IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇමැති පුතා යළි රිමාන්ඩ්

ස්කොට්ලන්ඩි ජාතික ඉංජිනේරුවකුට කොළඹ සමාජ ශාලාවකදී පහර දුන් බව කියන මාලක සිල්වා යළි ලබන 25 තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා අද (18) නියෝග කළේය.

විදේශිකයාගේ පෙම්වතිය රෝහලේ සිටින හෙයින් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ නොහැකි බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

ඇය අධිකරණයට කැඳවන ලෙස විත්තියෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කළේය.මෙම සිද්ධියේදී හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සමඟ එක්වී විදේශිකයා හා ඔහුගේ පෙම්වතියට පහරදුන් බව කියන හය දෙනා අද(18) උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.

මර්වින් සිල්වාගේ ඇමැති ආරක්ෂකයෝ දෙදෙනෙක් ද ඒ අතර වෙති.

ඊළඟ නඩු දිනයේදී ඉංජිනේරුවරයා හෝ ඔහුගේ පෙම්වතිය නොපැමිණයහොත් හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා කීවේය.

 

 

 

 



අදහස් (0)

ඇමැති පුතා යළි රිමාන්ඩ්

ජයසෝම වෙල්ලම්පිටිය Tuesday, 18 November 2014 12:32 PM

සි සි ටිවී කැමරා වලින් සිද්ධිය හොඳින් පෙනෙනවානම් සහ සමාජ ශාලාවේ සිටි අයගේ සාක්කි තිබේනම්, මොන හඳුනා ගෙනිමේ පෙරේට්ටුවක්ද ? (ර)

:       0       0

නන්දලාල් Tuesday, 18 November 2014 11:50 PM

මාලක දැන්වත් පාඩමක් ඉගෙනගනීද මන්දා (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 18 November 2014 06:59 AM

"ඊළඟ නඩු දිනයේදී ඉංජිනේරුවරයා හෝ ඔහුගේ පෙම්වතිය නොපැමිණියහොත් හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා කීවේය". ...ලංකාවේ නීතියේ පිහිට පතන්න ගිහින් ඉල්ලන් කන්න,මැරුම් කන්න මොන යකාද කැමති වෙන්නේ. සුබ අනාගතයක්. (නදී)

:       0       0

චන්දන Tuesday, 18 November 2014 07:12 AM

මෙව්වා ඔක්කොම බොරු වැඩ. ටික දවසකින් නිදොස් කොටම නිදහස් කරයි. ඡන්දෙ නිසා තමයි ඔය සෙල්ලම් ආණ්ඩුව දාන්නේ. මේවට අහුවෙන මිනිස්සු තාමත් ඉන්නවා (නදී)

:       0       0

ජගත් Wednesday, 19 November 2014 02:15 AM

එයා කවදත් ඔහොම තමයි. රටම දන්නවනේ එයාගේ හැටි (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 18 November 2014 07:40 AM

ඉක්මනට මේවයේ බේරුමක් කරලා ඔය විදේශිකයන් දෙපලව අපේ රටෙන් පිටත් කරන්න බලන්න.(හේ)

:       0       0

සත්‍යයා Wednesday, 19 November 2014 02:44 AM

මෙයා මෙපමණ කල් බේරී හිටියේ කොහොමද කියන එක විසඳාගන්න වෙනමම පරීක්ෂණයක් කරන්න වෙයි (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 18 November 2014 05:31 PM

ජයසෝම, මේක ශ්‍රී ලංකාව (නි)

:       0       0

රුවන් Wednesday, 19 November 2014 04:22 AM

මාලක විතරක් නොව හරියට පරීක්ෂණ කලොත් ඉන්දියාවේ වගේ අපේ පාර්ලි මෙන්තුවෙන් හතරෙන් තුනක්ම ඇතුලේ ජීවිත කාලෙටම(අ)

:       0       0

කින් බෙනට් Tuesday, 18 November 2014 05:55 PM

සීසීටීවී කැමරා දර්ශන අනුව පරීක්ෂා කළොත් වැරදිකරුවා කවුද කියන්න සුදු කතට ඔහුව පෙන්වන්න ඕනෑ වෙනවාද? (නි)

:       0       0

ඇසිලින් නෝනා Tuesday, 18 November 2014 05:12 AM

කෙක්..කෙක්...කෙක්...කෙසෙල් ගහකට කෙටුවද පුතේ. (නදී)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Tuesday, 18 November 2014 06:53 PM

වැඩිකල් යන්න කලින් කාගෙන් හරි වෙඩි කාලා මැරෙනවා (නදී)

:       0       0

අමන්දා Tuesday, 18 November 2014 07:20 PM

රටේ වැදගත් අහිංසක හැදුනු ගති ඇති පුතනුවන් සිටියදී බේබද්දන් ගැන ප්‍රවෘති පල නොකරන්න (නදී)

:       0       0

චන්න Tuesday, 18 November 2014 05:40 AM

නොඑන්න හේතුව හිතා ගන්න පුළුවන්. මේකත් ඉතින් අර මම මාවම බැඳ ගත්ත නඩු ගොඩටම වැටේවි. (නදී)

:       0       0

ලියොන් ගුනවර්දන Tuesday, 18 November 2014 05:40 AM

ගරු අැමති තුමාගේ හිතුවක්කාර පුතා ගෙදර පැමිණිවිට ගස් බැඳ වේවැල් පහරක් දුන්නොත් නරකද ? (නදී)

:       0       0

සරත් Tuesday, 18 November 2014 05:47 AM

අයියෝ සෙනසුරු මාරුවයි, ඡන්දෙයි දෙකම එකට ආවනේ. පව් අහිංසකයා. (නදී)

:       0       0

ජානක Tuesday, 18 November 2014 05:48 AM

මේකත් නඩුව ඉල්ලා අස් කරගන්න තැනට සිද්ධ වෙයි වගේ (නදී)

:       0       0

කුමාර් Tuesday, 18 November 2014 05:48 AM

අප්පා කලදේ පුතා නොකොළොත් ඌ නොට්ටිගේ පුතා කියාලා කියනවා. (නදී)

:       0       0

රොහාන් Tuesday, 18 November 2014 05:53 AM

මෙයාව එළියට දැම්මොත් ජනාධිපතිවරණය පරදිනවා සිකුරුයි.අපි නම් ඡන්දෙ දෙන්නෙ නැහැ (නි)

:       0       0

ජොනතන් Tuesday, 18 November 2014 06:02 AM

පිටපත ලස්සනයි, හැබැයි තාත්විකව රඟපාන්න බැරිවෙයි කට්ටියට. මොකද දැන් ජනතාව එච්චරම මෝඩ නැහැ. (නි)

:       0       0

දිලීප Tuesday, 18 November 2014 06:27 AM

මම මටම ගහගත්තා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site