(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (20 )දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් දසදෙනකු මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර,ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා,ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ,ටිරාන් අලස්, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද,සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු ,මනුෂ නානායක්කාර යන මහත්වරුන් මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.
නිමල් සිරිපාල ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද, මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද , සුසිල් ප්‍රේම ජයන්ත මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ද ,විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස ද , ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස ද දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ,අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන අතර,ඉන් සිවු දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.
ඉතිරි හත් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් පත්කරනු ඇතැයි දැනගන්නට ඇත.
ඔවුන් ඉදිරි දිනකදී දිවුරුම්දීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
මේ අතර ,රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමති 10ක් හෙට දිවුරුම් දෙති