IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමෙරිකාවෙන් එයි

ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අඟහරුවාදා (25) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ඉකුත් මැයි 02 ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉදිරි පියවරක් ලෙස බිස්වාල් දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

බිස්වාල් ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය  වන අතර මෙහිදී ඇය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා  පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවී යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්ගැන ත‍්‍රී පුද්ගල එක්සත් ජාතීන් විද්වත් කමිටුව මෙරට සම්බන්ධයෙන් පැවැත්වු පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන මස එක්සත් ජාතීන් ගේ මානව හිමකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙද්දී බිස්වාල් මහත්මිය මෙරටට පැමිණෙන්නීය. කාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටියේ ඇමෙරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයකි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළබඳ සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල් මීට සති කිහිපයට පෙර ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ අතර මහ මැතිවරණය පැවැත්වීම නිසා එය කල් දැමිණි.



අදහස් (0)

ඇමෙරිකාවෙන් එයි

නුවන් Monday, 24 August 2015 03:41 AM

ඔය වැඩ පටන් අරන් තියෙන්නේ. අපේ හමුදාවේ කොල්ලො ටික අල්ලලා හිරේ දායි වගේ (නදී)

:       0       0

රුවන් Monday, 24 August 2015 03:44 AM

ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරූ (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 24 August 2015 04:04 AM

එතකොට අැමෙරිකාවේ මානව හිමිකම් කඩකරන ඒවා ගැන හොයල බලන්නේ කව්ද ?(නදී)

:       0       0

ඉසුරන්දි Monday, 24 August 2015 04:24 AM

සහයෝගයෙන් වැඩ කලොත් රට ගොඩ. (අ)

:       0       0

රොහාන් Sunday, 23 August 2015 11:25 AM

මෙයාල ලෝකෙම ගිනි තියන එක කරන්නේ (නදී)

:       0       0

ධම්ම Sunday, 23 August 2015 11:26 AM

අපි හිතුවේ සර්ලා අපිත් එක්ක තරහවෙලා ඇති කියලා. (නදී)

:       0       0

සුදත් Monday, 24 August 2015 04:47 AM

දිලිප් මෝඩ කතා කියන්න එපා. කොලඹ මිනිස්සුන්ව සුදුවෑන් වලින් ගෙනිච්චෙ කොටි නෙමේ. යුද්ධයෙන් මැරුනු සිංන්හල, දෙමල සියල්ලම අපේ සහෝදරවරු තමා. දෙමල තරුනයින් කොටින්ට බැදුනේ ඒ අයටත් විවිද ප්‍රශ්න තිබුන නිසා. නැතිව විනෝදෙට නෙමේ. (නදී)

:       0       0

නාමල් Sunday, 23 August 2015 12:04 PM

සාදරයෙන් පිලිගන්නවා... ඔබලා අපිට ඒකාධිපතියන්ව පරදවන්න කල උදව් අමතක නෑ (නදී)

:       0       0

නුවන් Sunday, 23 August 2015 12:06 PM

යුද්ධය අවසන් සමයේ හමුදාවේ සුලු පිරිසක් අපරාධ කලා නම් ඒවා සොයා බලා දඩුවම් දිය යුතුයි (නදී)

:       0       0

දුමින්ද Monday, 24 August 2015 06:21 AM

කළු ගලේ ඔලුව ගසා ගත හැකිද ? (නදී)

:       0       0

මොහොමඩ් Monday, 24 August 2015 07:02 AM

අපේ රට ඇතුලේ සිදුවෙන දේවලට ගරු අධිකරණය තියෙනවා දඩුවම් දෙන්න. මේ ගොල්ලෝ අවශ්‍ය නැහැ ඒකට. මෙයාලගේ වැඩේ රටවල් ගිනි තිය තිය යන එක (නදී)

:       0       0

මඩුල්ල ග්‍රාවියල් Sunday, 23 August 2015 04:29 PM

අපේ රටේ හමුදාව අපරාධ කළ නම් දඩුවම් දෙන්න අපේ රටේ ගරු අධිකරණයක් කියෙනවා නේද? (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 23 August 2015 05:25 PM

නුවන්, යුද්දයේ අවසාන කාලයේ අපරාද කරන්නට රණ විරුවන්ට ඉඩක් තිබුනේ නෑ. ඒවා කර කර හිටියනම් මෙහෙම නිදහසේ කතාකරන්න ලැබෙන්නේ නෑ. (නදී)

:       0       0

දිලිප් වික්‍රමරත්න Sunday, 23 August 2015 10:29 PM

නුවන්, ඔන්න ඔතනට තමයි සිංහලයන්ගේ මානසිකත්වය ඉදිරි මාස කීපයේදී සකස් කරන්නට මේ ආණ්ඩුව වෙර දරන්නේ. ලංකාවේ යුද අපරාද උන බවත්, ඒ අයට දඩුවම් දිය යුතු බවත් සිංහලයන්ට ඒත්තු ගන්වන්න. සුදු නෙලුම්, තවලම් වගේ ඒවා ඉක්මනින්ම පටන් ගනී. තම ජීවිතේ පරදුවට තියලා රටට නිදහස ගෙනාපු ඒ හමුදා සහ සිවිල් නායකයෝ කුදලා ගෙන යනකොට, නුවන් වගේ සිංහලයෝ කියාවි හොද වැඩේ බව. මැරුන කොටියොයි, හමුදාවේ මැරුන රණවිරුවොයි, එකම සහෝදරයෝ කියලා රාජ්‍ය අනුග්‍රහයෙන්ම උත්සව ආරම්බ කරාවි. ඒකට ඇමරිකන් කාරයෝ හදලා දීපු නම තමයි "reconcilation"බලන් ඉන්න (නදී)

:       0       0

කුමාර් Sunday, 23 August 2015 10:50 PM

බබා හම්බ උනා විතරයි ඔය එන්නේ උන්ගේ සැලැස්මට රට අරාජික කරන්ට. සජිත් මහත්තයෝ කෙලින් ඉන්ට. ඔබගේ පියා බ්‍රිතාන්‍ය තානාපතිවත් ගෙදර ඇරියා මතකනේ? ඉන්දියාව බලෙන් පරිප්පු දැම්මම මැතිසබේ කල ප්‍රකාශය මතකනේ. බටහිරයෝ එන්නේ රටවල් ගිනි තියන්ට උන්ගේ කපටිකම් හංගගෙන. ඕක තේරුම් ගන්නකොට සියල්ල සිදුවෙලා (නදී)

:       0       0

වයිකෝ Sunday, 23 August 2015 11:41 PM

යුද්ධය අවසන්, දැන් ඉදිරිය බලා වැඩකරමු. (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 24 August 2015 01:48 AM

කියන්න ප්‍රශ්නයක් නැහැ 1980 වේ ඉඳන් පටන්ගනිමු. අර යටත් උන පොලිස් නිලධාරීන් 600 ට , කොළඹ සහ ලංකාවේ අනිකුත් ස්ථානවල මැරුන මිනිසුන්න්ටත් මානව හිමිකම් තිබෙනවා. අපේ හමුදාවේ වැරදිකරලා ඉන්න පුද්ගලයෝ ඉන්නවා නම් අපිත් සුදානම් දඩුවම් දෙන්න. නමුත් සරණාගත ලේබල් ගසාගෙන බටහිර රටවල සැඟවී සිටින කොටිනුත් වැරදි කරුවන් උනොත් ඔවුන්ටත් දඩුවම් දෙන්න ඕනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site