IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමැති මණ්ඩල දිවුරුම යළි කල් යයි?

නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම යළිත් කල් යන ලකුණු දක්නට ඇතැයි දේශපාලන ආරංචි කියයි.

ලබන 2වැනිදාට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා කලින් ප්‍රකාශ කළත් එය සැප්තැම්බර් 4 වැනිදා දක්වා කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.

ජාතික රජයක ඇමැති මණ්ඩලය සාමාජිකයන් 30දෙනකුට වැඩි වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතුව ඇත.

සැප්තැම්බර් 1 වැනිදා පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි. එම විවාදයට දවසක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ රජයට දන්වා ඇත. ඒ අනුව දිවුරුම් දීමේ දිනය කල් යාම නොවැළැක්විය හැකි බව වාර්තාවේ.

මේ අතර අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේ ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් සැප්තැම්බර් 2 වැනිදා දිවුරුම් නොදෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සර උත්සවයද සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන බවත් එයද ඇමැතිවරුන්ට එදින දිවුරුම්දීමට ගැටළුවක් වන බවත් දිසානායක මහතා කීවේය.

webslfpdumi_2015827

ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්



අදහස් (0)

ඇමැති මණ්ඩල දිවුරුම යළි කල් යයි?

ශිමාල් Thursday, 27 August 2015 05:22 PM

පැරදිලා පලාගියේ නැහැ (නදී)

:       0       0

ක්‍රිස්ටි Thursday, 27 August 2015 07:27 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු අය මහා පුටුවලට මේක යහාපාලනේද මෛත්‍රි පාලනේද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site