IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමැති මණ්ඩල තීරණ

  • දකුණු ආසියා පාරිසරික සහයෝගීතා වැඩසටහනේ ලේකම් කාර්යාලය රුපියල් කෝටි පහක වියදමින් බත්තරමුල්ලේ පිහිට වීමට යයි. ඇෆ්ගනිස්ථානය, බන්ගලිදේශය, භූතානය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය හා ශ්‍රී ලංකාව මේ වැඩසටහනට සම්බන්ධ වේ.
  • ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සීනි සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට යයි. 1960 දී පිහිටවූ මේ සංවිධානයට රටවල් 59ක් අයත් වේ. මූලස්ථානය ලන්ඩන් නුවර පිහිටියේය.
  • ගාල්ල, උණවටුනේ සළුසල ඉඩමක සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් හා අළෙවිහලක් විවෘත කිරීමට යයි.
  • රුපියල් කෝටි 76ක වියදමින් මඩකලපු රෝහලට හදිසි අනතුරු මධ්‍යස්ථානයක් ඉදිරකිරීමට යයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ පුණ්‍යායතනයක් ඊට ආධාර සපයයි.
  • 2013 දැයට කිරුළ පැවැත්වෙන අම්පාරේ හාඩි උසස් තාක්ෂණ ආයතනයට රුපියල් කෝටි 107 කින් පමණ ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමට යයි.
  • කොළඹ කොටුවේ බ්‍රෑන්ඩ් හෝටලය සහ යාබද පොලිස් දෙපාර්තමේන්තුවේ ඉඩම් සංවර්ධන කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යංශය සැරසෙයි. හෝටලය හා යාබද ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු හෝටල කාමර 500ක් එක් කිරීමට අදහස් කැරේ.
  • ඔරියන්ටල් හෝටලය තරු පහේ දියමන්ති හෝටලයක් බවට පත් කිරීමට යයි. රජය හා පෞද්ගලික අංශය මේ සඳහා රුපියල් කෝටි 130000ක් වැය කිරීමට යයි.
  • ආසියා අනනෝන්‍ය සබඳතා හා විශ්වාසය ගොඩනැගීමේ සමුළුවේ නිරීක්ෂකයකු වීමට ශ්‍රී ලංකාව සැරසෙයි. රටවල් 24ක් මේ සංවිධානයට අයත්ය.
  • කසකස්ථාන ජනාධිපතිගේ අදහසක් අනුව 1992දී මේ සංවිධානය පිහිටවූයේ ආසියාවේ සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය, හා සහයෝගීතාවය නැංවීම සඳහාය.
  • ශ්‍රී ලංකා, උගන්ඩා මිත්‍රත්ව වෘත්තීය හා කාර්මික පුහුණු ආයතනයක් උගන්ඩාවේ පිහිටවීමට ශ්‍රී ලංකා රජය රුපියල් විසි කෝටියකට ආසන්න මුදලක් වැයකිරීමට යයි.
  • ලංගම බස්, පෞද්ගලික බස් හා පාසල් වාහන හඳුනාගැනීමේ පහසුව සඳහා වර්ණ ගැන්වීමට යයි. ලංගම බස් රතුපාටින් ද, පෞද්ගලික බස් ලා නිල් පාටින් ද, පාසැල් බස් කහපාටින් ද වර්ණ ගැන්වීම අනිවාර්ය කිරීමට යයි. ශ්‍රී ලංකාවේ ලියාපදංචි වාහන සංඛ්‍යව ලක්ෂ 45කි. ලංගම හා පෞද්ගලික බස් සංඛ්‍යාව 20000කි. ත්‍රීරෝද රථ, මෝටර් රථ හා කැබ් සංඛ්‍යාව හත් ලක්ෂයකි. පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් ප්‍රමානය 2000කි.
 



අදහස් (0)

ඇමැති මණ්ඩල තීරණ

ජෝස් Thursday, 15 November 2012 04:07 PM

මෙච්චර ගාණක් උගන්ඩාවට? කියලා වැඩක් නැහැ. බැරිද ඕක ලංකාවේ හදන්න? (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 05:00 PM

ඕක හදන්නේ මොන රටක කොම්පැණියකින්ද දන්නෙ නැහැ? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 15 November 2012 03:52 PM

අනේ මන්දා? අපිට මෙහෙ කෑරට් කිලෝ එකක් ගන්න රුපියල් 100 ක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site