IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඉතාලියේ මහා හොරකම

ඉතාලි ධන කුවේරයකුගෙන් රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනා යුරෝ 250000ක් සොරකම් කර ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන නඩුවේ විත්තිකරුගේ දේපළ පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමට මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අවසර දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරයකුට අවසර නැතැයි විත්තිකරුගේ නීතීඥවරුන් විසින් ගෙන ආ විරෝධතාවය විනිසුරුවරයා විසින් ඉවත දැමීය.

සැකකරු පැමිණිලිකරුගේ යුරෝ 250000ක් සමග රන්මදු, මාල, වටිනා රොලෙක්ස් ඔහරලෝසුවක්, යතුරු කැරැල්ලක් ආදිය රැගෙන පැමිණ ඇති බවත්, පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ ඩී එම් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත තමන් පෙනී සිටින බවත් මෙහිදී නීතීඥ පී ඩී කුලතිලක මහතා කරුණු දැක්වීය.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පමණ ඉතාලි ජාතික අයිවන් ලෝසියෝ ව්‍යාපාරිකයා ළඟ සේවය කරමින් සිටියදී මෙම භාණ්ඩ රැගෙන ශ්‍රී ලංකාවට පලාගිය බවට නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකර තිබිණි.

මාරවිල පොලීසිය කලහ ලොකුගේ හරීන්ද්‍ර, බන්දුල හරේන්ද්‍ර විජේසිංහ, ජයලත් ගෝඨාභය වික්‍රමසිංහ ආදී නම් වලින් පෙනී සිටි පුද්ගලයකු 2012.10.21 දින අත්අඩංගුවට ගෙන කූඨ ලෙඛන සෑදීම සහ ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබිණි.

පොලිස් පරීක්ෂක සෝමපාල මහතා උසාවියෙන් ඉල්ලා සිටි පරිදි මොහුගේ බැංකු ගිණුම් වාර්තා, රේගු සහ දේපළ තොරතුරු ලබාගැනීමට උසාවි අවසර ලැබිණි. මොහු විදේශ ගමන් බලපත්‍ර හතරක් සහ ජාතික හැදුණුම්පත් තුනක් භිවිත කළ බව මීට පෙර වාර්තා වී තිබිණි.

අදාල වාර්තා ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය.



අදහස් (0)

ඉතාලියේ මහා හොරකම

වසන්ත Monday, 11 February 2013 07:58 PM

අපේ රටේ නමත් කැත කරනවා.(නදී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 09:07 PM

මොහුට හැදුනුම්පත් 3 ක් නිතුත් කලේ කවිද කියා සොයා බලා ඒවා නිතුක් කළ රජයේ නිලධාරීන්ට විරුද්ධව විනය පරික්ෂන පැවැත්වූවොත් හොදයි නේද?(නදී)

:       0       0

ගාමිණී Monday, 11 February 2013 10:21 PM

ඉතාලි වැටෙනුත් පැනලා, ලංකාවේ රේගු වැටෙනුත් රිංගලා ගිය මේ වීරයාට ඉතාලි මහා වීර පදක්කම පිරිනැමිය යුතුයි. (නි)

:       0       0

ලියනගේ Monday, 11 February 2013 10:57 PM

මුදල් හොරකමක් වෙන්න ඇති. නමුත් හරියටම ගණන් මිනුම් කියන හැටි පුදුමයි. (නි)

:       0       0

ක්‍රිස්ටි Monday, 11 February 2013 11:20 PM

වෙන්නප්පුවේ සිරා කොල්ලෙත්.(නදී)

:       0       0

ලංකාසිරි Monday, 11 February 2013 11:40 PM

හොර හැදුනුම්පත් හදන්න රජයේ සේවකයෝ අවශ්‍ය නැහැනේ සිල්වා මහත්තයෝ. (නි)

:       0       0

සනත්123 Tuesday, 12 February 2013 11:46 AM

කියෙව්වෙ හඳපාන්ගොඩ හෙල සිරිතට කල මගුල ගැන.එහෙම හොඳ වැඩක් ගැන සමහරු උපහාසයෙන් ප්‍රතිචාර දක්වලා (ස)

:       0       0

නන්දන Tuesday, 12 February 2013 11:45 AM

යුරෝ 250000ක්........ අම්මෝ (දී)

:       0       0

නමිලා Wednesday, 13 February 2013 12:42 AM

අනිවාර්යයෙන්ම මෙයට දඩුවම් කරන්න. මෙය ඉතාලියේ ජීවක්වන සියලු ශ්‍රී ලාංකිකයින්ට මරු පහරක්. මේ වගේ දේවල් තවත් වුනොත් ලංකාවේ අයට ඉතාලියේ රැකියාවල් හොයන්න වෙන්නේ නැහැ.(නදී)

:       0       0

කුසල් Monday, 11 February 2013 04:44 PM

වෙන තැනක් නැතුවද ලංකාවට ආවේ (දී)

:       0       0

සමීර Monday, 11 February 2013 04:54 PM

ලෝක විනාශයද මේ? (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 13 February 2013 02:34 AM

වයර් මාරු වෙලා වගේ.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 13 February 2013 02:43 AM

ඩයස් මහත්තයා කියනඒකෙත් ඇත්තක් තියෙනවා. ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා නොවැ?(නදී)

:       0       0

ගාමිණි Monday, 11 February 2013 05:06 PM

ලංකාවටම ආවේ මොකටද (දී)

:       0       0

රජිව් Monday, 11 February 2013 05:09 PM

වැරදිකරුට නිසි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ශලිත Monday, 11 February 2013 05:23 PM

ඉතින් තවත් මොනවද බලාගෙන ඉන්නේ? (නි)

:       0       0

ජානක-වැනීසිය Monday, 11 February 2013 05:39 PM

පාප් වහනසේ ඉල්ලා අස්වී ඇත.(නදී)

:       0       0

සෙනරත් Monday, 11 February 2013 05:57 PM

ලංකාවේ වෙන දේවල් දිහා බැලුවහම මේවා හොරකම්ද? (නි)

:       0       0

සමන්ත පුත්තලම Monday, 11 February 2013 06:47 PM

සුපිරි පොරක්.(නදී)

:       0       0

ඉන්දික Monday, 11 February 2013 07:31 PM

ඔහු නියම මිනිහෙක්.(නදී)

:       0       0

තරිදු Monday, 11 February 2013 07:45 PM

ලංකාවට මොකටද ආවේ (දී)

:       0       0

ඩයස් Monday, 11 February 2013 07:52 PM

මෙම හොරකම පෑති කීපයකින් බෑලියයුතු සිද්දියකි. එකම නමින් පෙනී නොසිට පාස්පෝට් කීපයක් භාවිතා කිරීම කියන්නේ අනිවාර්යෙන්ම හොර උප්පෑන්න සහතිකත් යොදාගෙන තමා මේ දේවල් කරන්නේ. ඉතාලි නීතියෙන් රිංගායාමට මොවුන් කූට උපක්‍රම භාවිතා කරමින් වංචනීක ලෙස පෑමිලි වීසා හෑදීමට, තමන්න්ගේම නමින් වෙනත් කෙනෙක් ගෙන්වා ගෑනීමට කටයුතු කරන පිරිස් අද නොරසක් නොවේ, කනගාටුවට අනෙක් කරුණනම් තමන්ගේ නිත්‍යානුකූල සෑමියා හෝ බිරිද දික්ක්සාද කර වෙනත් කෙනෙක් පෑමිලි වීසා සෑදීම සදහා කසාද බදිනු ලබයි. දෙදෙනාගේ කෑමෑත්ත මත සිදුවෙන අතර මෙය මුදල් මත සිදුවෙන ගනුදෙනුවකි. මේ වගේ වෑඩනිසා හොර කච්චේරි,අල්ලස් දූෂණ , තෑරව් කරුවන් ඈතිවීම පුදුමයක් නොවේ. එමෙන්ම ඉතාලියේ බහුතරයක් දුක් මහන්සි වී තමන්ගේ දහදිය මහන්සියෙන් මුදල් උපයන පිරිසකි. මේ හොරකමේ අනික් පෑත්තනම් කිසිම ඉතාලි ජාතිකයෙක් යුරෝ 250000ක් නිවසක තබා ගන්නේ නෑත. ඉතාලි ගුවන් තොටුපලකින් ගෙන ආ නොහෑක. මන්දයත් මුදල් අල්ලන සුනඛයන් යොදා ඈත. සමහර විට 25000 දෙලක්ෂ පනස්දාහ උනාද දන්නේ නෑ. ඉතාලි ජාතිකයන් තමන්ගේ සේවකයාට සේවය අවසානයෙ පාරිතෝෂිත දීමනාවක් ගෙවීමට සෑම සේවාදායකුටම ඉතාලි රජය අනිවාර්ය කර ඈත. සමහර හාම්පුතුන් බොරු පෑමිනිලි ගොනුකරපු අවස්තා එමට ඈත. එමෙන්ම නිදා සිටියදී පවුලකට ගෑස් එකක් ගසා මෑරූ පුවතක් උතුරු ඉතාලියේ පසුගිය වකවානුවේ අසන්නට ලෑබුනේද මෙවෑනි තත්වයක් යටතේය. සමහර විට මොහුට ලෑබියයුතු දීමනා නොලෑබීමෙන් මෙසේ කලදයි නොදනී. නමුත් හොරකම නීති විරෝධිය. අනෙක ඉතාලියේ රන් බඩු කෑරට් 18 සහ 14 ආගයක් ගන්න නිසා වටිනාකමින් අඩුය. ඉතාලියේ යතුරු කෑරෑල්ලෙන් ලංකාවට පලක් නෑත. ඉතාලි දොරවල් වල යතුරු ලංකාවේ යතුරු වලට ගොඩාක් වෙනස් ආකාරයකින් නිපදවා ඈත. මීට වඩා ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රි ලාංකිකයන්ට සිදුකල වංචා පිලිබදව ලංකාදීප සයුරෙන් එතර තීරයේ අප දෑනුවත් කල අතර, වංචා වලට හසුවූ පුද්ගලන්ගේ පෑමිනිලි අනුව වටිනාකම රුපියල් කෝටි 8කට ආසන්නය. එම පෑමිනිලි අදාල අංශවෙතද යොමු කලෙමු. පෑමිනිලි කරුවන්ගේ උනන්දුව අඩුකමත්, ඉතාලියේ කාර්‍යබහුල බවත් නිසා එය යටපත් විය. රජය මින් ඉදිරියේදී නව නීති කෙටුම්පත් සදන්නේනම් , රටින් පිට සිදුවෙන වෑරදි බොහෝ දුරට අඩුවෙනු ඈත. මෙවෑනි දේ සම්බන්දව කටයුතු කිරීම ගෑන පොලිස් දෙපර්තමේන්තුවට අපගේ උපහාරය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site