උතුරු සෝමාලියාවේ සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන බිලාල් අල් සුඩානි ඝාතනය කළ බව ඇමෙරිකාව පැවැසීය.
ඇමෙරිකා හමුදාව සෝමාලියාවේ, මෙම විශේෂ හමුදා මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමැතිය ඊට හිමිවීමෙන් පසුවය. සෝමාලියා රජය, හමුදාව සහ බුද්ධි අංශයේ සහාය ද ඇමෙරිකානු හමුදාවට ලැබී තිබේ.
බිලාල් අල් සුඩානි අත් අඩංගුවට ගැනීම සඳහා ඔහු රැඳී සිටි සෝමාලියාවේ ගුහා සංකීරණයට ඇමෙරිකානු හමුදා කඩා වැදුණු අවස්ථාවේදී අල් සුඩානි සමඟ සිටි සෙසු අයි.එස්. ත්‍රස්තවාදීන් සහ ඇමෙරිකන් හමුදා සෙබළුන් අතරේ දරුණු අවි ගැටුම් සිදුවිය. එහිදී ඇමෙරිකන් ප්‍රහාරවලින් අයි.එස්. ත්‍රස්තවාදීන් 10 දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
අප්‍රිකා කලාපයේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ව්‍යාප්ත කිරීමේ කටයුතු බාර වී තිබුණේ බිලාල් අල් සුඩානිට බව ඇමෙරිකාව වැඩි දුරටත් පවසා ඇත. බිලාල් අල් සුඩානිසෝමාලියාවේ සිට ලෝකයේ පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් සඳහා මූල්‍ය සහාය සපයා ඇති බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් ප්‍රහාරයකින් අයි.එස්. නායකයෙක් මරුට
Bamunuarachchi Friday, 27 January 2023 02:22 PM
සිරිලංකාවේත් ඉන්නවා isis කාරයින්... ඔවුන් ලංකාවට ශරියා නීතිය ඉල්ලනවා... අපි දෙන්නම් ලොකේෂන් එක පුළුවන් නම් වැඩක් දෙන්න.. ඔවුන් තමයි පාස්කු ප්‍රහාරය කළේ... අන්තිමට වන්දී ගෙවන්න වුණේ බෞද්ධයින්ට, ලස්සන වැඩේ බෞද්ධයින් හුරේ දැම්මා බෞද්ධයින්ට වැරැදුණාට....