IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇල්ල බස් අනතුරේ තවත් කතක් මරුට

(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී සිදුවු මාරක විනෝද චාරිකා බස්‍ රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) පස්වරුවේ මිය ගිය බවත්, ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 16  දක්වා ඉහලගිය බව  ඇල්ල පොලිසිය පවසයි .

තංගල්ල බෙලිඅත්ත පාර  පදිංචි ව සිටි නාමලි ගමගේ (43) නැමති කාන්තාවක මෙසේ මිය ගොස් ඇතයි පොලිසිය කීය .

තංගල්ල නගර සභා සේවක පිරිසක් පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකා පෞද්ගලික බස් රථය අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදු වූ අතර අනතුරින් 15ක් මියගොස් 18ක් තුවාල ලැබූහ .

මෙම මාරක විනෝද චාරිකා බස්‍ රථ අනතුරින් දැනට බදුල්ල ශික්ශන රෝහලේ වාට්ටු අංක 11, 12,සහ 10 වාට්ටු වල කාන්තාවන් දෙදෙනකු සමග පිරිමි පුද්ගලයකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලිසිය සදහන් කලේය .

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 1උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී කේ යූ ඩබ්ලිව් අබේගුණවර්ධන පොලිස් පරීක්ෂක එච් පී පාලිත උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .



අදහස් (0)

ඇල්ල බස් අනතුරේ තවත් කතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site