ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 4,825 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (21) දිනයේදී පමණක් 793 දෙනකු මියගිය බව ඉතාලි බලධාරිහු පවසති.
එම සංඛ්‍යාවත් සමඟ එක ළඟ දින දෙකකදී ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව පිළිවෙළින් 600 සහ 700 ඉක්මවා ගියේය. සිකුරාදා දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 627ක් වාර්තා විය.මේ අනුව අසමස්ත මරණ ගණන 4,825 ඉහළ ගියේය.
ඉතාලිය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට සති හතරක් වන අතර එම කාලය තුළ දී වැඩිම මරණ ගණනක් වාර්තා වූ දිනය ලෙස ඊයේ දිනය සටහන් විය.
ඉතාලියේ මරණ ගණන වැඩි වීමත් සමඟ කොරෝනා වයිරසය හේතුවෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ ගණන 5,000 ඉක්මවා ඇතිදිනයේදී සමස්ත මරණ ගණන 12,000 ඉක්මවා ගොස් ඇත.
රොයිටර්
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉතාලියේ කොරෝනා මරණ 4800 ඉක්මවයි
Ajith Sunday, 22 March 2020 03:35 AM
ඉතාලියේ පවතින රෝහ වල ධාරිතාවයට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රෝහල් ගත වී සිටින බැවින් ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගීන්ට පවා මියයාමට සිදු වී ඇත. මෙය බෙහෙවින් අවාසනාවන්ත තත්වයකි. ශ්‍රී ලාංකික ජනතාවගේ ද පරම වගකීම වන්නේ රෝගය පැතිරීමට ඉඩ නො දී රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුකර ගැනීමට සහාය වීමයි.
Rohana Sunday, 22 March 2020 06:30 AM
ගුවන් තොටුපොල වසන කාලය තවදුරටත් දීර්ඝ කිරීමෙන් සහ ඇඳිරි නීතිය ලිහිල් නොකර දිගටම පවත්වාගෙන යාමෙන් මේ උවදුර මැඩපැවැත්වීම අත්‍යවශ්‍ය වී තිබේ. බලධාරීන්ගේ අවධානය යොමුවෙත්වා. නැත්නම් ඉතාලියේ වගේ අපට කඳුළු සලන්නට සිදුවිය හැකිය.