
(රෝෂන් තුෂාර)
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට ඇප නියම කරන ලෙස ඉදිරිපත් කළ අභියාචනය දෙවන වරටත් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද(16) නියෝග කළේය.
එකතු කළ අගය මත බදු පනතේ වගන්ති ප්‍රකාරව අභියාචන අයිතියක් වගඋත්තරකරුවන්ට නොමැති වුවද ,අභියාචනය ඉදිරිපත් කළ පළමු අවස්ථාවේම අදාල අභියාචනයක් බාරගෙන එය මහාධිකරණයට යොමු කර ඇති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම දෙවන වරටත් ප්‍රතික්ෂේප කළේය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
A Mahendran Wednesday, 16 October 2024 01:39 PM
හොඳ වැඩේ
Rohana Wednesday, 16 October 2024 02:10 PM
රනිල්ගෙනුයි රවිගෙනුයි අහල වැඩි විස්තර දැනගනිමු.
thushaWednesday, 16 October 2024 03:25 PM
100% ක් ඔව්...!
CHINTHANA Wednesday, 16 October 2024 03:09 PM
එතකොට කෝටි 355ක් බදු ගෙවීම පැහැර හැරියට දඬුවම මාස 06ක් හිරේ. ඒ මාස 6ක් හිරේ හිටියාම ඒ වරදින් නිදහස් වෙනවාද? ඒ මුදල ගෙවන්න ඕනෑ නැද්ද?
අරවින්ද මොනරවිල Wednesday, 16 October 2024 03:27 PM
පවු, අහිංසකයා සොච්චම් මුදලකටනේ දුක් විඳින්නේ, ළඟපාත බැංකුවක්වත් නැද්ද දන්නේ නැහැ කඩන්න...
ගමේ එකාලා Wednesday, 16 October 2024 03:34 PM
දේශපාලුවන්ගේ බලපුළුවන්කාරකමෙන් රටට වන්චා කරපු, රට බන්කොළොත් කරන්න දායක වෙචිචි හැම කෙනෙක්ම නීතිය හමුවට ගෙනයා යුතුමයි...
Lasa Wednesday, 16 October 2024 05:03 PM
බදු නොගෙව්වොත් මාස 6න් පසු දේපළ රාජසන්තකයි. සමුපකාර නඩු බදු නඩු ඒකපාර්ශ්වික තීන්දුව දිය හැකියි...
don Wednesday, 16 October 2024 05:31 PM
මේ මනුස්සයා තියන් ඉඳලා තියෙන්නේ රජයේ මුදල්. ජනතාව රජේ බද්ද විදිහට අරක්කු බෝතලයක් ගද්දී ගෙවන මුදල තමයි මේ මනුස්සයා තියන් ඉඳලා තියෙන්නේ.