ඇඹිලිපිටි ව්‍යාපාරිකයකුගේ නිවසේ පසුගිය දිනක පැවැති මල්වර මගුලකදී පොලිස් ප්‍රහාරයට ලක්වූ බව කියන එක්දරු පියකු (30) රත්නපුර රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
ඒ.එස්.එස්.ප්‍රසන්න නමැති පුද්ගලයාට පොලිසියෙන් පහරදී ඇදගෙන ගිය බවට එම ගෙදර නිවැසියන් ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කර ඇත.
පොලිසිය කඩා වැදී තම උත්සවය කඩාකප්පල් කළැයි නිවැසියෝ කියති.
එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනුයේ එම නිවසේ ආරවුලක් ගැන ලැබුණු තොරතුරක් මත පොලිසිය එහි ගිය බවයි.
සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පිරිසක් පොලු මුගුරු රැගෙන නිවසේ සිටි අයට පහරදුන් බවත් මිය ගිය ප්‍රසන්න දෙමහල් ගොඩනැගිල්ලෙන් පහළට දැමූ බවත් කියති.
ගැබිණියක වන ප්‍රසන්නගේ බිරිය පොලිසියට පවසා ඇත්තේ පොලිසිය තම සැමියා උඩු මහළෙන් බිමට දැමූ බවයි.
නිවැසියන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පවසයි.
මේ අතර පොලිසියට එරෙහිව ඇඹිලිපිටියේ උද්ඝෝෂණයක් ද සංවිධානය කර ඇති අතර සාදයේදී පොලිසියට පහර දුන්නැයි නිවස හිමි ව්‍යාපාරිකයා ඔහුගේ සහෝදරයෙක් පුතුන් තිදෙනා හා ඥාති පුත්‍රයකු ඇතුළු අට දෙනෙක් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටිති.
මිය ගිය පුද්ගලයා විදේශගතව සිට ළඟදී ගම රට ආ අයකු බවද කියති.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටි සාදය මරණයකින් අවසන්
සෑම් Thursday, 07 January 2016 09:53 AM
පොලිසිය බාර දෙන්න ළමයෙකුට.(හේ)
හිමාල් Thursday, 07 January 2016 09:59 AM
මේ දේ ගැන විදිමත් පරීක්ෂණයක් ආරම්භ කරන්න.(හේ)
ජයන්ත Thursday, 07 January 2016 10:15 AM
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙවැනි ප්‍රකාශ කිරිම ඉතාමත් ජුගුප්සාජනකයි... (ම)
දහම් Thursday, 07 January 2016 06:39 AM
කෝ මේ සාධාරණ පොලිසියක් ඇති කරන්න පත්කළ පොලිස් කොමිසම? පොලිසිය තිබුනට වැඩිය අන්තයිනේ දැන්. මේකද ජනතාව අපේක්ෂා කළ සාධාරණය? (නි)
දුමින්ද Thursday, 07 January 2016 07:09 AM
පවුල්වාදයෙන් පොලිස් රාජ්‍යයකට යන ගමනක්ද මේ? (නි)
කල්පගේ Thursday, 07 January 2016 07:38 AM
පොලීසියේ ඉන්නේ නීතියට කරනවාට වඩා තමන් හිතන දේ කරන අයනේ වැඩිපුර (නි)
සමිත් Thursday, 07 January 2016 07:54 AM
පොලිසියේ මහත්වරු දැන් අලුගෝසුවාගේ කාර්යයත් කරන පාටයි. (නි)
ශාන්ත Thursday, 07 January 2016 07:59 AM
කරුණාකර මහින්ද මහත්තයා අඟුලානේ පොලිසිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළා වගේ, නියමිත ආකාරයට නීතිය ක්‍රියාත්මක කරන්න. නැත්නම් තව ටික කාලෙකින් ලොකු මහත්වුණ ගැහැණු දරුවෙක්වත් බේරාගන්න විදියක් නැතිවේවි, මේ යන විදියට. අපරාධ කරලා රටේ ආරක්ෂාව මත කියමින් අපරාධ වලින් ගැළවෙන්නත් පටන් ගනීවි. (නි)
මනෝජ් Thursday, 07 January 2016 08:16 AM
අපි ළමයි කාලේදී අපි කාට හරි ගහන්න බැරි වුනාම වැඩිහිටියකුට කියල ගහල උඩ පැන පැන සතුටු වෙනවා. ඒ වගේ අපේ තරහත් මේ වගේ වෙලාවට ඒ උඩින් යවල සියුම් සතුටක් ලබනවා. නිවෙස් වල උත්සව අපිට ඕනි හැටියට කරන්න බෑ. රටේ නීතියක් තියෙනවා. (බ)
ඉරෝෂ් Thursday, 07 January 2016 08:24 AM
දහම් පොලිස් කෝමිසම පත් කෙරීමෙන් කරන්නේ පොලිසිය ස්වාධීන කරන එක, එහෙම කියල පොලිසියේ ඉන්න නුගත් සමහරක් මේ වගේ වැඩ කරාට එකට කොමිසම වත් ආණ්ඩුව වත් කරන්න දෙයක් නෑ. වැරදි කාරයන්ට හොයල බලල දඬුවම් දෙන එක කරන්න ඕනේ (බ)
රාධා Thursday, 07 January 2016 02:48 PM
දරුවාගේ මල්වර මඟුල් සාදයට මත්ද්‍රව්‍ය අවශ්‍යමද? දෙමාපියනි, ඉදිරියේදී ඇතිවන සාද ගැන බුද්ධියෙන් සිතන්න (නි)
ප්‍රියන්ත Thursday, 07 January 2016 06:06 AM
ලංකාවේ පොලිසිය අලුතින් ශුද්ධ කළ යුතු ආයතනයක් බවට පත් වීම අත්‍යවශයි. කොටි බිහිවීමට , ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇතිවීමට, රටේ අපරාධ වැඩිවීමට, මත කුඩු රකුසා රටේ තරුණ පරපුර බිලි ගැනීමට අපේ රටේ පොලිසියේ ක්‍රියාකාරිත්වය හේතු වුනා. පොලිසියේ වරදක් මාධ්‍ය මගින් හෙලිකල විට, රෙදි අපුල්ලන්න වැඩේ කරන මාධ්‍ය ප්‍රකාශකගේ ක්‍රියා කලාපය සාමාන්‍ය මිනිසුන් තුළ ඇති කරන්නේ මහත් අපුලක් සහ කල කිරීමක්. (බ)