IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතාලි අගමැතිනිය පාප්තුමා බලන්න යයි

ඉතාලි අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්තුමන්ගේ සුව දුක් විමසා බැලීමට ගියාය. පසුගිය 14 වැනිදා පාප්තුමන් රෝමයේ ගැමේලි රෝහලට ඇතුළත් කෙරුණේ පෙනහළු ආසාදනයකින් හේතුවෙනි.

පසුව රෝගය උත්සන්න වූ බවත්, 88 හැවිරිදි පාප්තුමන්, නිව්මෝනියාවෙන් පීඩා විඳින බවත් වෛද්‍යවරු පැවැසුවේ බිය පළ කරමිනි. කෙසේ නමුත් අවසානයේ සිදු කළ රුධිර පරීක්ෂණ වාර්තා අනුව, මේ වනවිට පාප්තුමන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වෛද්‍යවරුන් උපුටා දක්වමින් වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රෝහලේදී තමන් පාප්තුමන් මුණ ගැසුණු බවත්, එතුමන් තමන් සමඟ සුපුරුදු පරිදි සුහදව කතා කළ බව ඉතාලි අග්‍රාමාත්‍යවරිය රෝහලෙන් පිටවී යද්දී, මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඉතාලි අගමැතිනිය පාප්තුමා බලන්න යයි

Hira Thursday, 20 February 2025 01:18 PM

පාප් තුමා මිනිසුන්ගේ ප්‍රශ්න/ලෙඩ සුව කරන්න විශේෂ දේව මෙහෙයවල් තිබෙනවා. එතුමට අසනීප වූනාම හොස්පිටල් එකට ගිහිල්ල ප්‍රතිකාර ලබා ගන්නවා ඩොක්ටර්ලාගෙන් . මොකක්ද මේ ඩබල් ගේම් එක? අපි ෆුල් කන්ෆියුස්

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 150 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site