IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉඩම් නඩුවට ඇවිත් මරුට

වසර 29 ක් තිස්සේ අවිස්සාවේල්ලේ මහාධිකරණයේ විභාග වන ඉඩම් නඩුවක  පාර්ශ්වකාරියක කොළඹ අලූත්කඬේ අංක 302 දරන අධිකරණ ශාලාවේදී අසනීපවී මරුමුවට පත්වුවාය. සැමියාද සමග නඩුවට  පැමිණ සිටි ඇය රෝහලට රැුගෙන යනවිටත් මියගොස් සිටියාය. ඇය රත්නපුර පරකඩුවේ 63 හැවිරිදි කතකි. වසර 17 තිස්සේ අවිස්සාවේල්ල දිසා අධිකරණයේ විභාග වූ මේ නඩුවේ ඇපෑල කොළඹදී විභාගයට ගැණුනේ 2000දීය.



අදහස් (0)

ඉඩම් නඩුවට ඇවිත් මරුට

පෙරේරා Saturday, 08 December 2012 03:07 PM

දැන් ඉඩම කාගෙද ? (ස)

:       0       0

තිලක් Saturday, 08 December 2012 02:10 AM

මගේ බිරිඳගේ පියාගේ ඉඩමකට නඩුවක් තියෙනවා. පැවරූ දවස නම් මම දන්නේ නැහැ. 1976 විතර නඩුව තිබුණා මට මතකයි. අයිතිය පර්චස් 13යි. දැන් මාමණ්ඩි මියගිහින්. මගේ බිරිඳ තවම නඩු කියනවා. මම උපන්නේ 1955. මගේ පියාගේ ඉඩමකට 1957 වෙනත් පිරිසක් නඩු පවරලා. දැන් පියා මියගොස් අවුරුදු 33 ක් . මම තවම නඩු කියනවා. පියා නඩුවට අල්ලපු පෙරකදෝරුතුමාගේ දුව ලොකු මහත් වෙලා පෙරකදෝරුතුමියක් වෙලා (දැන් ඇගේ වයස 35 විතර) මේ නඩුව පවත්වාගෙන යනවා. මම ළඟදි කිව්වා අනේ කොහොම හරි මගේ පුතා ලොකු වුණාමත් එතුමියගේ දරුවෙක් ලොකු වෙලා පෙරකදොරුවෙක් වුණහම නඩු කියන්න මේක කොහොම හරි පවත්වාගෙන යන්න කියලා. ඉතිං අපිට රටේ ලොකු ලොක්කෝ අධිකරණයේ ගරුත්වය උත්තරීතර බව ගැන පත්තර වලට ලියන හර බර ලිපි දැක්කම දෙකොනින්ම හිනා යනවා. (නි)

:       0       0

නලිමි Saturday, 08 December 2012 02:28 AM

ලංකාවේ අධිකරණ‍ වැඩකටයුතු මෙලෙස පමාවිම නිසා, ඡනතාව අපහසුතාවයට පත්වන අතර, වැරදිකරන ඡනතාවක් රටතුල බිහිවේ. හේතුව නමි ඔවුන්ට දඩුවම් ලැබෙන්නේ අවුරුදු 25 කට පසුබව ඔවුන් දන්නා බැවිනි. (නි)

:       0       0

අනුර Saturday, 08 December 2012 05:12 AM

තියෙන නඩු ටික ඉක්මණින් ඉවර වුණොත් එතන වැඩකරන අය ඉන්පස්සේ මොකද කරන්නේ? (නි)

:       0       0

සමීර Friday, 07 December 2012 05:34 PM

මම ඔබ සියල්ලන්ම සමග එකගයි. (නි)

:       0       0

අමිල Saturday, 08 December 2012 09:36 AM

අනේ ජනපති තුමණි, මේ ඉඩම් නඩු ඉක්මනින් ඉවර කරන්න පුළුවන් විදියක් හදන්නකෝ (ස)

:       0       0

කිවි Friday, 07 December 2012 05:50 PM

අවුරුදු 29 මොකක්ද? අවුරුදු 50-60 යන නඩුත් තියෙන්නේ. (නි)

:       0       0

කුරුවිට Friday, 07 December 2012 06:39 PM

නඩු යන්නෝ - මිය යන්නෝ (ස)

:       0       0

ලක්ෂ්මන් Saturday, 08 December 2012 10:56 AM

නඩු දාන අය වළට. නඩු වලට පෙනීහිටින අය ගොඩට. (නි)

:       0       0

වරුණ Friday, 07 December 2012 01:45 PM

ලද දෙයින් සතුටු වෙන්න කියන්නේ මේවාට තමයි (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 07 December 2012 01:54 PM

පේනවනේ අධිකරණයේ තරම. මේ අහිංසක කාන්තාවට නඩු තීන්දුව දැන ගන්නලැබෙන්නෙ නෑනේ.. වසර 29 ක් තිස්සේ නඩුවක් විභාග වෙනවයි කියන්නේ කොච්චර ආඩම්බරයක්ද නේද...?(ස)

:       0       0

අමිල Friday, 07 December 2012 01:48 PM

දැන් කියන්න පුලුවන්ද නඩු බිමට (දී)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 11:54 AM

සියලුම නඩු සීමිත කාලයක් තුළදී විසදා අවසන් කරන්නට ක්‍රමයක් හදාගන්න බැරිද? (නි)

:       0       0

අචින්ත Friday, 07 December 2012 01:54 PM

වසර 29 ක් තිස්සේ මෙ නඩුව දික්ගස්සන් යැපුන සැමට යහපතක්ම වෙවා..(ස)

:       0       0

රසික Friday, 07 December 2012 02:22 PM

ඉඩම් නඩු ව‍ගේ කියන්නේ නිකන්ද ? (ස)

:       0       0

ගැමුණූ Friday, 07 December 2012 08:13 PM

හැම කෙනෙක්ම අවසානයේදී මැරෙනවා කියලා කාටවත් තේරෙන්නේ නැත්තේ ඇයි කියලා කියන එක මට තියෙන ප්‍රශ්නේ. (නි)

:       0       0

බන්දුල Friday, 07 December 2012 02:26 PM

ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ...........?

:       0       0

පුෂ්ප Friday, 07 December 2012 02:21 PM

ඔය කර ගත්තේ වැඩක් (දී)

:       0       0

සුධා Friday, 07 December 2012 02:22 PM

අයියෝ සාල්ලි

:       0       0

සෙනරත් Friday, 07 December 2012 02:33 PM

මොකද්ද කල ජමතනවා (දී)

:       0       0

සම්පත් Friday, 07 December 2012 02:40 PM

අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි අසාධාරණයෙන් ගන්න එක වැරදියි. (නි)

:       0       0

රොෂාන් Saturday, 08 December 2012 01:15 PM

උසාවිය වගකිව යුතුයි. දානයක්වත් දෙන්න කියමු. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 07 December 2012 02:39 PM

අරහෙ විරෝධතා පවත්වනවා . මෙහේ 29 අවුරුද්දක් විදවල මෑරිල යනව. මේ අහිංසක අම්මට අසාධාරණය සිදු කල සියලු දෙනාටම ලබන ආත්මෙත් මේ අම්මව මුන ගෑසේවා! (ස)

:       0       0

පෙරේරා Friday, 07 December 2012 02:41 PM

අයියෝ ජිවිතයක් (දී)

:       0       0

චන්ද්‍රා Friday, 07 December 2012 02:42 PM

මේවා මහ කුණුගොඩවල් (ස)

:       0       0

අජිත් Friday, 07 December 2012 09:58 PM

මේ සල්ලි වැදගත් වැඩකට යොදවන්න එපා. පරිස්සමින්. (නි)

:       0       0

සංජීව Friday, 07 December 2012 02:50 PM

අධිකරණ‍ය මෙහෙමනම් අනිත් ඒවා කොහොම වේවිද (ස)

:       0       0

හසිත Friday, 07 December 2012 02:50 PM

මේ කාන්තාවට අසාධාරණයක් කරපු අයට හොදක් වෙන්න එපා. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 07 December 2012 03:02 PM

හිගන්නගේ තුවලේ සනීප වුණොත් හිඟාකන්න බැරිවෙනවා කියලා කතාවක් තියෙනවනේ (ස)

:       0       0

කල්පගේ Friday, 07 December 2012 03:07 PM

නඩු ප්‍රමාදය ගැනත් පරීක්ෂණයක් තිබ්බොත් නරකද? (නි)

:       0       0

විලේගොඩ Friday, 07 December 2012 11:29 PM

ගෙවපු ගිනි සහ දරපු ගිනි සහ අසරණ ජීවිත නිසා දරන ගිනි නිවන්නේ කවදාද දෙවියනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site