IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇල්ලේ මියගිය අයට පිං දෙන්න දානයක්

(ප්‍රසාද් රුක්මල් )

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් සිදුවු මාරක බස්‍ රථ  අනතුරින් මියගිය පිරිසට පිංඅනුමෝදනා කිරීමෙ පිංකමක් බසය පෙරැළී ගිය ස්ථානයේදී සිදු කෙරිණි.

මෙහිදී භික්‍ෂූන් වහන්සේලා විසි පස් නමක් උදෙසා දානය පිරිනැමිණි. ඇල්ල කොට්ඨාසයේ රාජ්‍ය ආයතන ,  නගරයේ ව්‍යාපාරික ප්‍රජාව , ජනතාව එක්වී මෙම පිංකම් සංවිධානය කර තිබිණි .

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදී ඉකුත් 4 දා රාත්‍රී මේ අනතුර සිදුවිය.

පිංකම්  අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන්  රණසිංහ , ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක , ඇල්ල වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් ප්‍රේමසිරි, තංගල්ල වෙළෙද සංගමයේ සභාපති සුදත් රත්නකීර්ති යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ .

අනතුරින් මියගිය පිරිසට පිං අනුමෝදන්  කරමින් තුවාල කරුවන්ට  සුවය පතා ඊයේ (10) පිරිත් සජ්ඣායනාවක් ද ඇල්ලේදී පැවත්විණි.



අදහස් (2)

ඇල්ලේ මියගිය අයට පිං දෙන්න දානයක්

පිටරැටියා Thursday, 11 September 2025 03:07 PM

මියගිය සියලුම දෙනාට නිවන්සුව, තුවාලකරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මෙම පුණ්‍ය ක්‍රියාව සන්විධානය කළ සහ ඊට සහභාගි වූ සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි.. ගොඩාක් පින්... මෙවැනි අනතුරු යළි අපේ රටේ සිදු නොවේවා..!

:       0       1

සකියම Thursday, 11 September 2025 07:18 PM

ප්‍රාදේශීය පාලන ආයතන දාන මාන දෙනව කියන්නේ, ඔය අන්තුරට රටේ ජනතාව මුදල් වියදම් කරන්න ඕන කියන එකද? මගී ප්‍රවාහන රථ, මගීන් සමඟ රක්ෂණය කලයුතුයි. අනතුරට පත් අයට රජය(ශ්‍රී ලාංකීය ජනතාව) කිසිවක් කලයුතු නෑ. රක්ෂණය තියෙන්නෙ ඒකට තමා. එසේ නැත්නම් හිමිකරුගේ වත්කම් මගින් අයකරගෙන ගෙවිය යුතුයි. දැන්වත් වගකීම/වගවීම සහිත රටක් නිර්මාණය කළයුතුයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site