
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
"එස් පාස් " විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත් සමඟම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර ගණනාවක් තිස්සේ දිනකට වාහන 150-200 ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් රුපියල් ලක්ෂ ගණනාව අලාභයක් සිදු වී ඇති අතර මේ වනවිට රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුවී ඇතැයි එම නිලධාරියා කිය.
අධිවේගී මාර්ගයේ නොමිලයේ ගමන් කළ හැකි අය ලෙස ජනාධිපති , අගමැති , මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණක්ම බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පි .එම්. සූරිය බණ්ඩාර මහතා විසින් ගැසට්ටුවේ සඳහන් පරිදි ලබාදුන් ලිඛිත නියෝග අනුව සියලුම මුදල් අයකැමීවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි එච් ගුණසිංහ මහතා ගෙන් අප කළ විමසීමකදී පැවසීය.
COMMENTS
අවභාවිතා නොකළ එකක් කියනවාද?
ජනාධිපති අගමැති වුණත් නිකන් යන්න දෙන්න ඕන නෑනේ.ඒ අයට වෙනම වියදම් වෙන් කරනවා.රී පාස් එකක් අරන් තියෙනවා නම් නවත්ත නවත්ත ඉන්න ඕනෙ නෑ.වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනෙ ඒ විදියට .
අනුර ජනපති, හරිනි අගමැති එයාලාගේ කාර්ය මණ්ඩලයට නොමිලේ යන්ඩ පුළුවන්.. පරණ ක්‍රමයම නේද?
බලය අයුතු ලෙස පාවිච්චි කරලා අධිවේගය අවභාවිතා කරපු එවුන්
නොමිලේ භාවිතය, ගිලන් රථ සහ අධිවේගී මාර්ග නඩත්තු වාහනත්, අධිවේගී මාර්ග පද්ධතියට අදාල පොලිස් වාහනත්, පමණක්ම විය යුතු නේද?
අන්න ඒකට නම් අලුත් ආණ්ඩුවට අපෙනුත් සැලියුට් එකක්...!
ණය අරගෙන හොරාකාලා කියලා ඔප්පු වුණා කියන්නේ, අපි දන්නැතුව අපිව ණය කාරයො කරලා - ඒ කියන්නේ අපිවත් අවභාවිතා කරලා....!
ජනාධිපති සහ අගමැති කාර්ය මණ්ඩලවල වාහන වලට අධිවේගී මාර්ගවල නොමිලේ භාවිතා කරන්න. ආදර්ශය හරියට දෙන්න. නැතිනම් ඉදිරියේදී වෙන්නේ කළින් රජයට වුණු දේම තමයි.
පාර්ලිමේන්තුවේ කැෆේ එක පවා... දන්සැලක් වගේ අවභාවිතා කළ හොරු 225ම මුළු රටේ හැම දෙයක්ම දූෂණය කරලා. ගිහින් අවීචියේම ඉපදේවා...!