‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශත්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වා ගැනීමට ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගෙන ඇත.
ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් වෙමිනි. මෙම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද ‘කොවිෂීල්ඩ්’ එන්නත්ය.
ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වුණු බවත් මේ වනවිට අධිකරණය හමුවේ තහවුරු වී ඇත. ඇස්ට්‍රා සෙනකා සමාගම පවසා ඇත්තේ එන්නත යවත්කාලීන කරමින් දෝෂ නිවැරදි කර, නව කොවිඩ් 19 වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි
fairoos Wednesday, 08 May 2024 01:55 PM
වන්දියක් නැද්ද? මිනිස් ජීවිත කීයක් නැතිවුණාද?
Ruwan Wednesday, 08 May 2024 05:19 PM
එතකොට නැතිවුණු මිනිස් ජීවිත නැවත ලැබෙනවද? ඒ පවුල්වල අගතියට පත්වූවන්ට සාධාරණය ඉටු වෙනවද? කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ එන්නත් මිනිසුන්ට බලහත්කාරයෙන් එන්නත් කිරීමට කටයුතු කළ පාලකයින් මේ මරණවල වගකීම බාර ගන්නවද? අහිංසක මිනිසුන් පරීක්ෂණාගාර මීයන් ලෙස භාවිතා කරමින් කළ මේ මහා අපරාධයට එරෙහිව ගෝලීය වශයෙන් එකතු වී කටයුතු කළයුතුයි.
Kumar Wednesday, 08 May 2024 09:03 PM
එකම තාක්ෂණය චීන කොව්ඩි එන්නතෙත් තියෙන්නේ
shantha Wednesday, 08 May 2024 09:57 PM
ඉන්දියාව ගෑවුනොත් අසුචි තමයි !!!