IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇලෝසියස් ට තවත් බදු නඩුවක්

(රෝෂන් තුෂාර)

රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාවට වරදකරු වී  මාස හයක  සිරදඬුවමක් ලැබූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට තවත් බදු නඩුවක් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරීය.

ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ 2019 හා 2020 වර්ෂයන්ට අදාළව රුපියල් 1035473988.47(රුපියල් කෝටි103ක්) ක වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස් හා ඇන්ටනී රන්දෙව් රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන් යන අය වගඋත්තරකරුවන්  කරමින් මෙම නඩුව පවරා ඇත.

2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනතේ  ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නඩුව පවරා ඇති අතර මීට ඉහතදී 2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු වැට් බදු මුදල වන රුපියල් බිලියන 3.5ක්(3555488597)නොගෙවීම සම්බන්ධයෙන් නඩු පවරා  සිරදඬුවම් නියම කර තිබිණි.

2019 හා 2020 වර්ෂ වලට අදාළව වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් වන නව පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඉදිරියේ කැඳවූ අතර වග උත්තරකරුවන්ට ඔක්තෝබර් මස 13 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කළාය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටියේය. 



අදහස් (0)

ඇලෝසියස් ට තවත් බදු නඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site