IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඇමති ප්‍රසන්නගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලාල්.එස් කුමාර)

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  කැලණිය ප්‍රාදේශීය  කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට  යාමේ අපේක්ෂාවෙන් දිප්පිටිගොඩ 6 කනුව ආසන්නයේ රැඳී සිටි බවට පැවසෙන  තිදෙනකුට අද 25 සවස යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තිදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තරංග නැමැත්තා ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් එහිදී ඔහු සමඟ රැඳී සිටි දෙදෙනාටද වෙඩි වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කැළණිය පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

තරංග නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන කලක් රිමාන්ඩ් බාරයේ සිට 2021 වසරේ දී අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයකු බවට ද තොරතුරු හෙළිවී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ රැස්වීමට යෑමට ඔහුගේ මිතුරන් දෙදෙනකු සහ තවත් කිහිප දෙනකු එනතෙක්  රැඳී සිටි අතරවාරයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු  ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමඟ දිවි බේරා ගැනීම සඳහා දිව යද්දී පසුපස පන්නාගෙන ආ වෙඩික්කරුවන් යළි යළිත් වෙඩි තබා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

හිස් උණ්ඩ පහළොවක් පමණ අවට විසිරී තිබී පොලිසියට හමුවී ඇත.

එක් අයකු දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට වසර කිහිපයකට පමණ ඉහත දී බිරිඳ සහ දරුවන් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවද පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට තිබේ.

මොහු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කියන රැස්වීමට සහභාගිවීමට යාමට දිප්පිටිගොඩ ප්‍රදේශයට පැමිණ සිට ඇතැයිද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගිය අය ගැන තොරතුරු තවම පොලිසියට ලැබී නොමැත.

-----------------------------------------------------------------------------------------

(ලාල එස් කුමාර සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කැලණිය දික්පිටිගොඩ  සිදු වූ වෙඩි තැබීමකින් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.

වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ වෙඩිතබා පලාගොස් ඇතැයි පොලීසිය කියයි.



අදහස් (11)

ඇමති ප්‍රසන්නගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි

Siri Monday, 26 June 2023 01:10 AM

මී කඩන්නේ අත ලෙව කන්න නෙවේ කීවලු. මේ වගේ මිනිස්සු රැස්වීම් වලට යන්නේ කතා අහන්න වෙන්න බෑ නේද ?

:       2       23

Demuni de Silva Monday, 26 June 2023 03:59 AM

මැතිවරණ සඳහා පෙර සූදානම් කළ හෝ සංවිධානාත්මක "නාට්‍ය"?

:       2       21

ප්‍රේමකුමාර Monday, 26 June 2023 06:52 AM

සරලව කියනවා නම් ඇමතියා කුඩු ජාවරම්කාරයෙක්.

:       3       32

Purohitha Monday, 26 June 2023 07:22 AM

එල්ටීටීඊ ය නැවත පණ ගැන්වීමට උත්සාහ කරන ඩාවුඩ් සමඟ සම්බන්ධතා ඇති පාකිස්ථානයේ මැර කල්ලියක් වන හාජි සලීම්: -හින්දුස්ථාන් ටයිම්ස් නිලධාරීන් -

:       3       6

Bunny Preena Monday, 26 June 2023 09:28 AM

මොනවා හරි පරණ කෝන්තරයක් මෙම සිදුවීමට හේතුවක් වෙන්න පුළුවන්

:       2       10

Asanga Monday, 26 June 2023 09:45 AM

තවත් ඩ්‍රාමා එකක් මේ සතිය ගත කරන්න .පාතාලයට රැකවරණය දෙන්නෙත් මේ වගේ දේශපාලක අපතයෝ ටික තමයි

:       1       24

kakille Monday, 26 June 2023 10:24 AM

ප්‍රසන්න මහතා මත කුඩු ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පවත්වන බව ඔප්පු වී ඇති බැවින් එතුමාටමද මිරිස් කුඩු ප්‍රහාරයක් හෝ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් කැලණියේ ඝාතන සංස්කෘතිය අවසන් කල හැක

:       2       24

sena Monday, 26 June 2023 10:44 AM

පේනවා නේද ඇමතිතුමාගේ ගෝලයෝ

:       1       13

Samitha Senaka Aluthgamage. Monday, 26 June 2023 11:44 AM

මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වනවා ඇතැයි අනුමාන කරන්න පුළුවන් නේද ? පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගසා නරුමයන් මෙන් හැසිරෙන්නන් ගැන තවත් කතා කුමටද ? කව්රු කෙසේ කීවත්,රට හදන්න කලින් පාර්ලිමේන්තුව හදාගත යුතුව පවතී.කකුළුවන් ඇදේට යන ගමන් අන් අයට කෙලින් යන්න යැයි පැවසෙන නිසරු වදන් වලින් වැඩක් නැහැ නේද කියලා හිතෙනවා.

:       2       11

නිහාල් Monday, 26 June 2023 11:46 AM

ඊයෙ පෙරේදා ඉඳලා පටන් ගත්ත පාතාල වෙඩි තැබීම් අවසාන කරන්න දේශබන්ධු පොලිස්පති කරමු.

:       2       4

Rata Perata Monday, 26 June 2023 11:54 AM

මේ වගේ ගෝලයන් නෙමෙයි ,කුඩු වෙළඳාම් කරන ,කප්පම් ගන්න ,අරක්කු වෙළඳාම් කරන .තැබෑරුම් කරන ,මාල කඩන වගේම සැකකාරයෝ කියලා හිතාගෙන කයිවාරු ගහන උන්ටම ඉලක්ක කරානම් තමයි හොඳ

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2213 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site