
(සුජිත් හේවාජුලිගේ )
ඇමැති බංගලා වසා දමා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් ස්ථිර තීරණයකට පැමිණ නැතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් එම බංගලා දවසින් දවස ජරාවාස වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇමති බංගලා වලට අමතරව පසුගිය කාලයේදී වසා දමා තිබූ ගොඩනැගිලි කිහිපයක් සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලය ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය එම ගොඩනැගිලි කාලයක් රජයේ නිලධාරීන් පාවිච්චි කළ ඒවාවේ.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ළඟදීම තීරණයක් ගනු ඇති බවයි.
ඒ බංගලා ඇතුළු ගොඩනැගිලි සම්බන්ධයෙන් සියලු වාර්තා භාරදී අවසන් බවද ඔහු සඳහන් කළේය. එසේම ඇමැති බංගලාවල යම් යම් අලුත් වැඩියා කිරීම් කරන බව අමාත්‍යවරයා පැවසීය. මේ අතර ඇමැති බංගලා ලබාදෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පනහකට වැඩි ප්‍රමාණයක් ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. කොළඹ නගරයේ ඇති ඇමැති බංගලා සංඛ්‍යාව පනස් පහකි.
COMMENTS
වවුල්ලුන්ට දොස් කියල වැඩක් නෑ. හැකි ඉක්මණින් ප්‍රයෝජනවත් වැඩකට යොදන්න.
බුහ හා , මේ තමා රජයේ කාර්යක්ෂමතාවය, අවුරුද්දක් ගිහිල්ලත් කෙරුණු දෙයක් නැහැ. දැන් ඔය නිවාස අලුතෙන් පේන්ට් කරලා කැඩුණු බිඳුණු තැන් හදලා දෙන්නත් තව මුදල් යනවා. නිල නිවාස දුන්න නොදුන්නා කියල වියදමේත් අඩුවක් නැහැ.
මේ රජයට මිනිස්සු වැඩිදෙනෙක් ආදරෙයි. කරුනාකරල මේ සල්ලි උල්පත් පාවිචිචායට ගන්න, මේව විෂේස නවාතාගැන් විදියට සංචාරකයන්ට ලබා දෙන්න කටයුතු කරන්න. සංචාරකයන් ගෙන්වන ජෝන් කීල්ස්, අයිට්කන් ස්පෙන්ස් , වගේ ආයතනවලට බදු දෙන්න, කාලය නාස්ති කරන්න එපා.
මෝඩ හරක් රැලක් රට පාලනය කරනකොට මෙහෙම වෙනවා.
ජනාධිපතිතුමාගේ අවධානයට
වවුල්ලූ හිටීයට කමක් නැහැ. රටේ ජනතා බදූ මුදල් කන්නේ නැතුව...
මේ කතාව වැරදියි .ඇමති බංගලා අයිති එක්කෝ රාජ්‍ය පරිපාලනය අමාත්‍යාංශයට එහෙමත් නැත්නම් අදාල අමාත්‍යාංශට, ඒනිසා ඒවායේ භාරකාරත්වයට හා නඩත්තු ගැන හොයා බලන්න සේවකයන් පත් කරලා තියෙනවා. ඒ නිසා ඒවා පරිහානියට පත් වෙන්න විදියක් නැහැ. කොහොම උනත් ඉක්මනින් තීරණයක් ගන්න එක හොදයි.
කොහොමත් ඔය බංගලාවල හිටියේ පාට පක්ෂ මාරු කර කර රටේ රිරිමංශ උරාබීපු වවුල්ලො ටිකක් තමා.
70 දශකයේ අග, හොඳ සංචාරක මර්මස්ථාන වල තිබුණු රජයට අයත් රෙස්ට් හවුස් ටික, කරගෙන යන්න බැරි වුණු නිසා ඒවා කරන්නේ පුද්ගලික අංශය විසින්, මේවා ඉදිරියටත් රජය සතුව තිබුනොත් ඉදිරියට එන රජයක් යටතේ හෝ මේ රජයක් යටතේ නැවත මේවා ඇමති නිවාස ලෙස භාවිතා කරන්න සහ එමගින් විශාල මුදල් නාස්තියක් කරන්න තිබෙන ඉඩ මේවා විකුණා දැම්මොත් එම ඉඩ ප්‍රස්ථාව සම්පුර්ණයෙන්ම නැතිවෙලා යනවා , අපෙන් දැන් වක්‍ර බදු සහ ඍජු බදු යන බදු වර්ග දෙකම මහා පරිමාණයෙන් අය කරනවා , අපේ බදු මුදල් වලින් , ගුවන් සමාගම්වල පාඩු පියවන එකට , වවුල්ලු ඉන්න ගෙවල් නඩත්තු කරන එකට , සේවකයන්ගේ සහ පාලන අධිකාරියේ දුෂණ හොරකම් නිසා පාඩු ලබන සිනි කම්හල් , විදුලිබල මණ්ඩල , තැපැල් දෙපාර්තමේන්තු නඩත්තු කරන එකට විරුද්ධ වෙමු...
පුද්ගලික ආයතන ඉල්ලීම් කරලා තියෙනවානම් ඔවුන්ට බද්දට හරි කුලියට හරි දෙන්න පුළුවන්. අලුත්වැඩියා කටයුතු වලට සල්ලි නැතිනම් ගන්න කෙනාට එම ගොඩනගිල්ල රජයේ අධීක්ෂණය යටතේ අලුත්වැඩියා කරලා රජයට ගෙවන අත්තිකාරම් මුදලින් අඩු කර ගන්නටයි තියෙන්නේ. මේ ගොල්ලන්ට ඒකත් තේරෙන්නේ නැද්ද?”