
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
එසේම විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහාද ඇමැති බංගලා ඉල්ලා ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
දැනට ඇමැති බංගලා ඉල්ලීම් කර අැති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට අසන්නය.
මේ සම්බන්ධයෙන් අප අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ඇමැති බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවයි.
මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
ඔය ඇමති බංගලා ජනාධිපති මන්දිර වැනි දේවල් තිබුන කියල රජයට බොහෝවිට වටිනාකමට සරීලන ආදායමක් නොමැති අතර ඇත්තේ වියදම් පමණි , ඔය මන්දිර තුල රජයේ මැදි හත්විමෙන් සංචාරක වියපර කරගෙන ගියොත් අවසානේ සිදු වෙන්නේ ඊට වැඩිය වියදමක් සහ නාස්තියකි, රජයට සංචාරක හෝ වෙනත් වියපර කල නොහැක , එහෙම පුළුවන්කමක් තිබෙනවා නම් ලංකාව පුර තිබෙන රෙස්ට් හවුස් වලට මේ ඉරණම අත්වෙන්නේ නැත , හැකි හොඳම දෙය ඔවා නිසි ක්‍රියාපටිපාටියක අනුව ලන්සු කැඳවා ප්‍රසිද්ධ වෙනේදෙසියේ විකුණා දමන එක එහෙම නැතිනම් වසර 5-10 වැනි දිර්ගකාලින බදු දෙන එක , එහෙම කර ලැබෙන මුදල් රජයේ අදායම් වියදම් පරතරය අඩු කිරීමට යොදා ගන්න එක , රජයේ අද දිනක වියදම් රුපියල් බිලියන 7 කි අදායම බිලියන 5 කි , පාඩුව බිලියන 2කි ,
ඉහළම කුලියක් ලැබෙන විදියට දීල රජයට ආදායමක් ලබාගන්න. හරිනම් මෙතන වැලපෙන පරාජිතයො මේවටවත් හොඳක් කියන්න ඕන.
විශ්ව විද්‍යාල නේවාසිකාගාර වලට මේ බංගලා දුන්නොත් ඊළඟ ආත්මෙ ඒව ජනාධිපති බංගලා වෙලා ඉපදෙනවා - පව් ගෙවල ඉවරවෙන හින්දා.
තානාපති බංගලා ලෙස දීමනම් වඩාත් හොඳ වැඩක් .
තනාපති බංගලා විදියට දෙන එක වඩාත් හොදයි. එක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය වැඩි වෙනවා වගේම රටට ඩොලර් ටිකක් හරි එනවා. ඒවා නඩත්තුවත් ඒ රටවල්මයි කරන්නේ. රජයට බරක් නෑ. විශ්වවිද්‍යාල නේවාසිකාගාර සඳහා වෙනත් ස්ථානයක් දුන්නට කමක් නෑ. හැබැයි හෙට අනිද්දා කැම්පස් දේශපාලන කරන අයත් පාරට බහයි අපිට කොළඹ 7 බංගලා දුන්නේ නෑ සුද්දට වැඩි කුලියකට දෙනවා අරවා මේක කියලා.
ඔක්කොම ඇමැති බංගලා විදේශ තානාපති කාර්යාල වගේ රාජ්‍ය ආයතන හෝ වැදගත් වටිනාකමක් ඇති ආයතන වලට බදු දුන්නනම් හරි. ඒ ගොඩනැගිලිවල ආරක්ෂාවක් තහවුරු වෙනවා අයිතියත් තහවුරු වෙනවා. ඒවායේ ආදායම රජයට එනකොට නාකි මයිනට ඉබේටම එයාගෙ බංගලාවෙනුත් කියන්න හිතේවි.
ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු දූෂිත දේශපාලුවෝ කොහොම සැපක් වින්දින්ඩ ඇද්ද?
ඕවා අනිවාර්යයෙන් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවලා විකුණලා දමන්න. බදු දෙන්න එපා. එම මුදලින් අපේ ණය ටිකක් ගෙවලා දමන්න. එහෙම නැතිනම් ලංගමට බස් ටිකක්, රෝහල් වල බෙහෙත් නැතුව ජීවිතයත් මරණයත් අතර සටනක් දෙන පුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීම වැනි දෙයක් කරන්න. ඔය මන්දිර අනවශ්‍ය දේවල් ආණ්ඩුව මාරු වුනොත් අලුත් ආණ්ඩු කිසිම හිරිකිතයක් නැතුව මේවා ඇමැති නිවාස, ජනාධිපති මන්දිර ලෙස නැවත භාවිත කරනවා අනිවාර්යයෙන්, ඉන්පස්සේ ඕවාගේ නඩත්තු වියදම් දරන්න වෙන්නේ ජනතාවට, ඕවා ජාතික වස්තු නොවේ. අපේ කරට වැටුන උර චක්‍ර මාල...