(නිමන්ති රණසිංහ)
පාරේ යමින් සිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවිකාවගේ ගමන් බෑගය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට ඊයේ (01) කරුණු වාර්තා කළේය.
ඇමරිකානු තානාපති කාර්යාල සේවිකාව විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශන ආරම්භ කළ බව කුරුදුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඇමෙරිකානු ඩොලර් 1250 වටිනා කමකින් යුත් ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, රුපියල් විසි දහසක මුදලක්, හැඳුනුම්පත, රාජතාන්ත්‍රික හැඳුනුම්පත හා නිවසේ විද්‍යුත් යතුර තම ගමන් බෑගයේ තිබූ බවට පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබූ බවද පොලිසි ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත .
ඒ අනුව එම ගමන් බෑගයේ මුළු වටිනාකම රුපියල් හාර ලක්ෂ හැත්තෑ දහසක් වන බව ද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ ය.
මෙම වනය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 380, 394, 396 වගන්ති ප්‍රකාරව වරදක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමරිකානු තානාපති සේවිකාවගේ ගමන් බෑගයේ සිද්ධිය අධිකරණයට