IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉඟිනිමිටිය මායිම් ගල් දමයි

(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

ඉඟිනිමිටිය ජලාශ රක්ෂිතයේ මායිම් ගල් ස්ථාපිත කිරීම අද ආරම්භ කෙරිණ. වසර ගණනාවක සිට ජලාශයේ නියමිත මායිම් සළකුණු කර නොතිබූ හේතුවෙන් අනවසර වගා කරුවන්ගේ ක්‍රියාකාරකම් ඇතුළුව ගැටළු ගණනාවක් පැවති අතර නිලධාරීන් සහ ජලාශයේ ගොවි සංවිධාන නිරතුරු ජලාශය රක්ෂිතය නිරවුල් කරදෙන ලෙස බලධරීන්ගෙන් ඉල්ලීම් කර තිබිණ.

මායිම් සළකුණු කිරීමේ වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

එහිදී මුල්ම මායිම් ගල අමාත්‍යවරයාගේ සුරතින් ස්ථපිත කෙරුණු අතර ජලාශ රක්ෂිතය වටා කිලෝමීටර් 40ක් පමණ දුරට මායිම් සළකුණු කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. පැවැති උත්සව සභාවේදී රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස ඇමතූ අමාත්‍යවරයා වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

" ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපේ ආයතනික වශයෙත් ඇති කුණුකසළ ඉවත් කිරීමත් සිදුකෙරෙනවා. වැඩක් කරගන්න ගියාම කීයක්වත් දෙන්නෙ නැතිව මොකුත් කරගන්න බැහැ. ඒ තත්වය වෙනස් කර ගන්න ඕන. අතිකාල කරන්නෙ නැතිව අතිකාල ගෙවීම් ලබාගත් බවට ඕන තරම් තොරතුරු තියෙනවා. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පරිසරයේ කුණු කසළ ඉවත් කරන එක කියලා. ඒකත් එක් කොටසක් තමා. ඒ නිසා ඒ ආයතනික වශයෙන් තියෙන කුණු කසලත් ඉවත් කරන්න ඕන ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දෙන්න නම්. මේකෙ ආචාර්‍ය ධර්මික පැත්තකුත් තියෙනවා. අපි අපිමත් වැඩකිරීමේදී පිරිසිදුකම සහ නිරවුල්කම පවත්නා ගන්න අවශ්‍යයි.

 



අදහස් (2)

ඉඟිනිමිටිය මායිම් ගල් දමයි

222222222v Saturday, 11 October 2025 05:17 PM

අපිට සාමාන්‍යයෙන් තියෙනවා වමත සහ දකුණත. මේ ඇමැතිට සුරතකුත් තියෙනවා. මුල්ගල් නොතියන වෙලාවට ඒකෙන් මොනවද?

:       4       23

සමන් - ඕමානය Sunday, 12 October 2025 11:31 AM

තවත් සිල්ලර වැඩක ආරම්භයට ඇමතියෙක් ගිහින්. මේවා ඒ ඒ ආයතනවල නිලධාරීන් කළයුතු රාජකාරි වැඩ. ඒවා මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ යුතු දේවල් නෙවෙයි. අර ලක්මාලි නෝනා මහත් අභිමානයෙන් බස් එකක් පාරට දැම්මා වගේ "යෝධ සංවර්ධන" වැඩක්. වැඩ බැරි ජෙප්පන්ගේ තුට්ටු දෙකේ සෝබන වැඩ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site