IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූකම්පනයක්

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.

එම ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.7 ක අගයක භූකම්පනයක් ඇතිවී ඇතැයි කියති.

භූකම්පනයේ බලපෑම දකුණු ආසියාවේ ඉන්දියාව හා පාකිස්තානය යන රටවලටද ඇතිවී ඇතැයි වාර්තාවේ.

අද (26) පෙරවරුවේ ඇතිවූ භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය දැඩි සෙලවීමකට ලක්ව ඇතැයිද එම තත්ත්වය ඉන්දියාවේ නවදිල්ලි නුවරට හා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරටද බලපා ඇත.

භූකම්පනයේ බලපෑමෙන් ඇෆ්ගනිස්තානයේ බාලිකා පාසලක 12 දෙනකු මිය ගොස් ඇතැයි නිල නොලත් ආරංචි කියයි. සිදුවූ හානිය හා ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් ලැබී නැතැයි විදෙස් පුවත් සේවා කියයි.

web_20151026CSPSmYeWEAAzD60

(ඉන්දියාවේ නවදිල්ලි නුවර භූකම්පනය - ඡායාරූපය ‘ද හින්දු‘ වෙබ් අඩවියෙනි)

CSPUz6OUc20151026AE456y CSPUztfU8AAgCdF

(ඡායාරූප - ඩේලිමේල්)



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූකම්පනයක්

නිරෝෂ් Tuesday, 27 October 2015 03:43 AM

අපි ඔක්කොම මේ සිදුවීම ගැන දුක්වෙන්න ඕනෑ.අපි කොහොමද සතුටුවෙන්නේ අපේ අසල්වැසි රටවල් වලට මෙහෙම වෙනකොට? (නි)

:       0       0

ඉන්දික - ගම්පහ Monday, 26 October 2015 12:06 PM

පව් අසරණ ජනතාව. මේ මිනිස්සුන්ට කොහෙන්වත් සහනයක් නැහැ. සියලු සත්වයෝ සුවපත්වෙවා.! (ර)

:       0       0

ටිරෝන් Monday, 26 October 2015 01:44 PM

පව් අසරණ මිනිස්සු! මේ වෙලාවේ මට මතක්වෙන්නේ බාමියන් බුද්ධ ප්‍රතිමා (නි)

:       0       0

අමිල Monday, 26 October 2015 02:26 PM

ඇෆ්ගනිස්ථානයට ඔහෝම වෙලා මදි (බ)

:       0       0

ෆර්සාන් Monday, 26 October 2015 08:30 PM

අමිල, කිසිම අවස්ථාවක විපතට පත් අයෙකුට ඔහොම කියන්න එපා. අපේ රටේත් සමහරු විවිධ අවැඩ කළා. ඒ වෙනුවෙන් ඔබවත් මාවත් කොන් කළොත් අප කොතරම් අසරණ වෙනවද? (නි)

:       0       0

අමාලි Monday, 26 October 2015 10:15 AM

අනේ ජිවිත හනිනම් වෙන්න එපා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site