IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමැති රාජිත පවුල නිදහස්

බාල වයස්කාර දැරියක පැහැරගෙන බලෙන් රඳවාගෙන සිටිතියි ඇමැති රාජිත සේනාරත්න, ඔහුගේ පුත් එක්සත් සේනාරත්න , බිරිය දොස්තර සුජාතා සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සියලු චෝදනාවලින් නිදහස් කරන බව කොළඹ ප්‍රධාන මහේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) ප්‍රකාශ කළේය.

දැරියගේ මව්පියන් විසින් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙස්සම මහාධිකරණයෙන් ඉල්ලා අස්කරගෙන ඇති හෙයින් තව දුරටත් මහේස්ත්‍රාත් උසාවියේ විභාගයෙන් පළක් නැති බව මහේස්ත්‍රාත් කීවේය.

මහේස්ත්‍රාවරයා පැවසුයේ පෙත්සම්කරුවන් මහාධිකරණයේ පෙත්සම ඉවත් කරගත් හෙයින් නඩුව ඉවත දමා ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් නිදහස් කරන බව ද මහේස්ත්‍රාත් කීවේය.

දැරිය මහේස්ත්‍රාත් උසාවියේ දී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තව දෙසතියකින් තමා වැඩිහිටියකු වන බවයි. තමා මව්පියන් සමග ජීවත් වීමට අකමැති බවත් ඇය කියා ඇත.



අදහස් (0)

ඇමැති රාජිත පවුල නිදහස්

ඩොනල්ඩ් Friday, 23 October 2015 01:20 PM

ඇත්තනේ ඉතින්. ඒ දරුවාත් යන්න අකමැති නම් තවත් මොන කතාද? (නි)

:       0       0

ඩයස් Friday, 23 October 2015 01:18 PM

කිසිවක් නොකියා ඉන්නට සිතුවෙමි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 23 October 2015 01:23 PM

අපේ රටේ නීතිය තවමත් අසරණ යැයි මට සිතේ (නි)

:       0       0

රංජිත් Saturday, 24 October 2015 06:53 AM

අද බලය තියෙන්නේ චෝදනා ලබපු අය ළඟ. මොනවා කරන්න බැරිද?(රේ)

:       0       0

කුමාර Friday, 23 October 2015 01:49 PM

පෙත්සම්කරුවන් මහාධිකරණයේ පෙත්සම ඉවත් කරගත්තා නම් අපි මොකටද මේ කලබලවෙලා කෑ ගහන්නේ? (නි)

:       0       0

සුසන්ත - කටාර් Saturday, 24 October 2015 07:26 AM

මෙවැනි ජරා දේශපාලනය රට විනාශ කරනවා (අ)

:       0       0

පුෂ්පා Saturday, 24 October 2015 07:36 AM

අනේ මන්ද, බාල වයස්කාර වැරදි ඉල්ලා අස්කර ගන්නේ කොහොමද? එතකොට වැරදි කරලා කියලා චෝදනා කරලා පස්සේ වැරදි කලේ නෑ කියලා අයින් කර ගන්න පුලුවන්ද? මේ අලුත් නීති ඇහුවමයි. අපි දන්නා හැටියට වෙන රටවල දෙපැත්තටම දඬුවම් කරනවා නිතිය බාල්දු කළාට. (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 24 October 2015 08:48 AM

නිදහස් වෙන බව රටම දන්නවා.(රේ)

:       0       0

ලියොන් ගුනවර්දන Friday, 23 October 2015 03:33 PM

නීතිය සධාරණව ඉස්ට කරන්නේ කොහොමද බාලවයස් කාරියගේ දෙමාපියන් තම දියණිය බලෙන් රදවගනීමේ චෝදනා ඉල්ලාඅස්කරගත් විට.බලමුකො ය වයස් පිරෙන විට තම පෙම්වතාට කරනදේ (රේ)

:       0       0

අබේරත්න-ටෝ්කිියෝ Friday, 23 October 2015 04:14 PM

බඩුත් හමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ ඕක තම(රේ)

:       0       0

අමරේ Saturday, 24 October 2015 10:37 AM

එත කොට තව සති දෙකක් යන්න ඕන එය වැඩිහිටියෙක් වෙන්න .මෙච්චර කල් බල වයස් කාරියක් තබාගෙන හිටියේ ලෝකෙටම නීතිය කියල දෙන්න යන ඇමති තාත්තා කෙනෙකුයි හිටපු ජනාධිපතිටත් චල්ලේන්ජ් කරපු මන්ත්‍රි i අයිය කෙනෙකුයි නේද ;එ්ව වැරදී නෙමේද? (රේ)

:       0       0

වින්සන්ට් Saturday, 24 October 2015 10:56 AM

බලය අත ඇති අය ලොව වැරදි කරුවන් වන්නේ කලාතුරකිනි. එයට යම් පිළිතුරක් ඇත්නම් අගමධර්මයක් තුළ පමණි.(රේ)

:       0       0

ශිරාන් Saturday, 24 October 2015 11:19 AM

මම ඉන්නේ වේනත් රටක නමුත් මා ඉපදුන ලංකාව. අද මට හිතනේව ලකාවේ අය ගෙවන්නේ දුකක් කියල .මට කියමන්නක් තිබුනා හොටු ගෑණි දීල කැහි ගත්ත වගේ කියලා මම හිතන්නේ හොටු ගැනී හොඳය කියල .(රේ)

:       0       0

සේන Saturday, 24 October 2015 12:03 PM

ඔතන ප්‍රශ්නයක් වෙන්නේ බාල වයස්කාරියක් බලෙන් රදවා ගත්තොත් විතරයි.මට පේන්නේ නඩුව දාලා තියෙන්නේ දේශපාලන පළි ගැනීමකට වගේ (රේ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 24 October 2015 12:59 PM

රන්ජිත් මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා. ඔය ටිකම තමයි පහුගිය අවුරුදු 20 ත් සිද්ධ උනේ. අදත් එහෙමයි. ඉදිරියටත් ඔය ටිකම වෙයි. (රේ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Friday, 23 October 2015 10:01 PM

එත් මේ ප්‍රශ්නය දිහා කිසිම පාට පක්ෂ බේදයක් නැතුව බැලුවොත් පෙනේවි, අපේ සමාජයේ ජනවාරි 8 වෙනිදා මහා ලොකු පරිවර්තනයක් වුණාය කියලා කෑ ගැහුවට අඩියකින්වත් ඉස්සරහට ගිහිල්ලා නැති බව. එක පැත්තකින් විමල්ව අත්අඩංගුවට ගන්නකොට, මෙතුමා සියලු චෝදනා වලින් නිදහස් වෙනවා. තව පැත්තකින් මහා බැංකුවේ දුෂිත ගනුදෙනු සම්බන්ධයෙන් සාක්කි දුන් නිලධාරීන්ට වෙන දේවල්.මට කවුරුහරි කියන්න මේ ආණ්ඩුව පැවති එකට වඩා වෙනස් වුණේ කොහොමද කියලා. (නි)

:       0       0

වජිරපාල Saturday, 24 October 2015 01:20 AM

මම හිතුවා මොකුත් නොකියාම ඉන්න එක හොඳයි කියලා (නි)

:       0       0

අයේෂා Saturday, 24 October 2015 01:28 AM

මම නම් මේ ගැන පුදුම නොවෙමි (නි)

:       0       0

විපුල Saturday, 24 October 2015 07:23 PM

අයියෝ! ඒකත් එහෙම විසඳුනාද? (නි)

:       0       0

සඳරුවන් Saturday, 24 October 2015 02:11 AM

ජනවාරි 8 පසුව කිසි වෙනසක්වී නොමැත අවබෝධ කරගත යුතු සත්‍ය එයයි (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 23 October 2015 11:27 AM

නැත්නම් ඉතින් යහපාලානේ ගෙනාපු එකෙන් වැඩක් තියෙනවැයි..මේ අහිංසක සත් ගුණවත් බෝ පල වගේ දරු පැටවූ ඉන්න පවුලට බොරු චෝදනා කරපු සියල්ලන්ට ඒ පව ආත්ම ගානකට ගෙවා ගන්නන්නම් බැරි වේවි.(රේ්)

:       0       0

ඇසළ Friday, 23 October 2015 11:35 AM

පොඩි මිහිහෙක් කලානම් කොහොමද සැප වැලිකඩ .....(රේ්)

:       0       0

දර්ශන Saturday, 24 October 2015 03:20 AM

මේ අහන කොට හිනාත් යනවා.(බ)

:       0       0

ජගත් Saturday, 24 October 2015 03:26 AM

පුදුම රටක අපිත් ජීවත් වෙන්නේ. (බ)

:       0       0

ගමගේ Saturday, 24 October 2015 03:25 AM

අන්ධයින් හා බිහිරන්ට නම් ජනවාරි 8 න් වෙනසක් වීදැයි නොතේරේ (බ)

:       0       0

රංජන Friday, 23 October 2015 11:56 AM

ඇයි අපේ රටේ නීතිය හැමෝටම සමානව නැත්තේ කියා සිතෙනවා. බාලවයස්කාරියක් කැමැත්ත දීමේ වයසට පෙර ර‍ඳවා තබාගැනීම නීතියෙන් වරදක් නොවේද? (නි)

:       0       0

පිරීස් Saturday, 24 October 2015 03:52 AM

හරියට තමන්ම ගස් බැඳගෙන තමන්ටම ගහගත්තාවගේ නාටකයක් තමයි මේකටත් වෙලා තියෙන්නේ. (බ)

:       0       0

කුමාර Saturday, 24 October 2015 03:55 AM

බාල වයස්කාර දරුවන් ට යම්කිසි වරදක් කළානම් එම පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීම වරදක් කියලයි මම දන්නේ (බ)

:       0       0

තමර Friday, 23 October 2015 12:47 PM

මේ වැරැද්ද අපේ අතින් වුණා නම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site