IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමැති ඉරාන් සතියකට වරක් දුම්රියෙන් යයි

ශීඝ්‍රයෙන් දියුණු වන ලෝකයත් සමග ඉදිරියට යාමට තිඛෙන හොඳම ක්‍රමය වන්නේ නවීන තාක්ෂණික ක්‍රම සහ විධි එදිනෙදා කටයුතු වලදී හැකි උපරිමයෙන් භාවිතයට ගැනීම බව රාජ්‍ය ව්‍යවසාය හා කර්මාන්ත අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  ව්‍යවසායකයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදීය.

නගර සංවර්ධනයට හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනයට තාක්ෂණය වැදගත් වන ආකාරය සම්බන්ධයෙද හෙතෙම පැහැදිලි කළේය.

දැකුම්කළු නගර (‘ස්මාර්ට් සිටි’) සංකල්පය ශ්‍රී ලංකාවේ නගර වලට හඳුන්වාදිය යුතු බව කී  අමාත්‍යවරයා ඉන් අදහස් කෙරෙන්නේ නගරයක රථවාහන පාලනය  ,සන්නිවේදනය ,අපද්‍රව්‍ය කලමණාකරන කටයුතු ආදිය නවීන තාක්ෂණික විධි භාවිතාකර කාර්යක්ෂම කර ඇති කිරීම බව පැවසීය.

එවන් නගර සදහා උදාහරණ ලෙස දකුණු කොරියාවේ සෝල් අගනුවර,ඇමරිකාවේ නිව්යෝරක් නුවර හා වොෂින්ග්ටන් නුවර,බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ නුවර ආදිය ඔහු ගෙනහැර දැක්වීය.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගැනද විශේෂයෙන් සඳහන් කළ වික්‍රමරත්න මහතා පසුගිය රජය ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීමේ අරමුණින් සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කර ඇතත් ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බව පැවසීය.

සංවර්ධන ව්‍යාපෘති කි්‍රයාත්මක කිරීමෙන් පමණක් ප්‍රවාහන ගැටලූවට පිිළියම් සෙවිය නොහැකි බව කියා සිටි අමාත්‍යවරයා ඒ සදහා දැක්මක් අනුව කටයුතු කළ යුතුව තිඛෙන බව කිීය.

දුම්රිය සේවය කාර්යක්ෂම කිරීමේ හා එහි පහසුකම් වැඩිදියුණු කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්හ.

‘මම සතියකට සැරයක්වත් මොරටුවේ සිට දුම්රියෙන් කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ මගේ කාර්යාලයට එනවා.මාර්ගයෙන් එනවානම් පැය 2 ක් පමණ ගතවන ගමනට දුම්රියෙන් ගත වෙන්නේ විනාඩි 40 ක් පමණි. නමුත් දුම්රියේ තිබෙන පහසුකම් ගැන සෑහීමකට පත්වෙන්නට බැහැ. තදබදය දැරිය නොහැකි තරම්.කාන්තාවන්ට විදින්නට සිදුව තිබෙන ගැටලූත් එමටයි.’ අමාත්‍යවරයා පැවසීය.

ලෝකය සමග තරග කළ හැකිවන සේ ශ්‍රී ලංකාව දියුණු කිරීමට වත්මන් රජය සැළසුම් රැසක් සකස් කර තිඛෙන බවත් ඒවා ඉදිරියේදී කි්‍රයාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.

රටේ සංවර්ධන කටයුතු වලදී සෑම විටම මධ්‍යම රජය මතම නොයැපීල රාජ්‍ය ආයතන හා මහජනතාව එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට එක්විය යුතු බව ඔහු කියා සිටියේය.

 



අදහස් (0)

ඇමැති ඉරාන් සතියකට වරක් දුම්රියෙන් යයි

දුමින්ද Tuesday, 15 December 2015 06:19 AM

දුම්රිය ගොඩ ගැනීමෙන් රටම ගොඩ (ම)

:       0       0

සේන Tuesday, 15 December 2015 01:23 AM

බොහොම හොඳ කතාවක් (නි)

:       0       0

නිවන්තක Tuesday, 15 December 2015 02:55 AM

අපි බලමුකෝ... (නි)

:       0       0

ආනන්ද Monday, 14 December 2015 01:51 PM

මේ වගේම පොදු ප්‍රවාහන පද්ධතියත් දියුණු කරොත් දියුණු රටවල වගේ බොහෝ අය බස්රථවල දුම්රිය රථවල ගමන් බිමන් යයි කියා මා සිතමි. (ර)

:       0       0

වරුණ Tuesday, 15 December 2015 03:26 AM

ප්‍රධාන දුම්රිය ස්ථාන ආසන්නයට බස් නැවතුම් ගෙන ආ යුතුයි. එවිට මිනිසුන්ගේ මඟට ගෙවන කාලය ටිකක් හෝ අඩුවෙනවා (නි)

:       0       0

සංජය Tuesday, 15 December 2015 03:52 AM

දෙවිදුන් ඔබට ආශිර්වාද කරත්වා........! (ම)

:       0       0

වසන්ජය Tuesday, 15 December 2015 11:16 PM

ලංකාවේ දුම්රිය දුම්රහිත කිරීම කාලීන අවශ්‍යතාවයක් යැයි මම සිතමි (නි)

:       0       0

දිල්කි Tuesday, 15 December 2015 04:33 AM

දුම්රිය සේවය නගා සිටුවීම කඩිනමින් කළ යුතුව ඇත. කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ පැමිණෙන මගීන්ට දුම්රිය මාරු වීමකින් තොරව මුහුදුබඩ දුම්රිය මාර්ගයටද ප්‍රවේශ විය හැකි ලෙස දිගු කිරීමෙන් හයිලෙවල් මාර්ගයේ බස් රථ ඔස්සේ කොල්ලුපිටිය බම්බලපිටිය, වැල්ලවත්ත දෙසට යන මගීන්ට එක් දුම්රියකින් අඩු කාලයකින් සිය ගමනාන්ත වෙත යාමට අවස්ථාව උදා කර දෙන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site