(හිරාන් ප්‍රියංකර, ඩී.ජී.සුගතපාල)
රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ගම්පහ නගරාධිපති එරංග සේනානායක නිවෙස්වලට ගිනි තබා ඇතැයි වාර්තා වෙයි. තවත් අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස රැසකට ගල් ප්‍රහාර එල්ලවන බව ද වාර්තා වෙයි.





ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවස සහ කාර්යාලය
(කාංචන කුමාර ආරියදාස )


නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ නිවස
( කාංචන කුමාර ආරියදාස )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් සංවිධානය, ඇමරිකාව වගේ අයට ඒවා පේන්නේ නැහැ. මෙය තනිකරම හෙලා දැකිය යුතුයි...
ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය පිිළිකුලෙන් හෙළා දකිමු.
හදිසි නීතිය දැම්මේ ඕවා පාලනය කරන්න නේද? මහා සේනාධිපති මන්දිරේ ඇතුළේ ඉඳන් මොනවද කරන්නේ?
චන්දනට තේරෙන්නේ නැද්ද මානව හිමිකම් කඩලා රට මේ තත්වයට පත්කළේ කවුද කියන එක... ?
ලැබුවා වූ ජයග්‍රහණය මහජනතාව ඉතාමත්ම සාමකාමීව සමරන බව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම සතුටුයි. රජයේ දේපළවලට පමණක් කිසිම හානියක් නොකරන්න..
රමේෂ් පතිරණගෙ ගේ ගිනිතියපු එක නම් වැරදියි. අනිත් අයගේ ගෙවල් නම් කමක් නෑ.
මේවා වැරැදි දේවල්. හමුදාව බලය යොදවා මේ වෛරී ක්‍රියාවන් වහා නතර කළ යුතුයි. කිසිම මිනිහෙකුට දේපලවලට හානිවීම කිසිවෙකුටත් සතුටක් දෙන්නක් නොවෙයි...
රමේෂ් පතිරණ වැදගත්ව දේශපාලනය කරන කෙනෙක්.. ජොන්ස්ටන්, රෝහිත, මහින්දානන්ද, සනත් නිශාන්ත වගේ අය නෙවෙයි..
ලැබුවා වූ ජයග්‍රහණය මහජනතාව ඉතාමත්ම සාමකාමීව සමරන බව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම සතුටුයි. රජයේ දේපළවලට පමණක් කිසිම හානියක් නොකරන්න...
පොරොන්දු වුණු විදිහට උදේ පාන්දරම අස්වීමේ ලිපිය දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. මහින්ද රැස්වීම් තියලා පොහොට්ටුවෝ ෆෝම් කළ එකේ ප්‍රතිවිපාක තමයි. ගෝඨාභයගේත් ගේ ගිනි තියන්න ඉස්සර අස්වෙලා ගෙදර යන්න.
බල තණ්හාවට රට බංකොළොත් කරලා දරුවන්ගේ සාමකාමී අරගලයට චණ්ඩි යැවීමේ දිට්ඨ ධම්මවේදනීය කර්මය නේද මේ..?
තට්ටක් මොකටද..?කාක්කාවම එල්ලුව නම් ඔක්කොම සුද්දයි.හයියෝ ජොන්ස්ටන්.දැන් සැපද?
මයිනාගෝගමට ගහල ගෝටා ගෝගමට SLPP ගොට්එටො එනවිට පොලිසිය තව ටිකක් උපක්‍රමශීලී උනා නම් මේ ව්‍යසනය නවත්වන්න තිබුනා. තව ටිකක් ඉස්සරහට ආවොත් වෙඩි තියනව කියල ලගට එනවිට අහසට වෙඩි තිබ්බනම් ඔය නරි ටික එලවගන්න තිබුනා. ඒක පොලිසියෙ ඉහල නිළධාරින්ගෙ නුවුමනාකම සහ රාජපක්ගැෂ ගැතිභාවය නිසා මග ඇරැනා.
සාමකාමි අරගලයක් කිව්වානේද කරන්නේ? එහෙනම් මොකද ගෙවල් ගිනි තියන්නේ. CCTV වලින් records අරගෙන කට්ටියවම අත් අඩංගුවට අරගෙන ඇට තලන්න තියෙන්නේ. දෙකක් දෙනකොට වමාරයි කවුද සල්ලි දුන්නේ කියලා මේවා කරන්නේ.
මහ චන්ඩියා ජෝන්ස්ටන්. ඊලඟ චන්ඩියා සනත් නිශාන්ත. මහින්දානන්ද, දිලුම් අමුණුගම,කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ,තිස්ස කුට්ටි,රෝහිත අබේගුණවර්ධන මේ දේශපාලන චංඩීන්ට ජනතාව යම් පාඩමක් ඉගැන්විය යුතුයි. ගමේ ඉන්න නූගත් මැර කල්ලිවල මානසික තත්ත්වයන් මොවුන් තුළ නිතරම දකින්නට ඇත. දේශපාලන වශයෙන් එකඟ නොවුනත් රමේෂ් පතිරණ මහතාගේ නිවසට සිදුවී ඇති විනාශය ගැන කණගාටුවක් දැනේ.
අරගලය දියකරන්න හැදූ අසහාය ගායක ඉරාජ් වීරරත්න මහතා ඉන්නේ කොහේද? කවුරුහරි ගෙදරට යන පාර දන්නවද?
අද රටේ විවිධ ප්ප්‍රදේශවලින් ගෙන්වාගත් මැරයින් දැනුවත් කර සමාජයට මුදාහැරීමට කටයුතු හා කතා කල සියලුම දෙනා මෙම විනාශ කිරීම් සදහා වගකිවයුතුය ජනතාව කොළඹට එනවිට සංසුන්ව සිටීමට උපදෙස් නොදී දඩ බල්ලන් උසිගන්වන දඩයක්කාරයෝ ලෙසට පිරිසක් කටයුතු කල බව රූපවාහිනී පුවත් මගින් දැක්කා එම පිරිස් එසේ නොකලානම් රාජපක්ෂ පවුලේ අයට සුලුවෙන් හෝ ජනතා ප්‍රශාදයක් ඉතිරිකර ගැනීමට තිබුනත් එයත් නැතිවී දෙමාපියන්ගේ ස්මාරකය පවා අහිමි වුනේ බලයට තිබූ තන්හාව නිසාය
පොහොට්ටු නායකයෝ කරපු අසික්කිත වැඩේ නිසා පව් ගෙවන්න සිදුවුණේ ප්‍රාදේශීය දේශපාලකයන්ට... මූලිකත්වය දුන් තක්කඩියෝ ආරක්ෂිතව ඉන්නවා.