IMG-LOGO

ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා

(සුජිත් හේවාජුලිගේ)

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී  අවභාවිත  කර  ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ  විශේෂ විගණනයකදී හෙළිවී ඇත.

මේ හේතුවෙන් විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයන් රැසකට එම බලපත්‍ර ලබා ගැනීමට  හැකිවී   නැතැයි  විගණකාධිපති  ඩබ්ලිව්. පී.  සී  වික්‍රමරත්න මහතා පැවසීය.

රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව සමයේදීය.

එම බලපත්‍ර වැඩපිළිවෙලේදී තවත්  අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා  විසින් පසුගියදා පාර්ලිමේන්තුවට බාරදෙනු ලැබීය.

එම වාර්තාව  ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විගණන වාර්තාවෙන් රජයට නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.

රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනාවරණයවූ කරුණු පදනම් කරගෙන ජාතික විගණන කාර්යාලය  එහි නිලධාරී  කණ්ඩායමක් යොදාගෙන මාසයකට වැඩි කාලයක් තිස්සේ  එම විගණනය කළේය.



අදහස් (8)

ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා

වික්‍රම විදුර Saturday, 23 November 2024 12:15 AM

පර්මිට් මරික්කාර් ගේ වැඩක්ද දන්නෑ..

:       0       2

sam Saturday, 23 November 2024 03:07 AM

මයිනා පවුලයි, ජොලි සීයයි නැහැයි කියන්නේ රට විනාශ කළ හොර රැළක්...

:       0       1

පිටරටවැසියා Saturday, 23 November 2024 09:52 AM

පසුගිය රජය කෝකටද විද්දේ නැත්තේ..? දශක හතකින් දුෂිතම පාලන කාලය... රට බංකලොත් වෙලත්, ඔවුන් නෙමෙයි අත ඇරියේ...!

:       0       1

Rasi Saturday, 23 November 2024 09:52 AM

අත්දැකීම් තියන කට්ටියනේ හිටියේ..!

:       0       1

pj Saturday, 23 November 2024 10:01 AM

ඒ විගණන නිලධාරි කණ්ඩායමට මෙම කාර්යය සඳහා ගෙවීම් කළේ IMF ණය වලින්ද?

:       1       0

විපරමා Saturday, 23 November 2024 04:25 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට ඕවත් වැඩද?

:       0       2

Ruwan Saturday, 23 November 2024 09:45 PM

බොරු ඕනේ නෑ... මගේ මස්සිනත් හිටපු කැබිනට් ඇමති යාළුවා හින්දා කාර් සෙල් එකට EV (විද්‍යුත් කාර්) 20-25ක්ම ගෙන්නුවා. මේවා ඉතින් ජනතාවගේ ඡන්දයෙන් ඇවිත් ඩොලර් මිලියන ගානක් ගසා කන වැඩ තමයි.

:       0       3

fairoos Sunday, 24 November 2024 12:50 PM

මනූෂ දුන්නා එහෙනම් ඒකටත්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site