IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉඩමට පාරක් ගන්න රක්ෂිතයක් කපලා

(බී.ජී. චතුරංග)

පෞද්ගලික ඉඩමකට ගමන් කිරීම සඳහා මාර්ගයක් ඉදි කිරීමට, මිහින්තලේ වෙල්ලාරගම රක්ෂිතයේ ඇති ගස් කපා දමමින්, එම රක්ෂිතය විනාශ කර දමමින් සිටි පුද්ගලයන් දෙදෙනකු බැකෝ යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අනුරාධපුර කාර්යාලය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගල්කුලම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සහ බැකෝ යන්ත්‍රය රියැදුරු ලෙස කටයුතු කළ ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

දින හතරක නිවාඩුවක් පැවති නිසා නිලධාරීන් නිවාඩු ගොස් ඇතැයි සිතමින් සැකකරුවන් ඉකුත්දා (1දා) මෙම වන විනාශය සිදු කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් විසින් අක්කරයක පමණ රක්ෂිත කොටසක ගස් කපා විනාශ කර දමමින් සිටි බවත්, අදාල පෞද්ගලික ඉඩමට යාමට වෙනත් මාර්ගයක් තිබියදී, රක්ෂිතය මැදින් කෙටි මාර්ගයක් සකස් කිරීම සඳහා මෙලෙස ගස් කපා දමමින් මේ වන විනාශය සිදු කරමින් සිටි බව, වන සංරක්ෂණ නිළධාරියෙක් මෙහිදී පැවසීය.

බැකෝ යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

ඉඩමට පාරක් ගන්න රක්ෂිතයක් කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site