(රංජන් කස්තුරි)
එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඇතිකර ගෙන තිබෙන ගිවිසුම පනතට පටහැනි එකක් වන අතර එමගින් මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇතැයි අද (7) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.
එස් ඇඹිලිපිටිය බලාගාරය වෙනුවෙන් ඉතුත් වසර දහයක කාලය තුළ රුපියල් කෝටි 300ක මුදලක් ලංකා විදුලි බල මණ්ඩලය ගෙවා තිබෙන අතර ඉදිරි වසර තුන සඳහා තවත් රුපියල් කෝටි 540ක් ගෙවීමට එකඟ වී ඇතැයිද අනාවරණය වී තිබෙන බව කෝප් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.
එස් ඇඹිලිපිටිය බලාගාරයේ වසර දහයක ගිවිසුම් කාලය අවසන් වූ පසුව එම බලාගාරය රුපියල් මිලියන 2300කට ලංවීමට මිලදී ගැනීමට තිබුණද එසේ නොකර ගිවිසුම දීර්ග කර වසර තුනකදී විදුලිය මිලදී ගැනීමට රුලියල් මිලියන 2736 ක් ගෙවීමට ලංවීම කටයුතු කර ඇති බවද කෝප් කමිටුවේදී සාකච්ඡාවක බදුන් වී තිබේ.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2078
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය ගැනීම පනතට පටහැනිලු
Saman Wednesday, 08 August 2018 01:07 AM
පසුගිය අවුරුදු 10 කියන්නෙ, හිටපු එක්කෙනාගෙ තවත් ගැහිල්ලක්ද ?
himal Wednesday, 08 August 2018 05:22 AM
දැන් ඔය බලාගාරය ලංවිමට සල්ලි දීලා ගත්තා නම් කොච්චර වියදමක් වෙන්න තිබ්බද? ඒ කියන්නේ ඔය වියදම් කරපු ගාණට අඩුවෙන් විදුලිය ගන්න තිබ්බද? ඒකයි ප්‍රශ්නය. මොකද ලංවිම මේ බලාගාරය ගන්නවා නම් ඒක නඩත්තු කරන්න වෙන්නෙත් ලංවිමටම තමයි.
Hafeel Wednesday, 08 August 2018 08:16 AM
බොහෝ රජයේ ආයතනවල ගසා කෑම තමයි.