IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇස්බැස්ටස් පිළිකා කාරකයක්ද?

මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල

ඇස්බැස්ටස් යනු කුමක්ද?

ඇස්බැස්ටස් යනු ඛනිජයකි. ස්වභාවිකව නිපදවෙන සිලිකේට් ඛනිජ වර්ග 6 ක එකතුවක් වන එය වර්ණය අනුව නිල්, දුඹුරු, සුදු සහ කොළ ඇස්බැස්ටස් ලෙස හඳුන්වයි.


ඇස්බැස්ටස් නිෂ්පාදනය

ඇස්බැස්ටස් කැණීම වසර 4000කට වඩා පැරණිය. එහෙත් විශාල පරිමාණයේ කැණීම් බහුල වනුයේ 19 වන ශත වර්ෂයේ සිට 2009 වර්ෂයේ පමණක් ටොන් දශ ලක්ෂ 2 ක් ඇස්බැස්ටස් නිපදවා තිබේ. රුසියාව 50%, චිනය 14%, බ‍්‍රසීලය 12% මෙහි ප‍්‍රධාන නිපැයුම්කරුවෝ වෙති.


ඇස්බැස්ටස්වල ප‍්‍රයෝජන

ඉතා ඈත අතීතයේ පටන් ඇස්බැස්ටස් නිෂ්පාදන පරිභෝජනය කර ඇති බව පෙනේ. 19 සියවසේ ආරම්භ වූ මහා පරිමාණ නිෂ්පාදන අතර වහල සඳහා වන සෙවිලි තහඩු, සීලිම සඳහා උපයෝගී කරගනු ලබන තහඩු බිත්ති සහ ගෙබිම සඳහා පැනල්ස් ගින්නට ඔරොත්තු දෙන තහඩු සහ වයර නිපැදවීමේදී එම මිශ‍්‍රණ සඳහා යොදා ගැනීම ප‍්‍රධාන වශයෙන් කැපී පෙනෙයි.


විශේෂ ගුණාංග

ඇස්බැස්ටස් මේ තරම් ජනපි‍්‍රය වීමෙහිලා බලපානුයේ එහි ඇති සුවිශේෂ ලාක්ෂණික ගුණාංග සමුහයකි. එනම් ශබ්දය, උරාගැනීම එහි ඇති අධික Tensile Strength අගය

(නොකැඩී නැමිය හැකි බව) ගින්නට ඔරොත්තු දීමේ ගුණය තාපයට සහ රසායන ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ ගුණය සහ මිල අධික නොවීම මේ අතර ප‍්‍රධානය.


අනතුර හඳුනා ගැනීම

මේ මහඟු ගුණාංග තිබුණ ද අද වනවිට ඇස්බැස්ටස් යනු දරුණු පිළිකා කාරකයක් බව සියල්ලෝම පිළිගනිති. වර්ෂ 1891 දී එංගලන්තයේ මැන්චෙන්ටර් හි උපන් නෙලී තර්ෂෝව් ඇස්බැස්ටස් නිසා රෝගීව මිය ගිය ප‍්‍රථම කාන්තාව ලෙස වෛද්‍ය ඉතිහාසයට එක්ව සිටින්නීය. වයස අවුරුදු 35 දී එනම් වර්ෂ 1924 දී ඇය මියගියේ ඇගේ පෙණහලූ තුළට ඇතුළු වී තිබු ඇස්බැස්ටස් කෙඳි නිසා ඇති වූ රෝගී තත්ත්වයකිනි. එබැවින් 1931 තරම් ඈත කාලයේදීම එංගලන්තයේ ඇස්බැස්ටස් නිෂ්පාදන ආශි‍්‍රත නීති රෙගුලාසි සම්පාදනය විය.


ඇස්බැස්ටස් නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලූ

ඇස්බැස්ටස් නිසා මහත් වූ සෞඛ්‍ය ව්‍යසනයක් සිදුවන බව දිගු කාලයක් තිස්සේම ලෝකය දැන සිටියේය.

ඇස්බැස්ටස් ඉතා සියුම් කෙඳි වාතයට නිකුත් වන අතර ඒවා පෙණහලූ තුළ රැඳීමෙන් රෝග හටගනී. මෙම රෝග අතර ඇස්බැස්ටෝසිස් Mesolhelioma නම් වූ පිළිකා වර්ගය සහ පෙණහලූ පිළිකා බහුලය. ඊට අමතරව ආමාශය, වකුගඩු, මුත‍්‍රාශය සහ පිත්තාශය ආශි‍්‍රත පිළිකා පිළිබඳ සම්න්ධයක් ඇතැයි ප‍්‍රකාශ වුවද ඒ පිළිබඳ නිශ්චිත වාර්තා නැත. පුද්ගලයකු කොපමණ කාලසීමාවක් කොපමණ ඇස්බැස්ටස් ප‍්‍රමාණයකට

නිරාවරණය වනවාද යන්න සහ ඔහුට වෙනත් පෙණහලූ ආබාධයක් පවතින්නේද යන්න මත මෙන්ම ඔහු දුම්පානය කරන්නෙක්ද යන්න මත මෙම රෝගී තත්ත්වය ඇතිවීමට සහ වර්ධනය වීම කෙරෙහි බලපායි.

ඇස්බැස්ටස් කම්හලක සේවය කරන්නන් මෙන්ම ඔහුගේ පවුල් සාමාජිකයෝද වැඩි අනතුරකට මුහුණපාන අතර ඇස්බැස්ටස් පාවිච්චි කරන්නෝද යම් අනතුරකට මුහුණ දෙති. මෙම ලිපියේ මුලින් සඳහන් කළ දේවල්වලට අමතරව වාහනවල බ්‍රේක් පෑඩ්ස්, ක්ලච් පෑඩ්ස්, තීන්ත වර්ග, අලවන ද්‍රව්‍ය, ප්ලාස්ටික් වර්ග වැනි දෑ තැනීමේදී ද ඇස්බැස්ටස් යොදා ගන්නා බැවින් ඇස්බැස්ටස් වලින් අත්මිදීම මහත් අසීරු කාර්යයක් වී තිබේ.


ඇස්බැස්ටෝසිස් යනු කුමක්ද?

මෙය පෙණහලූ තුළ ඇතිවන නිදන්ගත ප‍්‍රදාහික තත්ත්වයකි. නිරන්තරයෙන් ඇස්බැස්ටස් ආශි‍්‍රත කර්මාන්තයේ යෙදෙන්නන්ට ඇතිවේ. මෙය පිළිකා තත්ත්වයක් නොවූවද පෙණහලූ පිළිකාවට හා මිසතිලියොමා පිළිකාවට වඩාත් ඉඩ හසර විවර කර දේ.


මිසතිලියොමා යනු කුමක්ද?

ඉතා කලාතුරකින් දැකිය හැකි පිළිකාවකි. එහෙත් ඇස්බැස්ටස් කර්මාන්තය ආශි‍්‍රතව මෙය වඩාත් බහුලය. Thesothelium යනු අප ශරීරයේ බොහෝ අවයව ආවරණය කරනු ලබන පටකයකට කියනු ලබන නමයි. ආවරණය Pleura නම්වන අතර අන්ත‍්‍රආවරණය පටලය Mesentery නම් වේ. හෘත් ආවරණය Pericardium ලෙස හැඳින්වේ. මෙම ආවරණය පටලවල ප්ලූරාව ආශි‍්‍රතව ඇතිවන පිළිකාව වඩාත් බහුලය.


පෙණහලූ පිළිකාව

පෙණහලූ පිළිකාව සඳහා නොයෙකුත් වෙනත් සාධක බලපෑව ද ඇස්බැස්ටස් පරිහරණය කරන්නන් අතර පෙණහලූ පිළිකා මතුවීමේ වැඩි ඉඩ කඩක් පවතී. මිසතිලියොමාව වැළඳෙන්නේ පෙනහලූ ආවරණය කරන ප්ලූණ පටකයට වුවද පෙණහලූ පිළිකාව වැළඳෙන්නේ පෙනහලූ පටකයටමයි. ලෝකයේ පිළිකා නිසා සිදුවන මරණ අතරින් පළමු තැන ගන්නේ පෙණහලූ පිළිකා නිසා සිදුවන මරණයි. වාර්ෂිකව එය මිලියන එකහමාරක ජනතාවක් මිය යාමට සලස්වයි.


රෝග ලක්‍ෂණ මොනවාද?

පෙණහලූ ආබාධයකදී දැනෙන සුවිශේෂි නොවූ රෝග ලක්‍ෂණ බොහොමයක් මෙහිදී ද දකින්නට පුළුවන. ඇස්බැස්ටස් වලට පළමු නිරාවරණය වූ දින සිට රෝග ලක්‍ෂණ ඇතිවන දින දක්වා කාලය වසර 20 ක් 40 ක් පමණ වන්නට පුළුවන. මහන්සි වීමකදී අධිකව දැනෙන හති ගතිය වියළි කැස්ස, තෙහෙට්ටුව ස්වභාවය පපුවේ කැක්කුම, පපුවේ ශබ්දය ප‍්‍රධාන රෝග ලක්‍ෂණ අතරට ගැනේ. කැස්ස සමග ලේ පිටවීම, අධික කෑම අරුචිය සහ බර අඩුවීම (වැහැරීම) පෙණහලූ පිළිකාවේ සහ මිසතිලියෝමාවෙහි අවසාන භාගයේදී දැකිය හැකි රෝග ලක්‍ෂණ අතර වේ.


රෝගය හඳුනා ගැනීම

රෝග ලක්‍ෂණ අනුව හෝ සාමාන්‍ය පරීක්‍ෂණ මගින් රෝගය වැළඳී ඇත්තේ ඇස්බැස්ටස් නිසා බැව් තහවුරු කර ගත නොහැක. එබැවින් සාමාන්‍ය රුධිර පරීක්‍ෂණ සෙම පරීක්‍ෂණ එක්ස් කිරණ පරීක්‍ෂණ මතු නොව සී.ටී. ස්කෑන් පරීක්‍ෂණ පවා මෙහිදී මහත් පිටිවහලක් නොවනු ඇත. එහෙත් පටක පරීක්‍ෂණයකදී ඇස්බැස්ටස් කෙඳි හෝ පිළිකා සෛල හඳුනාගත හැකිවනු ඇත. පටක පරීක්‍ෂණයක් සඳහා පටක ලබා ගැනීම පිණිස නොයෙකුත් ක‍්‍රමවේද උපයෝගී කරගනී. Bronchoscopy, Thoracocentesis, FNAC ඒ අතර ප‍්‍රදාන වේ. ප‍්‍රතිකාර කිරීම නිශ්චිත රෝගය අනුව සිදුකළ යුතුය. එහෙත් බොහෝ රෝගිනට ඇතිවන රෝග තත්ත්වය සුවකළ නොහැකිය.


ඇස්බැස්ටස් තහනම

ලෝකයේ රටවල් ගණනාවක ඇස්බැස්ටස් තහනම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ද එය තහනම් කිරීම අගය කළ යුතුය.


 



අදහස් (0)

ඇස්බැස්ටස් පිළිකා කාරකයක්ද?

නිලූ Thursday, 15 September 2016 10:21 AM

ලංකාවේ තහනම් වෙන්නේ 2024 ඉඳලා නේද? එතකොට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)

:       0       0

ඉමේෂ් Friday, 09 October 2015 07:42 AM

ලංකාවේ තහනම් ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site