IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ඇල්ජීරියා යන ඉන්දියා කාර් මාගම්පුරේ

ඉන්දියාවේ නිෂ්පාදිත හුන්ඩා කාර් 998 ඇල්ජිරියා බලා යන ගමනේ ප්‍රථම පියවර ලෙස මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද ගොඩ බෑවේය. එෂියා සන් නැමති නැවෙන් අද සවස ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට ගෙන ආ මෙම කාර් ලබන 17 වැනි දා ඇල්ජිරියාවට යැවීමට නියමිතය. මාගම්පුර වරායට මෝටර් රථ ගෙන ආ දෙවැනි නැව මෙයයි.



අදහස් (0)

ඇල්ජීරියා යන ඉන්දියා කාර් මාගම්පුරේ

එස්.ජේ.එම්. Thursday, 07 June 2012 09:51 PM

කෑම දාස බඩ ගැනම නොහිත රට ගැනත් සිතන්න...

:       0       0

කොසා Thursday, 07 June 2012 06:58 AM

කෙවින්, මේකට කියන්නේ transhipment කියලායි මගේ යාළුවේ

:       0       0

කෙනත් Thursday, 07 June 2012 09:29 PM

අනේ මෙන්න මේ දිනේෂ්ට කන්න රට තිරිගු පිටි ටිකක් නයට ගෙනල්ල දෙන්න, පව් හැම එකේම කන්න තියෙන්නේ මොනවද කියල අහනවා! ඉදිරියේදී හම්බන්තොට සිංගප්පුරුවක් කිරීමට මේ වරායට සහ ගුවන් තොටුපොළට ඇති හැකියාව වැඩියි. එක කුහක පක්ෂ බේදයෙන් තොරව පිළිගන්න ඕන., හැබැයි ඒ ගමන ලේසි නෑ , වාරයක් හැදුවට "අන්න වරායක්! කියල නැව් බුරුතු පිටින් එන්නේ නෑ, හරියට හෝටලයක් ඇරියම කස්ටේමෙර්ස්ල හැදෙන්ට කලක් යනවා වගේ. හොද සැලසුමකින් මේක තව දියුණු කරලා, අනාගතයට දායාද කරන්න හැමෝම එකතුවෙන්න ඕන.

:       0       0

නලීන් Wednesday, 13 June 2012 05:10 PM

කියන්න දෙයක් නෑ අපිට

:       0       0

සඳරුවන් Thursday, 07 June 2012 06:58 AM

මේවා හුන්ඩා නෙමෙයි උන්ඩායි..

:       0       0

ජේ Friday, 08 June 2012 12:40 PM

කොහොම වුණත් අපේ අනාගතය දීප්තිමත්

:       0       0

සුරේන් Thursday, 07 June 2012 02:12 PM

මේ කමෙන්ට් දැක්කම රටට තියෙන ආදරේ පේනවා....

:       0       0

මහාචාර්ය අජිත් Thursday, 07 June 2012 08:07 AM

සුජිත් මේව මෙහෙ බාන්නෙ ඇයි?

:       0       0

ලුම්බිණි Thursday, 07 June 2012 08:11 AM

කවුද මන්ත්‍රී කෙනෙක් කාර් එක ඇතුලේ ඉන්නවා වගේ පේනවා

:       0       0

මලින් Tuesday, 12 June 2012 08:37 PM

මම දකුණෙ මම මේ ජනපතිතුමා ගැන සතුටුයි. මොකද ඔහු යුද්ධය ඉවරකළා....

:       0       0

කළණ ජේ. Thursday, 07 June 2012 08:19 AM

අනේ අනිච්චං! මුලින් ගලක් ගැන කියෙව්වා. දැන් සල්ලි දීලා නැව් ගෙන්නගන්නවලු... කිතුලට නැග්ග මිනිහටත් කියන්න දේවල් තිබ්බලුනෙ. ඇයි මේවා අතර මග ගොඩබාන්නේ කියලා ප්‍රවාහනය හා සැපයුම් කළමනාකරණය දන්න කෙනෙක්ගෙන් අහගන්න.

:       0       0

කේෂාන් Thursday, 07 June 2012 07:55 AM

යෝනුසලවි ජපන් නැව කලින්ම ආවා. මේ දෙවෙනි නැව.

:       0       0

චතුර Thursday, 07 June 2012 08:50 AM

මන්ර්‍ත්‍රී තුමාලට දැන් හම්බන්තොටින් කාර් ගන්න පුඵවන්...

:       0       0

හසී Thursday, 07 June 2012 09:05 AM

මොනව උනත් මේ ක්‍රමය හුඟක් ගැටලු සහගතයි..අපි බලාගෙන ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා....

:       0       0

සිදත් Thursday, 07 June 2012 09:07 AM

ලංකාවේ මොනවා කළත් බොරු ෂෝ එක තියෙන්නම ඕනි.කොහොම වුණත් වරායේ ඉදිරි ගමනට මගේ සුභ පැතුම්!

:       0       0

ගාමිණි Thursday, 07 June 2012 09:08 AM

හම්බන්තොට වරාට එතන හැදුවේ පිහිටීමේ වැදගත්කමක් නිසා වෙන්න ඇති.අපි තව ටිකක් බලමු මොකද වෙන්නේ කියලා.අපේ කුහකකම ලෝකෙට පෙන්නන්න ඕනි නෑ

:       0       0

චානු Friday, 08 June 2012 10:02 PM

ඇයි මෙහෙම බොරු වැඩ කරල සල්ලි වියදම් කරන්නේ...

:       0       0

සන්ජු Thursday, 07 June 2012 08:28 AM

කොහේවත් රට වලට යන කාර් වලට ඇයි මේ අපේ ඇමතිවරු නැගලා ඉන්නේ?

:       0       0

කමිදු Thursday, 07 June 2012 09:12 AM

කොරියාවේ Hyandai කාර් දැන් ඉන්දියාවේද හදන්නේ ? ඇයි ඉතින් හම්බන්තොට මේ වගේ factory එකක් හදන්න බැරිද එයාලගේ තාක්ෂණයෙන් Micro එකත් සම්බන්දවෙලා එහෙනම් අපේ අය‍ට රැකියා එනවා ද? ඉන්දියා වල තියන Leyland factory එකත් ලංකාවට ඉස්සර ලැබුණු එකක් ලු නේද ? එහෙනම් අපේ ගැහැණු අය රට යවන්න ඕනෙත් නැ.

:       0       0

කුමාරිකා Thursday, 07 June 2012 02:09 PM

අසාර්ථක උන දෙයක් සාර්ථකයි කියල පෙන්වන්න කරපු දෙයක්... තව ටික දවසකන් ‍ගුවන්තොටුපලටත්.....

:       0       0

සුදු මාටින් Monday, 11 June 2012 08:49 AM

ආ ...හම්බන්තොට වරායක් හැදුවලු නේ ..ඒකට නැව් එනවලු නේ ...දැන් ඔයාලට හරි සතුටු ඇති නේ ?

:       0       0

නිශාන්ත හේවගේ Thursday, 07 June 2012 02:51 PM

හොඳ වැඩවටල හොඳයි කියලා කියන්න එපැයි. සමහරු තරහට කරන්නේ හොඳ වැඩත් නරකයි කියන එක.එත් මම නම් එහෙම නැහැ. මගේ තරහා කාරයෙක් හොඳ වැඩක් කලොත් එය මම අගය කරනවා.ඒ වගේම මිතුරෙක් නරක වැඩක් කලාම එය නරකයි කියලා කියන්නත් මට හොද පිටකොන්දක් තියෙනවා

:       0       0

චමිල් Thursday, 07 June 2012 08:35 AM

අනේ! අනේ!!! මේ වරාය ගැන මෙහෙම කුහක විදියට කතා කරන්න එපා ... මේකේ වටිනාකම ඉදිරියේදී තේරෙයි ..... ප්‍රතිඅපනයනය ගැන මිට වඩා දැනගෙන කතා කරන්න....... හිතුව ද ලංකාවේ ඉන්න සමහර අයට වගේ සල්ලි දීලා මේ භාණ්ඩ නැව් ගෙන්නන්න ඒ සමාගම් කැමති වෙයි කියලා ... සමාගම් පාඩු වෙන දේවල්වලට අත ගහන්නේ නෑ ................. මතක තියාගන්න ...................

:       0       0

කරුණාදාස Tuesday, 12 June 2012 07:58 AM

ඔක්කොටම පිස්සු

:       0       0

පොර Thursday, 07 June 2012 09:19 AM

මේ කමෙන්ට් කියවනකොට සමහරුන්ගේ දැනුම ගැන හරි ආඩම්බරයි...

:       0       0

ගාමිණී Friday, 08 June 2012 01:18 AM

කොළඹට එන නැව් හම්බන්තොටට හරවා යවා කරන්නේ සෝබන වැඩක් ..

:       0       0

සන්තොසමා Thursday, 07 June 2012 09:34 AM

අර ඈමතිතුමා පිලිගත්තේ ගලක් තියෙනව කියලා පස්සේ ඒ ගල කෑඩුවලු චින සමාගමකින්. දෑන් කොළඹ නෑව් යන්නෙ හම්බන්තොට එක තෑනක ආදායම තව තෑනකට ගෙනිහිල්ලා. අලුත් දෙයක් කරන්න හිතුවොත් නරකද?

:       0       0

ලංකා Friday, 08 June 2012 02:35 PM

කරුණාකර දෙපැත්තට බෙදිලා කෑ ගහන්නේ නැතිව, වැරැද්දක් තියනවානම් ඒක පෙන්වලා, ඒක හරිගස්සන ආකාරයට සඳහන් පිළිතුරත් ලියන්නකෝ, ඇයි වැරදිම විතරක් කියන්නේ, වැරැද්ද හදාගන්නා හැටි කීම තමයි වැදගත්.

:       0       0

රනිල් Thursday, 07 June 2012 08:56 AM

උත්සාහය අපි අගය කළ යුතුයි

:       0       0

ටාසන් Friday, 08 June 2012 02:49 PM

ඒ රටේ මිනිස්සූ තනිකර කරන්නේ පිස්සූ.......

:       0       0

සරත් Friday, 08 June 2012 01:09 AM

රට දියුණු කරනවට නම් අපිත් කැමතියි.හැබැයි මේ වගේ බොරු වැඩ නොකර

:       0       0

චාමින් Thursday, 07 June 2012 09:06 AM

ඇල්ජීරියා යන නැවක් අපේ වරායේ නතර කලා කියලා අපිට වෙන සෙතේ මොකක්ද?ඇයි දැන් මෙහේ වරායේ නැවු වලට තෙල් ගහනවද?

:       0       0

ගජන් Thursday, 07 June 2012 09:13 AM

මෙම ගණුදෙණුවෙන් ලංකාවට කොපමණ මුදලක් ලැබෙයිද දන්නේ නෑ

:       0       0

කුමා Thursday, 07 June 2012 09:13 AM

කාර් නැවි විතරක් ඒන්නේ ගල් කෑලි තවම ඇති.කාර් නැවිවලට ගැඹුර ඒචිචර ඕනේ නෑ.

:       0       0

කේ.කේ. Thursday, 07 June 2012 02:54 PM

ස්තූතියි කවී ...මේ අයට නුවන පාදා දුන්නට

:       0       0

චන්දි Saturday, 09 June 2012 04:12 PM

ඉංග්‍රිසි පත්තරවල මේ ගැන දාල තියෙන්නෙ වෙන විදිහකට.. ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ වරයා ගැන‍. දෙයක් බාගෙනට දැනගෙන කතා නරන්නෙ නැතිව පොඩ්ඩක් හොයලා බල්නන..

:       0       0

බර්නාඩ් Thursday, 07 June 2012 10:17 AM

අප් ජාතිය පුදුම ජාතයක් සුභවාදී දෙයකට සුභ පතන්න දන්නේ නෑ.. ඕක ජාතියෙ හැටි...

:       0       0

අමිල Thursday, 07 June 2012 09:42 AM

දැන් ඡන්දෙත් ලගයිනේ.මේවා මිනිස්සු අන්දන්න කරන වැඩ.

:       0       0

ලංකා Thursday, 07 June 2012 03:08 PM

අපේ රටේ මිනිස්සු විකාරෙන් කියවනවා වගේ මට පෙන්නේ .

:       0       0

මාතර මල්ලි Friday, 08 June 2012 03:15 AM

අපිට නම් මේවා තේරෙන්නේ නෑ.මවා පෑමක් වගේ

:       0       0

විකි Thursday, 07 June 2012 10:00 AM

මහත්මා ගාන්ධි තුමා කියපු දෙයක් මතක්කරමි. මුලින්ම විරුද්ධවේ දෙවනුව විනාශ කරන්න බලයි තුන්වනුව වැළඳ ගනි. අන්තිමට පෙරහරේ මුලින්ම යන්නේද පළමුව විරුද්ධ වු අයයි. කොටන් ඇදපු අයට මුකුත් නැත.

:       0       0

කිරිමාටින් Thursday, 07 June 2012 10:40 AM

චමිල්, ප්‍රතිඅපනයනය කියන්නේ මොකක්ද? දන්නේ නැති නිසයි අහන්නේ

:       0       0

උපජීව Thursday, 07 June 2012 04:07 PM

1000 ක් ආපු වාහන වලින් 2 ක් කවුද ගත්තේ .

:       0       0

මහේෂ් Thursday, 07 June 2012 03:29 PM

බොහෝම හොඳ වැඩක්. ලංකාවේ මීළඟ අගනුවර හම්බන්තොට වීම වැඩි ඈතක නොවන්නේය.

:       0       0

අශෝක Thursday, 07 June 2012 10:52 AM

පොර වෙත, ඔබ හරියටම හරි

:       0       0

කිරිමාටින් Friday, 08 June 2012 03:25 PM

කිව්වත් ව‍ගේ ...ඈ බොලේ .ඇල්ජීරියාවට යන කාර් වලටද අපේ අය නැගල තියෙන්නේ...?

:       0       0

ඊ.එන්.ජී Thursday, 07 June 2012 04:16 PM

අපට වැදගත් මේ කර් කොහෙ හදන ඒවද, ඒවා මොකද ඉන්දියා වල ඉදන් ලංකාව බලා වෙන රටකට පටවන්නෙ.. කෙලින්ම එහ යන්න බැරිද කියල නෙවෙයි.. ලංකාවෙ තව වරායක් හැදිල ඒකෙන් රටට සල්ලි ලැබෙනව නම් සාධාරණ විදියට ඒක හම්බන්තොට නෙවේ... වෙන කොහෙ උනත් කමක් නැහැ.. මේවා දිහා දේශපාලන කෝණයෙන් බලන්න එපා.. මේවගේ වැඩ මොන ආණ්ඩුවෙන් කළත් රටට වැදගත් දේවල්....

:       0       0

සමීර Friday, 08 June 2012 07:00 AM

වැජඹේ ලංකා මාතා!

:       0       0

මංඡුල බ්රුට් Wednesday, 06 June 2012 09:15 PM

ගෙනියනකන් හොදින් පරිස්සම් කරන්න වෙයි

:       0       0

අලිබබා Thursday, 07 June 2012 04:22 PM

අර හම්බන්තොට කතාව මොකක්ද ළමයිනේ?

:       0       0

රම්සි Thursday, 07 June 2012 10:22 AM

භාණ්ඩ නැවක් එනවා කිව්වම මම හිතුවා වෙන භාණ්ඩ කියලා.....

:       0       0

දයා.. සෞදි Thursday, 07 June 2012 11:02 AM

පාර්ලිමේන්තුවෙ කෑ මොර දුන්න මේ වරායෙ ගල් පරයක් යට තියනවා කියලා.. නැව් සමාගම් මේ වරායට නැව් ගෙන්න නෑ කියලා.. දැන් ඒ ගොල්ලන්ගෙ කටවල් වැහිලද? ර‍ට දියුණුවට යනවා බලාගෙන ඉන්න බැරි අය තමයි ඔය විදිහට කෑ ගහන්නෙ...

:       0       0

Amal Perera Wednesday, 06 June 2012 08:52 PM

එකටත් උත්සවයක් තියල අපේ සල්ලි නාස්ති කරන්න ඇති.

:       0       0

Amal Perera Wednesday, 06 June 2012 09:32 PM

. එකටත් උත්සවයක් තියල අපේ සල්ලි නාස්ති කරන්න ඇති.

:       0       0

කමල් Wednesday, 06 June 2012 08:54 PM

වරාය ඇමැති කීයක් හරි අතින්දාල නැව ගෙන්වා ගත්තද දන්නෑ

:       0       0

ලංකා Wednesday, 06 June 2012 09:36 PM

වාහන ටික හොදට පරිස්සම් කලයුතුයි, නැතිනම් ඉදිරියට කවුරුත් එන්නේ නැතිවෙයි. දන්නවානේ වරාය ගැන

:       0       0

sajeen Wednesday, 06 June 2012 08:57 PM

මෙයාල ගානක් දිල බාගන්නවද කියන හිතෙනව මේවා දැක්කම

:       0       0

චරිත් Thursday, 07 June 2012 11:09 AM

මේ රටේ මිනිස්සු තරම් තමන්ගෙ රටට ද්‍රෝහියො වෙන කොහෙවත් නෑ. දේශපාලන පක්ශයක් අල්ලන් දෙකට බෙදිල. රටට හොඳ වෑඩක් උනත් ඒක පේන්නෙත් වෑරදියට. මේක මොකක්ද කියලවත් දන්නේ නෑතිව විරුද්දව කතා කරනවා. තම්න් ලෝක බොලේ කොහෙද ඉන්නේ කියල දන්නවනම්, තේරෙනවනම්, මේක කොහෙද හෑදුවෙ කියල දන්නවනම්, තේරෙනවනම් ඔය මෝඩ කථා කියන්නේ නෑ. චීනය, ඉන්දියාව මේ වරායට නෑව් එන්න වැඩියෙන්ම ඉඩ දෙන්නේ නෑ. ඒ ඈයි කියල දන්න මිනිස්සු දන්නවා. එයාල අකමෑති උනාට කමක් නෑ කියමුකෝ පිට රට්ටු නිසා. මේ අපේ අයත් අකමෑති කොට...

:       0       0

සාහිල් Saturday, 09 June 2012 08:00 AM

මේක රට රැවටීමක්...

:       0       0

charith Thursday, 07 June 2012 10:31 AM

මේ රටේ මිනිස්සු තරම් තමන්ගෙ රටට ද්‍රෝහියො වෙන කොහෙවත් නෑ. දේශපාලන පක්ශයක් අල්ලන් දෙකට බෙදිල. රටට හොඳ වෑඩක් උනත් ඒක පේන්නෙත් වෑරදියට. මේක මොකක්ද කියලවත් දන්නේ නෑතිව විරුද්දව කතා කරනවා. තම්න් ලෝක බොලේ කොහෙද ඉන්නේ කියල දන්නවනම්, තේරෙනවනම්, මේක කොහෙද හෑදුවෙ කියල දන්නවනම්, තේරෙනවනම් ඔය මෝඩ කථා කියන්නේ නෑ. චීනය, ඉන්දියාව මේ වරායට නෑව් එන්න වඩියෙන්ම ඉඩ දෙන්නේ නෑ. ඒ ඈයි කියල දන්න මිනිස්සු දන්නවා. උන් අකමෑති උනාට කමක් නෑ කියමු පිට රට්ටු නිසා. මේ අපේ ගොන් යක්කු අකමෑති කොට...

:       0       0

සම්පත් Thursday, 07 June 2012 04:03 PM

ආසියාවේ ආශ්චර්‍ය

:       0       0

මින් Tuesday, 12 June 2012 09:38 AM

කවුරු කරත් හොඳ වැඩක්නම් අගය කරන්න ඕන...

:       0       0

kk Wednesday, 06 June 2012 09:43 PM

මහා කලුගලක් ගැන කියපු අයගේ කටවල් වැහිලද?

:       0       0

ලාංකිකයෙක් Thursday, 07 June 2012 10:32 AM

මිනිසුනේ බුද්දීමත්ව හිතන්න. පේනදේ විතරක් විශ්වාස කරන්න එපා. මුන් ලෝකෙට ණය වෙනවා මදිවට දවසින් දවස බදු වැඩි කරනවා. ගන්න පුළුවන් හැම විදියකින්ම අසරණ ජනතාවගේ මුදල් රජයට දැහ ගන්නවා. ඒ මදිවට මුන් මේ වගේ ගොන් සෝබන වැඩ කරලා අපෙන් දැහ ගන්න සල්ලි ටිකත් විනාශ කරනවා. මිනිසුනේ තම තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් මේවට විරුද්දව නැගී සිටින්න. නැත්තන් අපේ දරුවන්ට අනාගතයක් ඉතිරි වන්නේ නැත.

:       0       0

බට්ටි Thursday, 07 June 2012 04:06 PM

මේකේ කමෙන්ට් කළ බොහොමයක් දෙනා ඉතාමත් ඊරිසයා සහිත සිතුවිළි පුරවා ගෙන කතා කරන බව පේනවා. මම හම්බන්තොට කෙනෙක්. ඉතින් මම නම් ගොඩක් කැමතියි වරාය හැදුණාට. කොළඹ අය ගොඩක් අකැමැතියි අපේ පැත්ත දියුණු වෙනවාට. ඒ වගේම දේශපාලනය නිසා හොඳ දේවලත් නරකමයි පේන්නේ.පාට කණ්ණාඩි ඉවත් කරලා පියවි ඇසින් ලෝකය දැක්කොත් ඇත්ත පෙනේවි. හදවතින්ම තමුන්ගේ මවු රට නේද කියන සිතිවිල්ලෙන් සතුටු වෙන්න.රට දියුණුවට යද්දි....

:       0       0

ෆාරූ Thursday, 07 June 2012 11:12 AM

විහිලුවක්..

:       0       0

එ .වී .තුශාර Thursday, 07 June 2012 10:34 AM

ජනපතිට නිකරුනෙ දෝශාරෝපණය කල අයට ඈස් අරෙන්න මේක එල...

:       0       0

රසික Friday, 08 June 2012 08:08 AM

ප්‍රභා,සන්ජීව ,කමිදු ,නිශාන්ත හේවගේ,ඊ.එන්.ජී,මොවුන්ගේ අදහස් සමඟ එකඟ වෙමි....අදහස් අගයමි...

:       0       0

එ .ඵි .තුශාර Thursday, 07 June 2012 11:14 AM

ජනපතිට නිකරුනෙ දෝශාරෝපන කලඅයට ඈස් අරෙන්න මේක එල........

:       0       0

ruwan Wednesday, 06 June 2012 09:11 PM

හායි හුන්ඩා හදන්නේ කොරියාවෙනේ

:       0       0

Thursday, 07 June 2012 11:18 AM

කීයක් ගෙවලද ඔය නැව ගේන්න ගත්තේ? නැවේ තියෙන් කාර් මොකටද එලියට අරං වරායේ ගාල් කරන්නේ, ඔය ඩ්‍රාමා එක ගැන නම් මට සැකයි.

:       0       0

ශෂිකා Tuesday, 12 June 2012 03:20 PM

කෙවින්, ඉන්දියා‍වෙ කාර් හැදුවට ලංකාවට ගෙනත් බාල තමයි ඒවා යවන්නෙ.. මොකද ලංකාවෙ තමයි ප්‍රධානම වරාය තියෙන්නෙ.. මේකට විතරයි ලොකු නැව් වලට එන්න පුළුවං..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 06 June 2012 09:17 PM

මිනිස්සු කොච්චර බැන්නද?අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය කොපමණ වැදගත්ද ප්‍රයෝජනවත්ද කියලා දැන් ඔහෙලට තේරෙනවද ආයුබෝවන්ඩ?

:       0       0

බකතපස් Thursday, 07 June 2012 04:58 PM

අයියෝ.....ඇයි අර ගලක් තියනවා කියල කියන්නේ...

:       0       0

කේවින් Wednesday, 06 June 2012 09:19 PM

ඇයි මේවා ලංකාවේ ගොඩ බන්නේ ඉන්දියාවෙන් පටවල. කෙලින්ම ඉන්දියවෙන් ඇල්ජිරියාවට ගියානම් ඉවරයිනේ. මොකද ලංකාවයි ඉන්දියාවයි ගොඩාක් ලගනේ තෙයෙවන්නේ. දන්න කෙනෙක් ඉන්නවානම් කියන් කරුණාකරල.

:       0       0

බට්ටා‍ Thursday, 07 June 2012 04:22 PM

මමත් අනුරාධපුරේ කෙනෙක්.. අපිත් කැමතියි මෙහෙ වරායක් හදනවානම්..

:       0       0

රුහුණු පුතා Wednesday, 06 June 2012 09:23 PM

ඉස්සරහට හොඳට දියුණු වෙලා තියෙනවා දකින්න ලැබෙයි. අපට ඉස්සර හම්බන්තොට කියුවම මොනවද තිබුණේ. අද මොනවාද නැත්තේ. කියල තමයි හිතෙන්නේ අපට. රුහුණට දිගටම ලැබුණ කුඩම්මක සැලකිල්ල ඒත් අද?

:       0       0

ශාන්ත Thursday, 07 June 2012 11:00 AM

අපේ රටේ බූරුවෝ කොච්චරක් ඉන්නවද කියල තේරෙනවා කමෙන්ට්ස් කියෙව්වහම.

:       0       0

ඇටිකිච්චා Tuesday, 12 June 2012 10:34 AM

කිරිමාටින් 2012-06-08 09:29:24 අනුරාධපුරේ මුහුදක් තියෙනවද අනේ වරායක් හදන්න? කිරිමාටින් අයියා, අපි මේ දවස් වල අනුරාධපුරේ මූදක් හදාගෙන යනවා.ඉතිරි ටික ඊට පස්සේ බලමු.

:       0       0

කීර්ති Thursday, 07 June 2012 11:04 AM

නැව් සමාගම්වලට ගානක් දීලද නැව් ගෙන්නන්න ඇත්තෙ.. වරායවල්වලට නැව් එන්නේ නැතිව ගුවන් යානා එන්නද? ඇයි මේ තරම් ප්‍රසිද්ධියක් දෙන්නෙ...

:       0       0

ඩුබායි Thursday, 07 June 2012 11:47 AM

හැමදෙයකම හොඳ පැත්ත ගැනත් හොයන්න...

:       0       0

නිශාඩ් Friday, 08 June 2012 09:06 AM

දැන් පෙන්වනවා , " ඉන්දියන් කාර් මාගම්පුර "

:       0       0

වසන්ත රත්නායක Thursday, 07 June 2012 11:51 AM

කැළණිය සිට දෙමටගොඩ දක්ව දුම්රියෙන් එද්දී දෙමටගොඩ තෙල් ටැංකි අසල ගාල් කර තියෙන ලේලන්ඩ් බස් සහ ට්‍රක්ස් දැකලා තියෙනවද? ඒවාත් ප්‍රතිඅපනයන කිරීම සඳහා තාවකාලිකව ගාල් කර තිබුණු ඒවා. දැන් ඒවාගේ ප්‍රතිඅපනයන භාන්ඩ පාලනය කරන්නේ හම්බන්තොට..... මේවාගේ ප්‍රති අපනයන අවුරුදු ගනනක් තිස්සේ කොලඹ වරායෙන් කෙරුණා.

:       0       0

අමිල කටුනායක Wednesday, 06 June 2012 10:19 PM

මැද ස්විමින් පූල් එකක් තියන නිසා පීනන්න එන්න හිටියේ මාත්....

:       0       0

ගයාන් පෙරේරා Saturday, 09 June 2012 10:42 PM

ආහ්.. තේ බොන්න නවත්තලා.. :D

:       0       0

යෝනුසලවි Wednesday, 06 June 2012 10:23 PM

ප්‍රථම නැව ජපානයෙන් නේ එනවයි කිව්වේ.ඉන්දියාවටද ජපානය කියල කියන්නේ? හොදයි සුභ අනාගතයක්..........

:       0       0

ප්‍රදීප් Thursday, 07 June 2012 12:05 PM

හම්බන්තොට වරාය ඉදිකිරීමේදී නිවාසවලට සිදු උන හානි පිලිබදව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේ වගේ ඇමති කමක් දුන්නේ ඇයි?............?..............?...........

:       0       0

කෙවින් Thursday, 07 June 2012 11:28 AM

ප්‍රභා, හූනා, කොසා, ස්තුතියි සැමට, මට transhipment ගැන දැනුමක් නැහැ. මම සිවිල් ඉංජිනේරැවේක්‍. මට දැන් වැටහුණා හම්බන්තොට තමයි මම හිතන්නේ හොදම තැන සිංගපූරැවලට වඩා.. සිංගප්පූරැවල ප්‍රධාන ආදායම වරාය කියල මම දන්නවා. මේක පිරිසිදු චේතනාවෙන් කළ යුතුයි.. කොමිස් කරැවන්ට ඉඩක් නොතියා...

:       0       0

බුද්ධික Wednesday, 06 June 2012 09:47 PM

මේ වරායට තව නැවු එනවනම් හොදයි.කෝ දැන් අර ගල?

:       0       0

වසුන්දරා Thursday, 07 June 2012 05:33 PM

ලගදිම අපේ රටේ වාහන හදල ඔය වරායෙන්ම පිට රට අරින‍කොට බලමු ඔය කටවල් වලට මොකද වෙන්නෙ කියලා...

:       0       0

ෆිරෝ Thursday, 07 June 2012 11:31 AM

මේ කාර් ටික වරායේ තබා ගැනීමට කොපමණ ගාස්තුවක් අය කරනවාද? නැත්නම් ගාස්තු රහිතව ලබා දෙනවාද??

:       0       0

සක්කරවට්ටම් Saturday, 09 June 2012 11:14 AM

තෙල් මිල ඉහල ගිහාම වතුරෙන්ද දුවන්නේ කාර්...

:       0       0

දොන් Thursday, 07 June 2012 11:39 AM

දැන් ඉතින් ඊළගට ගිමන් හරින්නේ කොහෙද? ඉන්දියාවේ ඉදල අපු කාර් ටිකට ඔච්චර මහන්සිනම් ලංකාව ලගදීම.... අපහු ඉන්දියාව පහු කරනකොට යලි ගොඩ බාන්න වෙයි. ,,,,,,,,,

:       0       0

ලක්ෂිත Thursday, 07 June 2012 06:23 PM

ඉතා හොදයි.. ඇත්තටම... අපි අපේ රට ගැන ආඩම්බරයි...

:       0       0

කිරිමාටින් Friday, 08 June 2012 09:29 AM

අනුරාධපුරේ මුහුදක් තියෙනවද අනේ වරායක් හදන්න?

:       0       0

ජයකොඩි Wednesday, 06 June 2012 10:11 PM

ලංකාවේ අයට කොච්චර හොඳ කරත් වැඩක් නෑ. මෙහෙම අය එක්ක කොහොමද රට දියුණු කරන්නේ..?

:       0       0

ප්‍රියන්ත රණසිංහ Wednesday, 06 June 2012 10:52 PM

රට දියුණුවේ ආරම්භයද?

:       0       0

දොන් Thursday, 07 June 2012 11:48 AM

වාහන දැකල නැති අය වගේ ඔක්කොම පොරකනවා. එකෙන්න්ම තේරෙනවා මේ අයගේ මානසිකත්වය. බල්ලාගේ වැඩේ බුරුවා කරන නිසා තමයි මේ ඔක්කොම වින්නැහිය රටට වේල්ල තියෙන්නේ. කක්කුස්සිය හදන්න රුපියල් 25000, එක ඕපන් කරන්න ඇමති එනවට රුපියල් 500 000. ඔන්න ලංකාව.......

:       0       0

සිසිර Wednesday, 06 June 2012 10:21 PM

වරායට එන නැවකට ඇයි මෙච්චර ප්‍රසිද්ධියක්....

:       0       0

සරා Wednesday, 06 June 2012 11:18 PM

තව ටික දවසක් ආතල් ගන්න පුලුවන් !!

:       0       0

කරනේලිස් ගොයියා Friday, 08 June 2012 09:37 AM

කාර් එහේ ටයර් මෙහේ.....

:       0       0

ප්‍රභා Wednesday, 06 June 2012 10:56 PM

කෙවින්, Hyundai factory එක තියෙන්නේ india වේ. India ඉඳල direct ship කරන්න වියදම වැඩි. මොකද main shipping route එකට ඉන්ධියාවේ සමහර වරායවල් වල ඉඳල දුර වැඩියි. එක හරියට නුගේගොඩ ඉඳන් ගාල්ලට යන්න දෙහිවලට 176 බස් එකේ ඇවිත් ගාල්ල බස් එකේ නගිනවා වගේ. නැත්නම් නුගේගොඩ ඉන්න 5-10 සෙනග ගන්න කොළඹ ඉඳන් එන ගාල්ල බස් එක නුගේගොඩට හරවන්න පුළුවන් උනත් එහෙම කරන්න බෑ. ඒක‍යි හම්බන්තොට වාරයේ තියෙන වැදගත් පිහිටීම.

:       0       0

දිනේෂ් Thursday, 07 June 2012 06:39 PM

වාහන තමයි කන්න වෙන්නෙ ඉස්සරහට....

:       0       0

බණ්ඩාර Wednesday, 06 June 2012 11:41 PM

නියමයි

:       0       0

වීරසේකර Wednesday, 06 June 2012 11:47 PM

කන්දක් විළිදා මී පැටියෙක් වැදුවෙමි කියලා තමයි කියන්න තියෙන්නේ

:       0       0

ප්‍රියන්ත Wednesday, 06 June 2012 11:10 PM

අයියෝ, මේ මෝඩ වැඩ වලට නාස්ති කරන්නේ අපේ සල්ලි

:       0       0

රජිත් Wednesday, 06 June 2012 11:12 PM

රුහුණු පුතා, ලංකාවට තියෙන එකම නගරෙ හම්බන්තොටද? අනික් ඒවා ඉතියෝපියාවෙද?

:       0       0

කෙවින් Wednesday, 06 June 2012 11:53 PM

රුහුණු පුතා ඔබ හරි.ලංකාවේ හැම පැත්තම දියුණු විය යුතු වුණත් මේක බොරු ෂෝ එකක් තමයි

:       0       0

සන්ජීව Wednesday, 06 June 2012 11:16 PM

කෙවින්, දැන් මාගම්පුරේට කාර් ගොඩ බාන්නේ පෝට් එකේ ඉඩ නැති නිසා.ඉන්දියා වල කාර් හදද්දි ඒවා තියන්න ඉඩක් නැති වෙද්දි ඒවා බටවනකල් ඒ ගොල්ලන්ට ඉඩකඩක ප්‍රශ්නයක් එනවා.ඒ තැනට තමයි ලංකාව ගන්නේ.මේකට කියන්නේ ප්‍රති අපනයනය.ඒ නිසා ඉන්දියා වලට කාර් හදන එක නවත්වන්න ඕනි නෑ

:       0       0

වීරසේකර Wednesday, 06 June 2012 11:56 PM

ඇති යන්තම් පෙරුම් පුරලා පුරලා පුරලා එකක් ආවා

:       0       0

චාමර වත්තලා Wednesday, 06 June 2012 11:53 PM

කෙවින් කියන දේ මටත් හිතුනා ඒත් මට දැනුමක් නැහැ වරාය වැඩ ගැන. අපේ සුබ පැතුම්

:       0       0

චානක Thursday, 07 June 2012 12:37 AM

සුජිත් ආචාර්යතුමා, මොන විහිළුවක්ද මේ? කොහොමද ඔබතුමා ආචාර්ය උපාධීය ගත්තේ?

:       0       0

අභිමන් Thursday, 07 June 2012 12:12 AM

අර කලුගලට මොකද උනේ?

:       0       0

ගයාන් Thursday, 07 June 2012 12:56 AM

සල්ලි ටිකක් ගන්න ඇති

:       0       0

සුවිසල් Thursday, 07 June 2012 01:11 AM

කලුගල ගැන කිවුව අයම ඒ ගල කඩන්න ඇති

:       0       0

ඉන්දික Thursday, 07 June 2012 12:37 PM

හරි transshipment කරා කියමුකො.. ඒත් කොළඹ වරායෙ ආදායම නේද මේ හම්බන්තොටට අරං යන්නෙ..?? වරාය වැරදි නෑ. ඒත් ලැබෙන ආදායම දෙකට බෙදෙනවානම් වැඩක් නැහැනෙ..

:       0       0

ගජයා Thursday, 07 June 2012 02:19 AM

ඉන්දියාව කොච්චර දියුණුද? අපි මොනවද මේ කරන්නේ?

:       0       0

ගජයා Thursday, 07 June 2012 01:41 AM

කිවිනි හරි ..ඇයි ඉන්දියාවේ ඉදල ලංකාවේ ගොඩ බස්සන්නේ....

:       0       0

උදිත Thursday, 07 June 2012 12:44 PM

හම්බන්තොට තිබ්බ ගල හිල් කෙරුවද බන්???

:       0       0

හූනා Thursday, 07 June 2012 02:58 AM

කෙවින්, ඉන්දියාවේ වරායවල් ගැඹුරු නැති නිසා ලොකු නැවු වලට එන්න බෑ.ඉස්සර පොඩි නැවු වලින් කොළඹ වරායට කාර් ගෙනල්ලා එතනින් ලොකු නැවු වලට පටෝලා තමයි ඒවා යුරෝපෙට, අප්‍රිකාවට යැවුවේ

:       0       0

දීපාල් Thursday, 07 June 2012 03:01 AM

ජනතාව රවට්ටන එකේ සීමාවක් තියෙන්න ඕනි

:       0       0

jp Thursday, 07 June 2012 02:27 AM

මේකේ තියෙන්නේ කොරියන් වාඑන නේද? මේකේ මොකක් හරි ‍හොරයක් තියෙන්න ඕනි

:       0       0

රෙගා Thursday, 07 June 2012 01:30 PM

මේ නිවුස් එකට මෙච්චර කමෙන්ට්ස් දාලා තියෙන්නේ මිනිස්සු රටට ආදරේ නිසා

:       0       0

නිරෝෂ් Thursday, 07 June 2012 02:42 AM

අලුතින් රැකියා අවස්ථා බිහිවීම ගැන සතුටුයි.වරායට තව ප්‍රසිද්ධියක් දිය යුතුයි

:       0       0

කිරිමාටින් Thursday, 07 June 2012 12:51 PM

අපරාදේ මේ වරාය දාන්න තිබුණේ යාපනේ.එතකොට ඉන්දියාවෙන් ගේන කාර් කෑලි ටික බෝට්ටු වලට පටෝලා ගෙනල්ලා, මෙහේ හයි කරලා ඇල්ජීරියාවට පටවන්න තිබුණා

:       0       0

සෙනරත් Thursday, 07 June 2012 03:22 AM

පොඩි ළමයි වගේ වැඩ කරන්නේ ඇයි? ඇල්ජීරියා යන වාහන මොන එහෙකටද ලංකාවේ බාන්නේ?

:       0       0

ඒ 380 Monday, 11 June 2012 10:45 PM

සුභ වාදීව මේ ගැන හිතන්න .මෙය ප්‍රති අපනයට සුදුසු දෙයක්....

:       0       0

අජිත් Thursday, 07 June 2012 04:03 AM

හම්බන්තොට වරාය හොඳ සංකල්පයක්. අපේ රටේ ඉදිරි දියුණුවට මේ පියවර බෙහෙවින් මහෝපකාර වේවි. ජාත්‍යන්තර මට්ටමට තවම දියුණු නැති නිසා සහ සපයන සේවාවන් ඉතාම අල්ප නිසා නැව් සමාගම් තවම හම්බන්තොට වරයට නැව් ගොඩ බෑම සිදු නොකරන අතර නුදුරු අනාගතයේම එවන් සේවාවන් අරබාවී. කෙසේවෙතත් කෙවින් කියන දේත් සත්‍යක් ඇත.

:       0       0

දුෂ් Thursday, 07 June 2012 04:06 AM

අර ආචාර්ය සුජිත් නිශාන්ත කියන කෙනත් අර අපේ ආචාර්ය වගේම කෙනෙක්ද කොහෙද,

:       0       0

හේවාවිතාරණ Thursday, 07 June 2012 04:09 AM

ඇල්ජීරියාවට කාර් ටික ගොඩ බාන විට කාර් වල කෑලි අඩු වෙලා තියෙයිද දන්නේ නෑ

:       0       0

දොන් සිමං Thursday, 07 June 2012 12:54 PM

කවුද කියන්නෙ ඇල්ජීරියවට යනකොට ඉන්දියාව පහුකරන්න ඕන කියලා... නේපාලෙට යනකොට නම් ඉන්දියාව පහුකරන්නඕන...

:       0       0

හනුමා Thursday, 07 June 2012 04:59 AM

ඉස්සර හම්බන්තොට මී කිරි.දැන් එළ කිරි

:       0       0

හනුමා Thursday, 07 June 2012 04:59 AM

ඉස්සර හම්බන්තොට මී කිරි දැන් එල කිරි.....

:       0       0

ගිරිගෝරිස් Friday, 08 June 2012 12:08 PM

කිරිමාටියෝ, මුහුදක් තිබ්බ පළියට වරායක් හදන්න බෑ.දැන් පේන්නේ නැද්ද මේ වෙලා තියෙන දේ

:       0       0

ෂිරාන් Thursday, 07 June 2012 06:40 AM

හුන්ඩා (Hunda) නෙමෙයි හ්යන්දෙයි (Hyandai) තමයි නියම වචනය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 30 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 144 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 79 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 631 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි
2025 මැයි මස 03 418 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1173 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site