IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇවන්ට් ගාර්ඩ් නඩුව කල්යයි

ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති ව්‍යාපාරික කටයුත්තක් සඳහා යළි නයිජීරියාවට යාමට කළ ඉල්ලීම ගැන තීරණය කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මාර්තු 9 තෙක් කල් තැබීය.

ඔහුට අවසර දෙනවාද නැද්ද යන්න ගැන ආරක්ෂක ලේකම් හා විදේශ අමාත්‍යංශයේ උපදෙස් ගන්නැයි මහේස්ත්‍රාත් රහස් පොලිසියට මීට කලින් නියෝග කළේය.

ඇවන්ට්ගාර්ඩ් සභාපති යාපා සේනාධිපතිගේ නීතිඥ දුමින්ද වීරසූරිය මහතා අධිකරණයට දැන්වූයේ අධිකරණයෙන් ලිඛිත නියෝගයක් ඉදිරිපත් කළ යුතු බවයි.

ඔහුගේ නයිජීරියා ගමනට විරුද්ධ බව නීතිපති අධිකරණයට දන්වා ඇත.

ගාල්ල වරායේ ‘මහනුවර‘ නම් යාත්‍රාවේද බණ්ඩාරනායක සමරුහළේ ද අවි ගබඩා කර තිබිණැයි සේනාධිපතිට එරෙහිව රහස් පොලිසිය මේ පැමිණිල්ල ගොනු කර ඇත.

 



අදහස් (0)

ඇවන්ට් ගාර්ඩ් නඩුව කල්යයි

දුමින්ද Monday, 02 March 2015 11:02 AM

හොඳ උපදෙසක් දෙයිද?(හේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 March 2015 12:06 PM

අනේ මන්ද අපේ රටේ නිතිය ලොක්කන්ට එකකුයි පොඩ්ඩන්ට තව එකකුයිද මන්ද ? (ර)

:       0       0

යහම්පත් Monday, 02 March 2015 01:17 PM

එදත් අදත් අපේ රටේ නිතිය සහ උසාවිය ලොක්කන්ට එක විදියක්, කුක්කන්ට එක විදියක්. යහපාලනයක බල මහිමය (නදී)

:       0       0

රෝයි Tuesday, 03 March 2015 02:48 AM

යහපාලන රාමුව තුල ඉදන්වත් සාදාරන නීතියක් නැතිනම් කාට කියන්නද? (නදී)

:       0       0

හේෂාන් මානවඩු Tuesday, 03 March 2015 08:06 AM

දේශපාලකයන් ඡන්දෙට කලින් දෙන පොරොන්දු ගැන වැඩි විශ්වාස තබා ගන්නට එපා , එවිට තමා සිත් තැවුල් ඇති වන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site