(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)
මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලන්ගන්සිංහ මහතා මාස හයක සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.
චූදිතයන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධ
සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දි
අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදි
මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර
කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි
සුදේශ් Monday, 14 October 2024 04:06 PM
සල්ලි ගන්ඩ ක්‍රමයක් නැද්ද? මෙයා හිරේ ගියා කියලා රටට ඇති වැඩේ මොකද්ද? එයාට කන්ඩ දෙන්ඩත් ඕනේ. ගෙවන්ඩ තියෙනවා බිලියන 3.5ට මොකද වෙන්නේ?
Don WiMonday, 14 October 2024 10:58 PM
රුපියල් බිලියන 3.5 මේ මුදල (හරියටම කිව්වොත් රු.3555488597/=ක මුදල) මෙන්ඩිස් සමාගම 2016 සිට 2018 දක්වා අවුරුදු 3 ක් රජයට ගෙවිය යුතු මුදලයි. මේක පාරිභෝගිකයන්ගෙන් අය කර ගෙන ආණ්ඩුවට නොගෙවූ මුදලක්. තව 2019 සිට 2023 දක්වා වංචා කළ මුදල මේ වගේ කිහිප ගුණයක් බව සලකන්න. රටම බංකොලොත් වුණේ මේ වගේ වංචා නිසා. මේ සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු තුන්දෙනෙක් මාස 6කට හිරේ ගියා. මේ ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පුතා. බැඳුම්කර වංචාවේ මුදල ගණනය කරන්න බැහැ. මේ හැම වංචාවක් පිටුපසම එජාප, සජබ හා පොහොට්ටු කල්ලිය ඉන්නවා. මෙයට අමතරව කෝටි ගණනින් බැංකු ණය කපා හැර තියෙනවා. දූෂිත නොවන පිරිසකට රටේ බලය ගියොත් අලුත් නීති නැති වුණාට ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා අපි කිව්වෙ ඒ නිසයි. තව පෝලිම දිගයි.
Jayasekara Monday, 14 October 2024 04:12 PM
සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී. මාලිමාවට ජය!!
Chinthaka Monday, 14 October 2024 04:23 PM
මෙයාලාට මහත්වරුන් කියන්න බැහැනේ. හොරුන් කියලා තමයි කියන්න ඕනේ.
ගමේ එකාලා Monday, 14 October 2024 05:19 PM
ගරු අධිකරණයට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරනවා. රටට ගෙවිය යුතු බදු නොගෙවා දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් හිටපු අයට ඔහොම වෙලා මදි.. ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ මේ වගේ දූෂිතයින් කරපු වංචාවල් නිසා...
ranjith Monday, 14 October 2024 05:59 PM
ජනතාවගෙන් එකතු කරගත්තු මුදල් නේද ගෙවන්නේ නැතිව හිටියේ... හෙණ ගහන්න ඕනේ... කරපු අපරාධවලට...
SK Monday, 14 October 2024 08:42 PM
ඒකත් හොඳයි තමයි. ඒත් ඉතිං පරණ රජකාලේ ලියපු දඬුවම් පොතුත් පුච්චලා අලුතෙන් ලියලාම තමයි පෙරහැර පටන් ගන්ඩ ඕනා. නැත්තං රුපියල් බිලියන ගණන් කරපු වංචාවකට ලක්ෂයක් හරි මාස හයක් හිරේ ඉඳලා ගෙදර යයි. එයාලා අපිට ගෙවන්න ඉතිරි කරලා. හරිනම් රට කරවන්න ආපු අය රටට වංචා කරපු මුදලට වඩා දෙගුණයක් කරලා ගන්න ඕනේ. ඒවායින් උපයාගත්ත දේපල රාජසන්තක කරන්න ඕන එක්කෙනෙකුට දෙන්නෙකුට. එතකොට රටම හැදෙයි.
Perera Monday, 14 October 2024 11:43 PM
සිර දඬුවමට අමතරව මේ අයගේ බැංකු ගිණුම් රාජසන්තක කරලා නැද්ද මීට කලින්?