සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
මේ අතර දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකිණීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ට වී 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.
එසේම මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කර තීරණයක් ගන්නා බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය. එම කමිටුවේ නිර්දේශය ද සැලකිල්ලට ගෙන මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද තීරණය කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවැසුවේ රජයෙන් තවමත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් කර නැති බවයි.
එතෙක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නිවාස ඇතුළු අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරුන් සඳහා පසුගියදා පැවැති වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණ ද එය සිදුව නැතැයි වාර්තා වෙයි.
COMMENTS
අපොයි. දැන් ජාතික ලැයිස්තුවෙන් එන හොරු ටිකට උණ ගන්නවා. ඇවිල්ලත් බැහැ. නෑවිනුත් බැහැ. නාමල් බේබි නම් කියයි. අප්පච්චි වයසයි නිතරම කනත්තට දුවන නිසා. එයා ගෙදර ඉන්නවා කියයි. අනිත් අය. දැන් මහන්සියි කියලා නන්නත්තාර වෙයිද දන්නේ නැහැ. බාගෙන කණ වැල ඉහගෙන කෑවා. දැන්නම් මීවදයකි ජීවීතේ කියන්න බැරිවෙයි කට්ටියට. කියන්න වෙන්නේ හපුතලේ දෙන්නා දෙපෝලේ දක්කනවා කියලා...
රජයේ හෝ පුද්ගලික සේවයේ රාජකාරි කරන අයට අවශ්‍ය සාමාන්‍ය පහසුකම් ටික ලැබිය යුතුයි. ඒ මත පිහිටා ඒ ඒ තනතුරුවලට ගැළපෙන ලෙස පහසුකම් ලබාදීම කළ යුතුයි. එය රාජකාරියේ පහසුව සඳහා පමණක්වීම වැදගත්. මැති ඇමැතිවරුන්ට පමණක් විශේෂ විය යුතු නොවේ.
ඔය ඇමැතිලා පැද්ද අධි සුඛෝපභෝගී වාහන ඉන්ධන දහනය අධික, පරිසර දුෂණය අධික වාහන. යුරෝපයේ ඇමතිලා පුස් බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට එන්නේ මොළේ අමාරුවට නෙමෙයි පරිසරයට ආදරේ නිසා. ලංකාවේ ඉන්න ඇමතිලානේ ඔක්සිජන් කන්න ද කියන්නේ...? එහෙම නුගත් පුද්ගලයින් මේවා ගැන දන්නේ නෑ...
කොහොමහරි ඡන්දයට කළින් කියපු දේවල් දැන් කෙරෙන්නේ නැහැ වගේ. අපි මෙයාලාටත් රැවටුණාද දෙවියනේ...
මන්ත්‍රීලාට මොකටද ගිනි අවි? කට්ටියක් වට කරගත්තොත් කී දෙනෙකුට කියලා වෙඩි තියන්නද? අර පහුගිය කාලේ ගිනිඅවි තිබිලත් එක්කෙනෙක්ව මහපාරේ මරලා දැම්මේ! ඇරත් ඔය එකෙකුටවත් ඉලක්කයට වෙඩි තියන්න පුළුවන්ද? තිබ්බොත් අහක යන අහිංසකයෙකුට වදියි...
අනිවාර්යෙන් කළයුතු දෙයක්, ඕවා දැනගෙන තමයි කලින්ම සමහරු දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේ...,
අනුර සහෝදරයාට අපි ඡන්දය දුන්නේ ඒ දේවල් බලාපොරොත්තුවෙන්. අනවශ්‍ය වියදම් කපා හැර රටට සහ පොදු ජනතාවට යහපත උදා කරන්න...
බලාපොරොත්තු වූ වෙනසට අපගේ ආශීර්වාදය...!
මන්ත්‍රීවරුන් පත්කරනුයේ ඡන්දයෙනි. අධ්‍යාපන සුදුසුකමක් නියම කර නැත. පත්වීමට පෙර සාමාන්‍ය මොටර් රථයක ගමන් කිරීමට හැකි නම්, මන්ත්‍රී වූ විට අධිසුඛොපභෝගී වාහන කුමටද? ඒ ජනතාවට තම මහන්තත්වය පෙන්වීමට විය හැකියි. වත්මන් රජය සුපිරි වරප්‍රසාද නොදෙන බවත් හිටපු ජනාධිපතිවරුන්ට දැනට දෙන සියලු වරප්‍රසාද නවතන බවට පොරොන්දු විය. එම පොරොන්දුව දුන්නේ වත්මන් ජනාදිපති වරයායි. එනිසා එම පොරොන්දුව ඉටුකළ යුතුමයි. ප.පා.ඡන්දයට පෙර එය සිදුවිය යුතුයි. 2/3 වැඩි බලයක් දුන්නේ එම පොරොන්දු ඉටු කිරීම සඳහායි...!
මන්ත්‍රී කෙනෙකුට රු. 54,000.00 නොව අමත්‍යාංශ ලේකම් කෙනෙකුට ඉහළ වැටුපක් ලබාදීම හොඳයි. වැටුප සහ දීමනා ජනතාව දැන ගැනීම සුදුසුයි... මොකද ඔවුන් පත්කරන්නේ ජනතාව නිසා...!
අපි පතෝල යහපාලනේ මොඩලයක් නොවෙයි බලාපොරොත්තු වුනේ. ඒ නිසා ඡන්දෙට ඉස්සෙල්ලා කෑගහපු ජවයෙන්ම වැඩ පෙන්නන්න නෝන්ජල් නොවී…
වැඩේ හරියටම කරලා ඉවරවෙලා නිව්ස් එක දාන්න. ඒ වගේම නැවත ජනතා බදුමුදල් වලින් දිව්‍ය ලෝක සැපසම්පත් මෙලොවදී නොලැබෙන විදිහට අන-පණත් සම්මත කරන්න. රටේ ජනතාව කතිරෙ ගහල පත්කරගත්තේ ඒකට...එතකොට මන්ත්‍රී කමක් නැතිව ජීවත්වෙලා වැඩක් නැහැ කියන කට්ටිය වස කුප්පිය අතට ගනියි. ගෙදර ඇරපු, රටකපු තක්කඩින් නැවත දියවන්නාව දිහා බලන එකක්වත් නැහැ...
ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමුකරනවාද? නැද්ද? කියා ජනතාව අවධානයෙන් ඉන්නේ. බලය නැතිදා කියුම් සහ බලය ඇතිදා කෙරුම් කෙරේ...
ඔය විපක්ෂ කණ්ඩායම් වලට ලැබී තිබෙන ලැයිස්තු මන්ත්‍රීධුර හොරා කන්නෙත් සමහරු දන්නා තරම් වැඩ දාලා පින්සෙන්ඩු වේවි සියදිවි නසා ගන්නා බවට පවා නහකුනු ගාමින් වාත වෙන්නේත් වෙන මොනවත් හින්දා නෙමෙයි. මේ මන්ත්‍රී ධුරයේ මෙතෙක් කල් ලැබුණු සැප සම්පත් වලට බැල්ම දාගෙනයි. නැතුව මේ රටේ මිනිස්සුන්ට යහපත කරන්න නෙමෙයි. ජේ.ආර්.ඒ. කාලේ මහලොකුවට කයිය ගහලා කිව්වේ මන්ත්‍රීලාට හොඳට සැප දුන්නාම ඒ අය කිසි වංචාවක් දූෂණයක් කරන්නේ නැතුව රට වෙනුවෙන්ම කැපවෙලා රට දියුණු කරාවි කියලා. අර විජමු ලොක්කත් කිව්වේ හනේ හපොයි මන්ත්‍රීලාට හොඳට සලකන්න ඕනෑ... නැත්නම් කොහොමද ජනතා සේවේ කරන්නේ කියලා. කාලය විසින්ම ඒ කතා නිකම් පුහු ප්‍රලාප බව ඔප්පු කර හමාරයි. ඔය අලුත් මන්ත්‍රිලාට ඔය මාදිවෙලද තියෙන ගෙවල්වල නවාතැන් පහසුව දෙන්න ඕනෑ... එක කාමරයකට ඇඳන් දෙක තුනක් බැගින් දාලා විශ්ව විද්‍යාල සිසුන්ට නවාතැන් දෙන ආකාරයටයි. පාර්ලිමේන්තුව රැස්වෙන දාට කට්ටියට යන්න බස් රථ දාන්නයි තියෙන්නේ. වැඩි දෙනෙක් සරසවි ගිහින් ඉගෙන ගත්තු අය. හොස්ටල් ජීවිතය හොඳට හුරුවෙලා ඇති. මොකද මේ ගොල්ලෝ ආවේ පවුල් පිටින් කොළඹ ගෙනත් සැප ජීවිත ගෙවන්න නෙමෙයිනේ. දැන් කියපු විදියට කරලා පෙන්වන්න...!
අවධානය යොමු වෙලා විතරක් මදි... කරන්නත් ඕනේ. ඒකටයි අපි ඡන්දේ දුන්නේ...!
හම්බ කරන්න කෝටි ගණන් වියදම් කරලා පාර්ලිමේන්තුවට එන ජාවාරම් කාරයෝ හබක්...!
සමහර ලේකම්වරුත් V8 වාහන පාවිච්චි කළා. ඒ වාහනවලට මොකද වෙන්නේ? ඒවාත් වෙන්දේසි වෙයිද?
අපි කොහෙවත් කිව්වේ නෑ ඔව්වා ගන්නේ නෑ කියලා. අපිට ඕනෑ වෙලා තිබ්බේ අර ගෝටා ගෙනැල්ල අනාථ වෙලා ගලේ පහරපු බළල්ලු ටික වගේ හිටපු 69 ලක්ෂය අන්දලා කොහොම හරි අපිව ගොඩදා ගන්න. අපරාදේ කියන්න බෑ ඔවුන් ටික අතින් කයිට් කරගෙන අපිව ගොඩ දැම්මා විතරක් නෙවි දැන් අපේ පිළිකනු වල පදිංචි වෙලා කුණු රෙදිත් හෝදනවා...
මේක නිකන් හිටන් 2 වගේ. විධායක අහෝසි කරනවා කිව්වා. මාදිවෙල නිවාසවල ඉන්න අයට පාපැදියෙන් යන්න පුළුවන් පාර්ලිමේන්තුවට. අපිත් ඡන්දෙ දුන්නා. දැන් අර ඒ කාලේ ගෝ එක නෑනේ...
හානා හීය පානා අඬහැරෙන් දැනේ...!
ඔව්, ඔය පරණ වි8 ටික විකුණලා අලුත් හයිබ්‍රිඩ් කාර් ගොන්නක් ගත්තාම කාලෝචිතයි...