
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපායට ගෙන ගිය අවස්ථාවේ අමාත්‍ය කාමරයේ එල්ලීමට එච්.එස් සරත් ලවා තමා සිතුවම් කරගත් සැළලිහිණි සංදේශය පිළිබිඹු කරන විශාල චිත්‍රය දැන් අමාත්‍යංශයෙන් අතුරුදන් වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දිනෙක විශාල මුදලකට එම චිත්‍රය අළෙවි කළ හැකි නිසා එය කවුරුන් හෝ ගෙදර ගෙනිහින් තියා ගෙන ඇති යැයි ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතාගේ 50 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍ර ප්‍රදර්ශනය නරඹන අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි පාසල් දැරියන් දෙදෙනකු මෙරට අධ්‍යාපන ක්‍රමය සකස්විය යුතු ආකාරය පිළිබඳ සම්පාදනය කරන ලද සැලැස්මක් ද ජනාධිපතිවරයාට පිළිගැන්වීය.


2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමති කාලෙ ජනපති අන්දවාගත් සිතුවමක් ඉසුරුපායේදී අතුරුදන්
sam Friday, 18 November 2022 12:52 PM
මහ බැංකුවත් හොරාකාල නිදහස් උන ඒකේ ඔව මොනවද.
sharm warn Friday, 18 November 2022 01:39 PM
ආ. . අර අරගලයට ආපු කට්ටිය ගන්න ඇති. . එයාල රජ ගෙඩරටත් හරියට හානි කලාලු නෙ. . එක මහ ජාතික අපරාධයක් නෙ. . අනෙ මහ ලොකු කලා රසිකයා.. කලා රිට තමයි. .
janaka Friday, 18 November 2022 02:25 PM
ඒ වගේම පාර්ලිමේන්තුවේ 225ත් අන්දවලා රටේම ඉන්න කෝටි දෙකහමාරක් මිනිසුන්වත් අන්දවපු කෙනා...
sachith Friday, 18 November 2022 02:28 PM
කොමිටියක් පත් කරලා මේ ගැන හොයලා බලනවා කියලා කියන්නේ නැත්තේ, ශුවර් එකටම ගෙදර ගෙනිහින් ඇති මෙයාම...
de silva Friday, 18 November 2022 04:48 PM
රනිල්ගේ පින්තූරෙ ඇඳලා බිත්තියේ එල්ලුවා නම් කවුරුවත් හොරකම් කරන්නේ නැහැ...