
(අජිත්ලාල් ශාන්තඋදය, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් 21දා අලුයම මියගොස් ඇති බව ඇහැළියගොඩ පොලිසිය පැවසුවේය.
පොලිස්ථානාධිපතිවරයා නැවතී සිටි නිලනිවස තුලදී ඔහුට වෙඩි වැදී ඇති බව ද පොලීසිය කියයි. හිසේ දකුණු කණ පැත්තෙන් වෙඩිවැදුන බවට සැකකළ හැකි ලේ වහනය වන තුවාලයක් ඇති බව ද පොලිසිය පැවසුවේය.
මෙසේ වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ ප්‍රියංකර ද සිල්වා යන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කලුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හතළිස් දෙවැනි වියේ පසු වු දෙදරු පියකු බව ද පොලිසිය පැවසීය.
වෙඩි වැදී තුවාල ලබා සිටි ස්ථානාධිපතිවරයා අලුයම් කාලයේදීම ඇහැලියගොඩ මුලික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
මෙම වෙඩි තැබීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩි දුර පරික්‍ෂණ පවත්වන බව ද ඇහැළියගොඩ පොලසීය පැවසුවේය.
(ඡායාරූප සැපයුම සුමිත් පොතුපිටිය)
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇහැලියගොඩ ඕ.අයි.සී අභිරහස් ලෙස මරුට