IMG-LOGO

2024 අප්‍රේල් මස 12 වන සිකුරාදා


ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට

(අංජුල මහික වීරරත්න)

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇතැයි රජය කියයි.

ඒ අනුව ඉදිරිපත් කර ඇති වාර්තාව මගින් ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානිය ශ්‍රී විභූතිය හා එම පරිසරයේ පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත් එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව විසින් ඇහැලේපොළ වලව්ව  ආශ්‍රිත ව්‍යාපෘතියක් සකස් කරනු ලැබ ඇත.

එබැවින් අදාල ගොඩනැගිල්ල ශ්‍රී දළදා  මාලිගාව වෙත පවරාදීම සුදුසු බවට නිර්දේශ කර තිබේ.

ඒ අනුව ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින්  දළදා මාලිගාව වෙත පවරාදීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (6)

ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට

රංබොඩ Tuesday, 02 April 2024 10:29 AM

ඒක නම් වටිනා ක්‍රියාවක්. දැන් ඒ වලව්ව ජාතික සම්පතක් සේ රැකේවි.

:       1       14

අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 10:56 AM

. ඇහැලේපොළ වලව්ව සංචාරක මධ්‍යස්ථානයක් කිරීමට විදේශීය සමාගමකට විකිණීමට සිත් පහල නොවිම සම්බන්ධ හා දළදා මාළිගාවට පැවරීම සම්බන්ධයෙන් සාදු කාරයක් දෙන්න පිංවතුනේ, ඊට පස්සේ රනිල් රාජපක්ෂට චන්දයකුත් දෙන්න.

:       5       14

Lional Seneviratne Tuesday, 02 April 2024 10:57 AM

විදුලි බිල මහජනතාවට....

:       6       5

සුරංග Tuesday, 02 April 2024 11:57 AM

රත්නපුර කෞතුකාගාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ලත් ඇහැලෙපොල නිළමේට අයත් ඔය කියන ආකාරයට ඉදිකල තැනක් කියලා ගොඩනැගිල්ලෙ ඉඉදිරිපස බැලුවම පේනවා

:       0       7

ගමේ එකාලා Tuesday, 02 April 2024 05:15 PM

රාජපක්ෂ පවුල් පාලනේ උන්නා නම් මෙලහකට වලව්වටත් වැඩේ දීලා.

:       2       7

සත්‍යපාල Wednesday, 03 April 2024 12:46 AM

ලංකාවේ වලව්කාරයින් කියන බොහෝ අය ළඟ තියෙන්නෙ විහාර දේවාලගම් පනතින් තමන් සතුකරගත් ඉඩම් මිස වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල් නොවේ. මෙවා මහජන අයිතියට පත්කල යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආගම විගමන නිලධාරීහු විරෝධයක
2024 අප්‍රේල් මස 12 474 0

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ ’’අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති.


මත් කිලෝ 200ක් සමග දස දෙනෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 12 416 0

හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ.


බීමත් රියැදුරෙක් වෙනුවෙන් නිළධාරියට පන්දහක ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 12 1181 0

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා අද 12 පැවසීය.


බළංගොඩ අනතුරින් හතක් රෝහලට
2024 අප්‍රේල් මස 12 602 0

බළංගොඩ හැටන් මාර්ගයේ බළංන්ගොඩ පින්නවල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 07 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වියට්නාම් කෝටිපති ව්‍යාපාරික කතට මරණ දඬුවම්
2024 අප්‍රේල් මස 12 1804 0

අල්ලස් ගැනීම, බැංකුකරණය පිළිබඳ රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ වංචා කිරීමේ චෝදනාවලට වැරදිකාරිය වූ වියට්නාමයේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරික


රුසියාව යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි
2024 අප්‍රේල් මස 12 3970 0

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 93 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1331 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1290 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site