පෙර දැනුම්දීමකින් තොරව, කවුරුත් පුදුමයට පත් කරමින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමුවිය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා බටහිර ඉවුරට ගියේ විශේෂ ආරක්ෂක රැකවල් මධ්‍යයේය. රාමල්ලා නුවරදී බ්ලින්කන් සහ පලස්තීන ජනාධිපති අබ්බාස් අතරේ සාකච්ඡා පැවැත්විණි.
පලස්තීන ජනාධිපති අබ්බාස් ද එහිදී ද ඉල්ලීමක් කර ඇත්තේ ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කිරීම සඳහා සටන් විරාමයකට යා යුතු බවය.
ඊශ්‍රායලය මේ මොහොතේ සටන් විමාරයක නොයනු ඇති බවත්, එසෙම් සටන් විරාමයකට ගියහොත් එය හමාස් සටන්කාමීන්ට හිස නැමීමක් බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කර තිබේ.
ඇමෙරිකාවේ ස්ථාවරය වන්නේ ද හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමිය යුතු යැයි බ්ලින්කන් අවධාරණය කළ බව පලස්තීන පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
හමාස් සටන්කාමීන් අඩපණ වී සිටින මේ මොහොතේ සටන් විරාමයකට ගියහොත්, සටන්කාමීන් යළි ශක්තිමත් වනු ඇති බවත්, ඔවුන් යළිත් වරක් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබේ.
කෙසේ නමුත්, මානුෂීය හේතූන් සැලකිල්ලට ගැනීම සහ ගාසා පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම කළ යුතු බව ද බ්ලින්කන් පලස්තීන ජනාපධිති හමුවේ පවසා ඇත.
(අල් ජසීරා)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි
බිලින්කං Sunday, 05 November 2023 08:45 PM
ඔයාටත් ආයුධ අඩුවට දෙන්නම්. එකඟද?