IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඇමති රොෂාන්ගෙන් අයිසීසියට අභියාචනයක්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්  ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී විමසන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක  දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා  මුළු පාර්ලිමේන්තුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලකයන් ගෙදර යා යුතු බව එකහෙළා අනුමත   කළ බවද  ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (12)

ඇමති රොෂාන්ගෙන් අයිසීසියට අභියාචනයක්

සාලිය​ Saturday, 11 November 2023 03:56 PM

හොරු රකින අයත් හොරු.. නුඹලාවත් එලවනවා තහනම අයින් නොකලොත් කියලා ලියාවි. ප්‍රශ්නය විසඳන්නේ එහෙමයි...

:       0       0

අරවින්ද මොනරවිල Saturday, 11 November 2023 03:56 PM

කිසිම චෝදනා පත්‍රයක් නැතිව නිදහසට කරුණු නොවිමසා දූෂිත ශම්මියාගේ වුවමනාවට ක්‍රිකට් තහනම් කිරීම ගැන අයි.සී.සී.යේ හොරුන්ගෙන් නිදහසට කරුණු අහන්න ඕනෑ අපි.

:       0       0

Mohan Mangala Saturday, 11 November 2023 04:22 PM

මේ මනුස්සයා හොඳ කෙනෙක් වගේ පේන්නේ...!

:       15       102

ABSaturday, 11 November 2023 08:11 PM

පාර්ලිමේන්තුවේදී දේශපාලකයන්ගේ රඟපෑම් සහ ක්‍රිකට් පාලක මන්ඩලය ශ්‍රී ලාංකිකයින්ගේ, පුරවැසියන්ගේ ක්‍රීඩාව දූෂණයෙන් තොරව වගවීම විනිවිදභාවය සාධාරණත්වය සහ වගකීම අනුව ක්‍රියා කලේ නම් මෙවැනි මාධ්‍ය සකච්ඡා පවත්වමින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමට අවශ්‍ය නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සකස් විය යුතු වන්නේ පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් මෙහෙය වීමට බලය ලබාදීම වෙනුවට මධ්‍යම රජයේ යටතේ පවතින එසේ වුවත් දේශපාලන මැදිහත් වීම නොමැති පාලනයක් සඳහා වේ...

:       0       0

nimalSaturday, 11 November 2023 10:01 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම සහබාගි වූ world cup matches අතරින් බහුතරයක් දිනා semifinal / final matches දක්වා පැමිනියේනම්, ක්‍රීඩා ඇමතිත්, ක්‍රිකට් ආයතයේ සියලු දෙනාත් පාර්ලිමේන්තුවේ 225ම මේ ආකාරයෙන් හැසිරේවිද ? ඇමතිවරයාගේ දුෂණ ගැනත් ක්‍රීඩා ආයතනයේ දුෂණ පිලිබදව සියල්ල යටපත්ව / අමතකකර මාධ්‍ය ඉදිරියේ ඔවු නොවුන් විවෙච්න / චෝදනා එල්ල කර ගනීවිද ? නොඑසේනම් ඔවුන්ගේ හැසිරීම කුමන ආකාරයෙන් සිදුවේද ? ලංකාවට ලෝක කුසලනය ලැබීම හෝ semifinal / final cricket වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම ලගාවීම හෝ ජයග්‍රහණය ලැබීම මත ක්‍රීඩා ඇමතිවරයාගේ සහ ක්‍රිකට් ආයතනය වෙත එල්ල වන්නාවූ දුෂණ චෝදනාවලින් නිදහස ලැබීමට සුදුසු කමක් නොවේ.

:       0       0

pjSunday, 12 November 2023 07:38 AM

රජ පවුලත් හරී හොඳයි කියලා පෙනුණ කාලයක් තිබුණා... මේ ඒ පවුලේම ගෝලයෙක්... මෙයා නිවැරැදි නම් ඒ කාලේ නිදියගෙනද හිටියේ... දැන් හීනෙන් නැගිටලා වගේ ක්‍රිකට් දූෂණයක් විතරක් හොයන්නේ...!

:       0       0

SENASunday, 12 November 2023 06:29 PM

අවස්ථාවාදීව හැසිරෙන්නාවූ දේශපාලකයින් ගැන රටේ පුරවැසියන් අවබෝධයෙන් සිටිය යුතුවේ...!

:       0       0

Lal Saturday, 11 November 2023 05:55 PM

වැඩේ නාගෙන ඉන්නේ.. පොර වෙන්න ගිහින්... ඕවා කරන්න ඕනේ මොලෙන්, ඇඟෙන් නෙවෙයි...!

:       85       18

sam Saturday, 11 November 2023 05:59 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිතයන් පලවා හැරීමෙන් පසු සුදුසු කණ්ඩායමක් තෝරාගත යුතුවේ. එසේ නොමැතිනම් මේ වනවිටත් ICC තහනමට ලක්ව තිබෙන්නා වූ "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිරුවා හැර යම් නිහඬ කාලයක් ලබාදී සියල්ල විසඳුණු වූ පසු සුදුසුම කණ්ඩායමක් පත්කිරීමට කටයුතු කිරීම සුදුසුම සහ කාලෝචිතම තීරණය වේ ". ශ්‍රී ලංකා ක්‍රිකට් ICC තහනමක් දමා තිබෙනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පමණක් නොව අමැතිවරයා පිළිබඳව සෑහීමකට පත් නොවන නිසාවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටළුව විසඳා ගැනීමට කටයුතු කළහොත් ICC තහනම ඉවත් කරගැනීම පහසුයි...!

:       65       12

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 11 November 2023 07:36 PM

අහුවෙන්න එපා... මැච් පරදින්නේ මහින්දලා බලයට ගේන්න කියලා තාම ඇනෝනිමස්ලා කියලා නැද්ද?

:       0       0

සල්ලි Saturday, 11 November 2023 09:56 PM

IMF දෙවන වාරිකය ලැබුනාද තුමණි. කැරට් කිලෝව 300යි. ක්‍රිකට් ලංකාවේ ලොකුම ප්‍රශ්නයද?

:       0       0

Kumar Saturday, 11 November 2023 11:04 PM

ඇමතිතුමා හිතන්නේ මේ ගොල්ලෝ මෝඩයෝ කියලද? හැමදාම වගේ ශ්‍රී ලාංකිකයන් හිතන්නේ තමන් ලෝකයේ බුද්ධිමත්ම අය කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site