IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකා යන්න ආ රංජන් ගුවන්තොටෙන් ආපසු හරවයි

(ටී.කේ.ජී.කපිල)

ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් පැවසීය .

ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාලව ගුවන් ගමන් තහනම් කිරීම් එම අධිකරණ මගින් පනවා, ඒ බැව් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ද ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබී ඇත .

ඒ අනුව ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දී රන්ජන් රාමනායක මහතා , ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

රන්ජන් රාමනායක මහතා පළමුවෙන්ම කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීමට සැළසුම් කර තිබුණි .



අදහස් (7)

ඇමෙරිකා යන්න ආ රංජන් ගුවන්තොටෙන් ආපසු හරවයි

ravin Friday, 28 October 2022 07:57 AM

පිස්සුනේ .එක නඩුවකින් නිදහස් කෙරුවාට අනික් නඩු?ඔහුගේ නීතිඥවරු හරියට උපදෙස් දී නැතිද?

:       0       14

BamunuarachchiSaturday, 29 October 2022 07:25 AM

නඩුවෙන් නිදහස් උනේ නැහැ හලෝ හිරෙන් නිදහස් උනා. නඩුවෙන් වැරදිකරු වෙලා ලැබුන දඬුවමෙන් නිදහස් උනා බහුබූත දොඩවන්න එපා.

:       0       1

ලුම්බිණි Friday, 28 October 2022 08:26 AM

හොරුන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ගුවන් ගත වෙන්න පුළුවන්.

:       5       18

BamunuarachchiSaturday, 29 October 2022 07:28 AM

ගුවන්ගත වෙන්න දෙන්න එපා කියලා නියෝග දෙන්නේ උසාවියෙන්. ඔබ කියන හොරු කොතැනින් තීන්දු ලබපු අයද?

:       0       1

Eranga Friday, 28 October 2022 09:19 AM

නඩු පිට නඩු තිබ්බත් මොළහතාණන්ට සහ අනෙකුත් චෞර පක්ෂලාට නම් ඔය මොන තහනමක්වත් නෑ...

:       4       25

යෝගා Friday, 28 October 2022 09:37 AM

ඇප කොන්දේසි නොදැන ඉන්න බබෙක්ද? මෙයා දිගින් දිගටම කරන්නේ උසාවියට අභියෝග කරන එකයි

:       16       15

Prasanna Friday, 28 October 2022 01:12 PM

ගියා හෝ නොගියා අපිට මොකෝ .නිකන් නළු බට්ටෙක් නේ

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site