IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්

(ජේ.ඉඳුරුවගේ)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන්  ඉඩම්    බදුගත්  401 දෙනෙකුගෙන්  රුපියල් 1,180, 434,743 ක හිග  බදු   මුදලක් රජයට   අයවිය යුතුව ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින්  අනාවරණය කරයි.

මෙම බදුකරුවන්ගෙන්     116 දෙනෙකුට  පමණක්  ගිවිසුම් මත ඉඩම් බදුදී    ඇති අතර 2023 දෙසැම්බර් 31 දිනට හිඟව පවතින මෙම මුදලින්  රුපියල්   904,486,633 ක හිග  බදු ප්‍රමාණයක් අයවිය යුතු  බදු කරුවන්  285 දෙනෙකුට ඉඩම් ලබාදී ඇත්තේ  නීත්‍යනුකූල බදු ගිවිසුමකට එළඹීමකින් තොරව බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අදාළව 2023 වර්ෂය වෙනුවෙන්වු මෙම විගණන වාර්තාවේ  සඳහන් වේ.

සමාලෝචිත වර්ෂය තුළ හිග බදු මුදලින් අයකරගත් වටිනාකම සියයට 13 ක් බවද නීත්‍යනුකූල බදු ගිවිසුම්  නොමැතිව බදු දී ඇති ඉඩම් වෙනුවෙන්   හිග බදු මුදල් අයකර ගැනීම සඳහා  නඩු මාර්ගයකට යාමට නොහැකි වී ඇති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.

 බදු දී ඇති ඉඩම් වෙනුවෙන්  නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට  කටයුතු කළ යුතු බවට   විගණන කාර්යාලය කොමිෂන් සභාවට නිර්දේශ ලබාදී තිබේ.

මේ හිග  බදු අයකර ගැනීමට නීතිමය පියවර ගත යුතු බදුකරුවන් ගණන  246 ක් බවත් ඉතිරි  පිරිසෙන් වාරික හා වාර්ෂික  පදනමින් බදු අයකර ගත හැකි බවත් ඒ අනුව ඉදිරි පියවර ගනිමින් පවතින බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විගණනය වෙත දන්වා ඇත. 

 

 



අදහස් (1)

ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්

Lasith Friday, 10 January 2025 10:31 AM

ඔය අහුවෙන්නෙ හොරු

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site