IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇස් රෝහලේ පා ගමන

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත් කැරුණ ජාතික සෞඛ්‍ය සතිය නිමිත්තෙන් කොළඹ ජාතික අක්ෂි රෝහල සංවිධාන කළ ”ලෝක ග්ලූකෝමා පා ගමන” 2014 කොළඹදී අද උදෑසන පැවැත්විණ.

සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ පා ගමන පැවැත්විණි.

ඇස් පරීක්ෂා කිරීමේ නව සායන කාමරයක්ද විවෘත කැරිණි. රෝගීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ප‍්‍රයෝජනය සඳහා අලූතින් ඉදිකිරීමට නියමිත ආපන ශාලාවට  ද මුල්ගල් තැබීය.

විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මියගේ සී ඩී එම් පෞද්ගලික ආයතනයේ පරිත්‍යාගයක් ලෙස අක්ෂි රෝගීන්ගේ ප‍්‍රයෝජනය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පීඩනය මැනීමේ උපකරණයක් පරිත්‍යාග කෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ‍්‍රඩ් කුමාරසිරි, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වන චරිත් ෆොන්සේකා, ඒ. එල්. ධර්මරත්න, මානෙල් පැස්කුවල්, මංගලා ගමගේ, කපිල බන්දුතිලක, මංගල ධනපාල යන මහත්ම මහත්මීහුද ජාතික අක්ෂි රෝහලේ ඵලදායිතා ප‍්‍රවර්ධන හෙද නිලධාරිනී නදී රාජකරුණා මෙනවිය ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට දායක වූහ.



අදහස් (0)

ඇස් රෝහලේ පා ගමන

රොෂාන් ප්‍රනාන්දු Friday, 14 March 2014 08:41 AM

මේවට පාගමන් ගිහිල්ල හරියන්නේ නැහැ.ඉස්පිරිතාල වලට අවශ්‍ය උපකරණ ලබා දෙන්න ඕන.ග්ලුකෝමා රෝගීන්ගේ ඇස් පරික්ෂා කිරීමට අවශ්‍ය මැෂින් රජයේ රෝහල් වල නැහැ ,දුර පළාත් වල අයත් කොළඹ එන්න ඕන ඇස් පරික්ෂා කිරීමට . (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site