IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇඹිලිපිටි මරණයට උසාවිය හේතු කියයි : සැකකරුවන් අල්ලන්න නියෝග

ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණයට හේතුව අත්වල ඉහළ බාහුවල ප්‍රධාන ධමනි හා ශිරා කැපී බරපතල තුවාල සිදුවීමත් අභ්‍යන්තර ඉන්ද්‍රීයන්හි කැපුම් තුවාලත් අධික රුධිර වහනය හා කම්පනයත් මරණයට හේතුව බව රත්නපුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී.ගුණතිලක මහතා ප්‍රකාශ කර ඇතැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (19) පැවසීය.

මේ අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් සැකපිට දැනටම හිටපු සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.සී.ධර්මරත්න අත්අඩංගුවට ගනු ලැබ සිටී.

පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටි නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති මල්වර මගුලකදී ඇතිවූ ගැටුමකට පොලිසිය මැදිහත්වීමේදී එහි ඉහළ මහළින් වැටී සුමිත් ප්‍රසන්න ජයවර්ධන මිය ගියේය. සුමිත්ගේ ඉහළ මහළින් බිමට තල්ලු කළේ ඇඹිලිපිටිය ඒ.එස්.පී ලෙස කටයුතු කළ ධර්මරත්න බව සුමිත්ගේ බිරිඳ උසාවියේ සාක්කි දෙමින් පැවසුවාය. 

සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවේද දැක්වෙන්නේ පොලිස් ජංගම සංචාර කණ්ඩායම මෙම ස්ථානයට එක්වරක් පැමිණ කිසියම් හේතුවක් මත ජංගම සංචාර නිලධාරීන් ගොඩනැගිල්ලේ සිටි පිරිස සමග ගැටුමක් ගොඩනැගිල්ලෙන් පිටත සිදුව ඇති බවයි.

IMG_2511[1] IMG_2516[1] IMG_2521[1]

ජායාරූප හා විඩියෝ ළහිරු හර්ෂණ



අදහස් (0)

ඇඹිලිපිටි මරණයට උසාවිය හේතු කියයි : සැකකරුවන් අල්ලන්න නියෝග

කපිල Friday, 19 February 2016 09:37 AM

මං ඔබට කැමති නැහැ...නමුත් උදුල් ඔබට හදවතින්ම තුති.....(බ)

:       0       0

රූපවතී Friday, 19 February 2016 07:50 PM

සත්‍ය ජයගන්න ලැබේවා ...! (නි)

:       0       0

සේනක Friday, 19 February 2016 08:23 AM

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින උදුල් ප්‍රේමරත්න නීතීඥ මහතාගේ ඵලදායී පැහැදිලි කිරීම ප්‍රසංසා කටයුතුය. (බ)

:       0       0

උපාලි Saturday, 20 February 2016 08:07 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site