙන් ප්‍රථම වරට බුරියානී දන් සැලක් පැවැත්විණි.

මිලානෝ ධර්ම නිකේතන විහාරාධිපති,යුරෝපයේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල පැල්ගහතැන්නේ සීලවිමල නාහිමිගේ අනුශාසනයෙන් එහි වැඩම කර දෙහිවල ශ්‍රී පියරතනාරාමාධිකාරි, මහසෙන්ගම පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ මෙසේ දේශනා කළහ.

ජාති ආගම් පක්ෂ පාට බලය හා කුමන ප්‍රශ්න බේද තිබුණත් වෙසක්, පොසොන් පොහොය දින සිහිපත් කිරීමේ දන්සැල් පැවැත්වීමට සහභාගිවීමට පසුබට වෙන්නේ නෑ. මොකද ලෝකේ කොහේ සිටියත් ලාංකික අපගේ දන්සල් සංස්කෘතිය අපගේ ලේවලට බද්ධවලා තිබෙන දෙයක්, පන්සලන් අර්ථකථනය වෙන්නේ දානය දෙන ආපනශාලාව යනුවෙන් පොසොන් පුර පසළොස්වක පෝය දින නිමිතිකොටගෙන අද මේ ආපනශාලාවේ ආහාර නොමිලේ දීම දන්සලක් යනුවෙන් හඳුන්වනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කිරීමට හා මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කිරීම උදෙසා කිසිම පැකිලීමකින් තොරව ලෝකවාසී ශ්‍රී ලාංකිකයන් මේ රටවල මෙවැනි දන්සල් පවත්වනු ලැබීමත් මේ සදහා අනුශාසනා දීමට මහා සංඝරත්නය වැඩම සිටීමත් මහත් භාග්‍යක්.

ගරුතර සංඝරත්නය වැඩම කළ පසු පළමුව පන්සිල් සමාදන්ව අනතුරුව දානය මහා සංඝ රත්නයට පිළිගැන්වීමෙන් අනතුරුව පැමිණෙන සිටි දහස්සංඛ්‍යාත ඉතාලි ජාතිකයන්ට හා ලාංකිකයන් පිරිසක මහා දන් සල විවෘත කෙරිණි.

 



අදහස් (1)

ඉතාලි පොසොන් දන්සලින්

බද්රානි Tuesday, 13 June 2023 04:04 PM

අනේ! එක ඉතාලි ජාතිකයෙක් වත් පේන්නවත් නැහැ. ලංකාවේ මිනිස්සුන්ට පිනට ලැබෙනවා නම් ඉතින් ඕනා දෙයක්. හරිම පෙරේතයි කෑමට. පිරිමින්ට නම් නොමිලේම බයිට් එක ලැබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site