ඉතාලියේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුට එරෙහිව පාර්නා නගරයේ සිංහලෙන් කැලෑ පත්තර ඇලවූ පුද්ගලයකුගේ තොරතුරු නගරයේ ආරක්ෂිත වීඩියෝ කැමරාවලින් සොයා ගත් කැරිබ්මේරි පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයයි.
පසුගිය 26 වැනිදා අලුයම 12.33ට ෆියට් පුන්තෝ මෝටර් රියකින් ආ පුද්ගලයකු එම කැලෑපත්තර අලවනු එම කැමරාවේ සටහන් වී තිබේ.
ඒ අනුව ඔහු කවුදැයි හදුනාගෙන ඇත.
එම පුද්ගලයා වෙන්නප්පුවෙන් ඉතාලි ගිය අයෙකියි කියති.
කැලෑපත්තර ගසා ඇත්තේ සිලෝන් කොපරතිවා නම් සංවිධානයකට එරෙහිවය. එහි ප්‍රධානියාද ශ්‍රී ලාංකිකයෙකි.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි ගිහින් කැලෑ පත්තර ගහයි
පිටිගල මිලානෝ Monday, 01 July 2013 11:55 AM
වෙන්නප්පුවේ කෙසෙල් කැන් සහ කුකුලෝ අයිතිකාරයන්ට වෙලදාම් කරපු වෙළඳ මහතෙක් වගේ පෙනෙන්නේ.(නදී)
ටෙෂාන් Sunday, 30 June 2013 04:53 PM
මෙන්න අපේ අය කරන වැඩ. ගිහිල්ලා ඉන්නේ මොකටද කියලා අමතක වෙලා (නි)
මාගලී Monday, 01 July 2013 12:04 PM
කොහේ ගියත් අපේ අයගේ ජන්ම ගතිය තමයි ඕක (දී)
චතුල වෙරෝනා Monday, 01 July 2013 12:51 AM
මට හිතෙන්නේ අසාධාරනයක් වෙච්ච අහිංසකයෙක් කරපු වැඩක් මේක. (නි)
ලේක්කෝ ගලබඩ Monday, 01 July 2013 01:59 AM
වෙන්නප්පුවේ අය අපේ රටේ නම කනවා. (නි)
ධම්ම Sunday, 30 June 2013 05:24 PM
බලූ නගුට මතක්වුනා.(නදී)
ඉන්ද්‍රජිත් Monday, 01 July 2013 02:58 AM
මම කියන්නේ බුදු හිමියන්ටත් හතුරෝ ඕනෑ තරම් හිටියා. (නි)
චන්ද්‍රිකා ,වෙරෝනා. Sunday, 30 June 2013 06:11 PM
අනේ අපි කාට කාට තව තව කැලෑ පත්තර ගහයිද දන්නෙ නෑ.(නදී)
මිලානෝ එකමුතුව Sunday, 30 June 2013 06:19 PM
ඔය කොපරතීවා කාරයා ලංකාවේ මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන පඩි ගෙවන්නේ නෑ. පොලු රජෙක්.(නදී)
මෙරිල් - වෙරෝනා Monday, 01 July 2013 01:51 PM
අම්මෝ ඔය කොපර්තිවා එක අයිති මනුස්සයා මිනිස්සුන්ගෙන් වැඩ අරන් පඩි ගෙවන්නේ නැහැ. ලෝක හොරෙක්.(නදී)
සුසිල් මිලානෝ Monday, 01 July 2013 02:16 PM
මේ වැඩපොලේ ලොක්කා ගැන බොහෝ දේ කිව හැකි වුනත් සටහන් නොකරමි.කවුරු වුනත් මිනිස් ශ්‍රමය සූරාකෑම ඉවසන්නේ නැහැ. (දී)
නන්දන පනාගොඩ මිලානෝ Sunday, 30 June 2013 08:51 PM
වෙන්නප්පුවේ මහත්මයෙක් නේද මෙය කරලා තියෙන්නේ. (අ)
මිනීපෙ Sunday, 30 June 2013 08:56 PM
කොච්චර උනත් කුඩල්ලන්ව මෙට්ටේ තියන්න බෑ.(නදී)
අශාන් Sunday, 30 June 2013 09:35 PM
හරි වචනේ කැරබිනේරි. අම්මෝ ඔය අපේ ලංකාවේ මිනිස්සු අටවාගෙන ඉන්න සමිති වලට නම් යන්න එපා කිසිම හේතුවකට. ඒ මිනිස්සු ඒ සමිති හදන්නේ අපේම මිනිස්සුන්ට සේවය කරන්න කියලයි, ඒ වුනාට කරන්නේ අපේම මිනිස්සුන්ව සූරාගෙන කාලා එයාලා පොහොසත් වෙන එක. මේ කැලෑ පත්තර ගහන්න ඇත්තේ අර සංවිධානයෙන් අසාධාරණයක් කරපු නිසා වෙන්න ඕනා.(නදී)
අමාලි සිල්වා Sunday, 30 June 2013 11:00 PM
අපේ ලංකාවේ අය බොහොම දක්ෂයි කැලෑ පත්තර ගහන්න පෙත්සන් ගහන්න. රට ගියත් ඒවා කරනවා. එයාගේ ගමත් හොඳ ලංකාවේ ප්‍රසිද්ද නගරයක්. අහන්න දෙයක් නැහැ.(නදී)
අප්පුහාමි Sunday, 30 June 2013 11:14 PM
ඕවා කොන්ද පන නැති බාල වැඩ. ප්‍රශ්නය බේර ගන්න මුනට මුණ කතාකරලා දෙකින් එකක් බේරගන්න. නැත්නම් රටේ නම කැත වෙන්නේ. (නි)
සජිනි Monday, 01 July 2013 11:35 AM
වෙන්නප්පුවේ කොල්ලන්ගෙන් ගුටිකාපු අයතමයි මේ (දී)