යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය ගෙන යන දේශීය වැඩපිළිවෙළට සහාය දක්වමින් ඇමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාව බ්‍රහස්පතින්දා (24) ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී සභාගත කිරීමට නියමිත යැයි ජීනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.
ලංකාවට සහාය පළ කරන මෙම යෝජනාව ඇමෙරිකා‐ශ්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇතැයිද වාර්තාවේ. එම යෝජනාවේ ‘දෙමුහුන්’ අධිකරණයක් ස්ථාපිත කිරීම ගැන කරුණු දක්වා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටීයි.
ශ්‍රී ලංකාවට සහය දෙන ඇමෙරිකා යෝජනාවේ කෙටුම්පත මේ වන විට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 හමුවට ඉදිරිපත් කර ඇති අතර අදාළ යෝජනාවට රුසියාව, ඉන්දීයාව ,චීනය යන රටවල් ද සහාය දැක්වනු ඇතැයි වාර්තාවේ.
ජර්මන් විදේශ අමාත්‍ය ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මෙයර් මහතා මේ දිනවල මෙරට නිල සංචාරයකට පැමිණ සිටින අතර එලෙස ජර්මනියේ මැදිහත්වීම මත යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල්හි සහායද ,ශ්‍රී ලංකාවට සහාය දක්වමින් ඇමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාවට හිමිවනු ඇතැයි පැවසේ.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා යෝජනාව 24 වැනි දා
සිල්වා Monday, 21 September 2015 08:48 AM
මෙම යෝජනාව අනිවාර්යෙන් රටට සුබ දායි වේවි ! (අ)
නාමල් Monday, 21 September 2015 08:49 AM
හමුදාවේ අපරාද කල සුලු පිරිසක් ඉන්නවානම් දඬුවම් කල යුතුයි (අ)
දුමින්ද Monday, 21 September 2015 09:04 AM
දේශීය යාන්ත්‍රණයට දෙමුහුන් අධිකරණ කුමටද (අ)
ගාමිණී Monday, 21 September 2015 09:13 AM
නාමල් ඔබහට ලියන්න දේවල් ගොඩක් තියෙනවා ලියන්න අපහසු සදාචාරයක් අපට තියෙන නිසා (බ)
නාමල් Monday, 21 September 2015 11:26 AM
ගාමිනී මොනව ලියන්නද? ඔය ජායාරූප හා වීඩියෝ ශාක්ෂි අහුවෙලා තියෙන්නේ... කවුරුත් නීතියට උඩින් නෑ (අ)