
(සුජිත් හේවාජුලිගේ)
ඇමැති බංගලා ඉල්ලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ පුද්ගලයන් පිළිබඳ වාර්තාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙනු ලැබ ඇත.
ඇමැති බංගලා ඉල්ලා ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව හැත්තෑවකට ආසන්න බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඇමැති බංගලා සම්බන්ධයෙන් ඉදිරි සතියේදී යම් තීරණයක් ගනු ලැබීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා බොහොමයක්
ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
කාලයක් තිස්සේ වසා දැමීම හේතුවෙන් ජරාවාස වීම සැලකිල්ලට ගෙන ප්‍රතිසංස්කරණ කටයුතු මෙසේ ආරම්භ කළ බවද ඔහු සඳහන් කළේය.
කොළඹ නගරයේ ඇති ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.
ඇමැති බංගලා කිසිවක් ජාතික ජන බලවේග රජයේ ඇමතිවරුන් භාර නොගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
එක ඇමති බංගලාවක් පමණක් දැනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබාදි ඇත
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
208
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති බංගලා ඉල්ලන ලැයිස්තුව ජනපතිට
de silva berlin Monday, 23 June 2025 04:55 PM
බංගලා අවශ්‍ය නැතිනම් , ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවල විකුණලා දමලා රජයේ ණය බර අඩු කරගන්න , තිබෙන ණයවලට දිනපතා පොලිය වැටෙන බවත් ඒවා මුළු මුදලට එකතුවෙලා වැල් පොලියක් හැදෙන්න බවත් අමතක කරන්න එපා.